මියයන වහලා යනුවෙන් හැඳන්වෙන්නේ ඉතාලි පුනරුද යුගයේ කලා ශිල්පියකු වූ මයිකල්ආන්ජෙලෝ විසින් නිර්මාණය කරන ලද ප්‍රතිමාවකි. ක්‍රි.ව. 1513 සහ 1516 අතර කාලයේ නෙළන ලද මෙම මූර්තිය, කැරලිකාර වහලා නැමැති තවත් ප්‍රතිමාවක් සමග IIවන ජූලියස් පාප්තුමන්ගේ සොහොන්ගැබ තුළ තැන්පත් කිරීම වෙනුවෙන් නිමවූවකි.[1] කිරිගරුඬ ප්‍රතිමාවක් වන මෙය මීටර 2.15 (7' 4") ක උසකින් යුක්ත ය. වර්තමානයේ මෙය පැරීසියේ ලූවර්හි ප්‍රදර්ශනයට තබා ඇත.

මියයන වහලා

1976දී කලා ඉතිහාසඥ රිචඩ් ෆ්ලයි ලියන ලද්දේ එමගින් "කෲර අයුරින් මරණයට පත්වීමට පෙර යටත් වූවකුගේ දිවියේ මොහොතක්" නිරූපණය වන බවයි.[2] කෙසේනමුත් චාල්ස් රොබට්සන්ගේ The Slave in European Art නැමැති මෑතකාලීන වෙළුමක සඳහන් කොට ඇත්තේ මියයන වහලා මගින් පුනරුද සමයේ ඉතාලියේ පැවති සැබෑ වහල්මෙහෙය නිරූපණය වන බවයි.[3]

මියයන වහලා ප්‍රතිමාවේ අනුරූ දොළහක් පැරීසියේ 12වන ඇරොනස්ඩිස්මන්ට් පොලිස් ස්ථානයේ උඩු මහලේ තබා ඇත. Art Deco ශෛලියෙන් යුතු වුවත්, මෙම ගොඩනැගිල්ල සැලසුම් කරන ලද්දේ 1991දී මැනෝලෝ නුනෙස්-යැනොව්ස්කි සහ මිරියම් ටෙයිටෙල්බෝම් යන වාස්තු විද්‍යාඥයින් විසිනි.[4][5]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. පැනොෆ්ස්කි, අර්වින්. "The First Two Projects of Michelangelo's Tomb of Julius II". The Art Bulletin, වෙළුම 19, අං. 4, දෙසැම්බර් 1937. පිටු. 561–579.
  2. ෆ්ලයි, රිචඩ්. Shakespeare's Mediated World. ඇම්හර්ස්ට්, MA: මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1976. පි. 30.
  3. චාල්ස් රොබට්සන්, "Allegory and Ambiguity in Michelangelo's Slave", The Slave in European Art: From Renaissance Trophy to Abolitionist Emblem තුළ, සංස්. එලිසබෙත් මැක්ග්‍රාත් සහ ජීන් මිචෙල් මැසිං, ලන්ඩන් (වෝබර්ග් ආයතනය) 2012
  4. http://parisisinvisible.blogspot.com/2012/01/challenge-7-curious-figures-on-avenue.html
  5. http://www.paris-walking-tours.com/promenadeplantee.html

බාහිර සබැඳි සංස්කරණය

  Michelangelo's Dying Slave හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

බාහිර වීඩියෝ
  මයිකල්ආන්ජෙලෝගේ වහලුන්, ස්මාර්ට්හිස්ට්‍රි

සැකිල්ල:Michelangelo

"https://si.wikipedia.org/w/index.php?title=මියයන_වහලා&oldid=393065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි