ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයින් පිරිසක් මිහිමතට සමනල කන්දට ගොඩ බැස්සේ ය. ඒ  බ්‍රහ්මයින්ගෙන් පිරිමි ඇද සිටියේ මුල් ඇදුමය. කාන්තාවන් ඇද සිටියේ බෝරිච්චි හැට්ට සහිත ඔසරියයි. මහා සම්මත මනු රජුද මෙම සම්පූර්ණ ඇදුමම ඇදි බව කියවේ. මෙය ඇදි විට දැනෙන ප්‍රෞඩ බව හා සිංහල අභිමානය ඉමහත් ය.

ලෝකයේ වැඩිම අංග ප්‍රමානයක් සහිත යාර 48 පමණ වූ වැඩිම රෙදි ප්‍රමානයක් අදින්නාවූ ඇදුම මෙයයි

මුල් ඇදුමේ මූලික අංග 16කි

සුදු තුන්පොට්ටිය

රතුතුන් පොට්ටිය

සොමනය

සුදු රැලි කලිසම

කවනිය විල්ලුද පපු හැට්ටය

විල්ලුද හැට්ටය

විල්ලුද බද පටය

මුලු 4 හිස්වැස්ම

මන්ද අවසාන සමයේ සිංහල සම්ප්‍රදායන් ඉතිරිව පැවතියේ උඩරට රාජධානියේ පමනි. අතීතයේ සිංහලේ යනවා යැයි ගමන් කලේද රජුගේ පාලන ප්‍රදේශයට යි. මේ නිසාවෙන් විදේශිකයන් යටතේ පැවති ප්‍රදේශවල ඔවුන්ගේ සංස්තිය බලෙන් පැටව්වද, සිංහල රජුගේ බලප්‍රදේශයේ ඒවා සුරැකිව තිබුණි. උඩරට ගිවිසුම අත්සන් කරන විට රට නියෝජනය කල සියල්ලෝම ඇද සිටියේ මුල් ඇදුමය. කාන්තාවන් නම් ඔසරියයි. 

මුල් ඇදුම ලොව පවතින වැඩිම උපාංග සංඛ්‍යාවක් පවතින ඇදුමයි. මෙය ඉතාම ප්‍රෞඩ ඇදුමකි. ඉන්දියාව මතක්වන විට තලප්පාව බැදි සික් ජනයා සිහියට එනවා සේම, අරාබිය මතක්වන විට දිගුලෝගුව මතක්වෙනවා සේම, සිංහලය මතක්වන විට මුල් ඇදුම හා ඔසරිය විදේශිකයින්ට සිහියට පැමිනිය යුතුය. ජාතික ඇදුම සෑම අවස්ථාවකම නොඇන්දාට ගැටළුවක් නැත. නමුත් ජාතික උත්සව වලදී අදින්නේ නම් එම උත්සවේ ගාම්භීරත්වය ඉහළ යන්නේ ය. මෙය අපගේ උරුමයකි. එයට හිමි ගෞරවය නැවත ලබාදීම අපගේ යුතුකමකි. 

"https://si.wikipedia.org/w/index.php?title=මුල්_ඇඳුම&oldid=543221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි