මුල් කාලීන ක‍්‍රිස්තියානි සංකේත

මූලික සංකේත

මුල් කාලීන ක‍්‍රිස්තියානි පල්ලිය විසින් මූලික සංකේත බහුල ලෙස භාවිත කරන ලදී. ජලය කිතුනුවන්ට විශේෂ සංකේතාත්මක වැදගත්කමක් දැරීය. බෞතීස්මයට අමතරව ජලය යනු පිරිසිදු කිරීම හෝ පාරිශුද්ධභාවය හඟවන්නක් විය. ගින්න, විශේෂයෙන්ම ඉටිපහන් දැල්ල, ශුද්ධාත්මය සහ ආලෝකය සංකේතවත් කළේය. මෙම සංකේත වල මූලයෝ බයිබලයෙන් පැමිණි ඒවාය. උදාහරණයක් ලෙස අග්නි ජිහ්ව යන්න පෙන්තකොස්ත ශුද්ධාත්මයන් වහන්සේව සංකේතවත් කරන අතර අනුගාමිකයෝ ආලෝකය පසුපස යන්නෝ ලෙස සැලකීම් හෝ දෙවියන් ගින්න අනුභව කරයි වැනි වදන් පෙළ හෙබ්‍රෙව් 12 හි හමුවේ.

මත්ස්‍යයා Main article: Ichthys

මුල් කාලීන ක‍්‍රිස්තියානි සංකේත අතර මත්ස්‍යයා ට වැදගත් තැනක් හිමිවේ. සොහොන්කොත් වැනි ස්මාරක වල මුල් කාලීන ක‍්‍රිස්තියානියට සමීප වූ මත්ස්‍ය සලකුනු දැකිය හැක. දෙවන සියවසේ පළමුවන දශකයේ පමණ මත්ස්‍යයා ක‍්‍රිස්තියානි සංකේතයක් ලෙස භාවිත විය. මත්ස්‍යයා විසින් උත්ථානයෙන් පසු ගලීල මුහුදු වෙරළෙහි අනුගාමිකයෝ සත් දෙනාහට භෝජන පිණිස හාස්කමකින් පාන් සහ මසුන් ගුණනය වීම සංකේතවත් කරනු ලැබීයැයි සිතිය හැක.

සොහොන් පින්තාරු මුල් කාලයේ සිටම කිතුනුවෝ තම උමං සොහොන් ජේසුස් වහන්සේ ගේ ශාන්තුවරයන්ගේ හා බයිබල් සිදුවීම් වල චිත‍්‍ර වලින් පින්තාරු කළෝය. උමං සොහොන් සියලූ කිතුනු කලාවන්ගේ තොටිල්ලයි. මුල් කිතුනුවන්ට ප‍්‍රතිමා හෝ රූප පිළිබඳ කිසිදු ප‍්‍රශ්නයක් නොතිබුණු බව සෑම කිතුනු පුරාවිද්‍යා සිසුවකුම පාහේ ප‍්‍රකාශ කරයි. පළමු සියවසේ සිට පැමිණෙන ප‍්‍රතිමා මේ මතය සනාථ කරයි පළමු සියවසේ දෙවන භාගයේ සිට මහා කොන්ස්ටැන්ටින් දක්වා වූ කාලයේ ඔවුන් සිය මලවුන් වලදමා භුගත කුටීර වල චාරිත‍්‍ර ඉටුකළෝ ය. කිතුනු සොහොන්බිම් පාම් ගස්, මොනරු, යහපත් එඬේරා ලෙස හෝ ශාන්තුවර අතර හිඳගෙන සිටින යේසු තුමන් ගේ චිත‍්‍ර වලින් අලංකරනය කර තිබේ. ඇතැම් විට නව තෙස්තමේන්තුවේ සිදුවීම් ද මේ අතර දැකිය හැක. අනෙකුත් කිතුනු සංකේත අතර ශුද්ධාත්මයන් සංකේතවත් කරන පරෙවියා, කි‍්‍රස්තුස් වහන්සේ ගේ පරිත්‍යාගය සංකේතවත් කරන බිලිදීමට නියමිත කොටළුවා, වයින් සහ තවත් බොහෝ දැ ඇත. මේ සියල්ල නව තෙස්තමේන්තුවෙන් උකහා ගත් සංකේත වේ.


කුරුසිය සහ කුරුසි සුරුවම

කුරුසි සුරුවම හෙවත් සිරුරක් රැඳි කුරුසිය මෙය ඇන්ග්ලිකන් වාදයේ ලූතර්වාදයේ හා රෝමානු කතෝලක සමයේ සංකේතයක් ලෙස භාවිත වුවද කුරුසය පමණක් භාවිත කරන ප්‍රොතෙස්තාන්තිකයන්ගෙන් වෙනස් වේ.

අද ලොව බහුලතම සංකේත වලින් එකක් වන කුරුසිය මුල් කාලයේ සිටම කිතුනුවෝ භාවිත කළෝය. තුන්වන සියවස අවසානයේ හෝ හතරවන සියවස මුල් භාගයේ පමණ මිනුෂියස් ෆිලික්ස් විසින් රචිත ඔක්ටේවියස් හි කිතුනු විරෝධී තර්ක වලින් මෙය සඳහන් වේ. එයට අනුව 211 ත් 216 ත් අතර මියගිය ඇලෙක්සැන්ඩි‍්‍රයායේ ක්ලෙමන්ට් කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව කුරුසිය හැඳින්වීමට දෙවියන්ගේ සංකේතය යන්න භාවිත කළ අතර එමගින් එය ජේසුස් වහන්සේ සමග එකල පවා සමීපව පැවති බව පැහැදිලි වේ. යුදෙව් විශ්වකෝෂය මෙසේ සඳහන් කරයි.

"කිතුනු සංකේතය හෝ මුද්‍රාව ලෙස කුරුසිය භාවිතය දෙවන සියවස තරම් ඈතකදී ආරම්භ විය. එසේම නලලේ සහ උරසේ කුරුසය සනිටුහන් කර ගැනීම යක්ෂබලවේගයන්ට එරෙහි ආරක්ෂාවක් ලෙස සැළකුණි. දෙවන සියවස තරම් ඉහතදී පවා කුරුසිය වන්දනාමාන කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේවගැතිවරු පිලිබඳව මිනුෂියස් ෆිලික්ස් ගේ ඔක්ටේවියා හා ටේටුලියන් ගේ ඇපොලොජියා වැනි කෘති වල සඳහන් වේ

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Christian_symbolism#Early_Christian_symbols