මිල්ලන්ගොඩ රාජා යනු ජීවත්ව සිටි සමයේදී ආසියාවේ දිගුම දළ සහිත ඇතා ලෙස සළකනු ලැබූ, ශ්‍රී ලංකාවේ විසූ හස්තියෙකු වේ.[1] 1945 වර්ෂයේදී, පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණමඩුව නවගත්තේගම ප්‍රදේශයේ වනාන්තරයකදී ග්‍රහණය කරගනු ලැබූ මෙම ඇතා පසුව කෑගල්ලේ මොලගොඩ විසූ එම්. ආර්. ඒ. මිල්ලන්ගොඩ අප්පුහාමි වෙතට අයත් විය.[2] වර්ෂ 40කට ආසන්න කාලයක් මුළුල්ලෙහි මහනුවර ඇසල පෙරහැරේ ගමන් කිරීමට සහ දන්ත ධාතූන් වහන්සේ සහිත කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිකරගැනීමටද මිල්ලන්ගොඩ රාජා හස්තියාට හැකිවිය.[3] වර්ෂ 2011 අගෝස්තු 3වන දිනදී හස්තියා මරණයට පත් විය.[4]

මිල්ලන්ගොඩ රාජා

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. චාල්ස් හාවිලන්ඩ් (4 අගෝස්තු 2011). "'ලෝන්ගස්ට් ටස්ක්ඩ්' එලිෆන්ට් ඉන් ඒෂියා ඩයිස් ඉන් ශ්‍රී ලංකා". බීබීසී නිව්ස්. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2011.
  2. ධනෙෂි යටිවර (7 අගෝස්තු 2011). "මිල්ලන්ගොඩ රාජා- ද මැජෙස්ටික් ටස්කර් දැට් වෝස්". සන්ඩේ ඔබ්සවර්. 2011-08-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 ඔක්තෝම්බර් 2011.
  3. "එලිෆන්ට් විත් ද ලෝන්ගස්ට් ටස්ක් ඉන් ඒෂියා ඩයිස්". සන්ඩේ ඔබසවර් ඔන්ලියින. 2011-08-14. 2011-08-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-09-24.
  4. "ඇන් එලිජි ටු මිල්ලන්ගොඩ රාජා". ඩේලිනිව්ස් ඔන්ලයින්. 2011-09-24. සම්ප්‍රවේශය 2011-08-21.
"https://si.wikipedia.org/w/index.php?title=මිල්ලන්ගොඩ_රාජා&oldid=592961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි