මිනිසාගේ මොළය කපාල කුහරය තුළ පිහිටයි.මෙහි බර සාමන්‍යයෙන් දේහයේ බරෙන් 1/50 ක් පමණි.කලලයේ මොළය මුලික කොටස් තුනකින් සමන්විතය.


1.පුර්ව මස්තිෂ්කය 2.මධ්‍ය මස්තිෂ්කය. 3.අපර මස්තිෂ්කය.

  • පුර්ව මස්තිෂ්කය - මස්තිෂ්කය, තැලමස, හයිපොතැලමස, පාදිය ගැංග්ලියා
  • මධ්‍ය මස්තිෂ්කය - රතු න්‍යෂ්ටි, සිව්බිඩි දේහ.
  • අපර මස්තිෂ්කය - වැරෝලි සේතුව, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය යන ව්‍යුහයන්ගෙන් ව්‍යුත්පන්න වේ.

මධ්‍ය මස්තිෂ්කය සංස්කරණය

මස්තිෂ්කයට හා තැලමසට පහලළින් සහ අපර මස්තිෂ්කයේ වැරෝලි සේතුවට ඉහළින් මධ්‍ය මස්තිෂ්කය පිහිටයි.මධ්‍ය මස්තිෂ්කයේ වැදගත් ස්නායු මධ්‍යස්ථාන 2කි. *සිව්බිඩි දේහ *රතු න්‍යශ්ටි සිව්බිඩි දේහ දෘෂ්ටි හා ශ්‍රවණ උත්තේජ වලට ප්‍රතිචාර ලෙස හිසේ,ගෙලේ,කඳේ හා ඇස්වල චලනයන් පාලනය කිරීම.

රතු න්‍යෂ්ටි සිරුරේ කංකාල පේශිචලන සමායෝජනය කර දේහ චලන හා දේහ ඉරියව් පාලනය කිරීම.

අපර මස්තිෂිකය සංස්කරණය

අපර මස්තිෂ්කය, *වැරෝලි සේතුව *අනුමස්තිෂ්කය *සුසුම්නා ශීර්ශකය යන ව්‍යුහයන්ගෙන් සමන්විතය.

වැරෝලි සේතුව අනුමස්තිෂ්කයට ඉදිරියෙන්ස සුසුම්නා ශීර්ෂකය හා මධ්‍ය මස්තිෂ්කය අතර පිහිටයි.ස්නායු තන්තු ගොනුවකින් වැරෝලි සේතුව සමන්විත වේ.

කාර්යය -

  1. මොළය හා සුසුම්නාව අතර ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන මධ්‍යස්ථානයක්ලෙස ක්‍රියා කිරීම.
  2. ශ්වසන ක්‍රියාව පාලනය කිරීම.

අනුමස්තිෂ්කය මෙය මොළයේ පිටුපස ප්‍රදේශයේ මස්තිෂ්ක අර්ධ ගෝල වලට පහළින් පිහිටයි.අනුමස්තිෂ්කය ද අර්ධගෝල 2කින් සමන්විත වේ.ඒවා තව දුරටත් ඛණ්ඩිකාවලට බෙදේ. බාහිකය ලෙස හඳුන්වනු ලබන පර්යන්ත ප්‍රදේශයක් අනුමස්තිෂ්කයේද පිහිටයි.මෙම බාහිකය, නියුරෝනවල සෛල දේහ වලින් බහුලය.

කාර්යය -

  1. දේහයේ සමතුලිතතාව රැක ගැනීම හා ඉරියව් පවත්වා ගැනීම.
  2. කංකාල පේෂි චලන සමායෝජනය කර දේහ චලන හා ඉරියව් පවත්වා ගැනීම.

සුසුම්නාශීර්ෂකය මොළයේ පහතින්ම පිහිටි කොටස සුසුම්නා ශීර්ශකයයි.එය වැරෝලි සේතුව හා සුසුම්නාවේ ඉහළ කෙළවර අතර පිහිටයි.ශ්වසනය පාලනය කරන ශ්වසන මධ්‍යස්ථානයට අයත් ආශ්වාස ප්‍රදේශය හා ප්‍රශ්වාස ප්‍රදේශය මෙහි පිහිටනු ලබයි.හෘත් සනාල පාලක මධ්‍යස්ථානය ද මෙහි පිහිටයි.

කාර්යය -

  1. ශ්වසන ක්‍රියාව පාලනය කිරීම.
  2. හෘද ස්පන්දන ක්‍රියාව පාලනය කිරීම.
  3. ආහාර ගිලීම,වමනය ඇති වීම,කිවිසුම් යාම වැනි ක්‍රියාවන් පාලනය කිරීම.
 



පෘෂ්ටය වන්ශින්ගේ මද්‍ය ස්නායු පද්දතියට මොළය හා සුෂුම්නාව අයත් වන අතර, මානව කළලය, පුර්ව මොළය, මද්‍ය මොළය හා අපර මොළය බවට විකසනය වී ඇති අතර අපර මොළය මගින් අනුමස්තිෂ්කය, වැරෝලිසේතුව හා සුෂුම්නා ශීර්ෂකය සාදයි.

"https://si.wikipedia.org/w/index.php?title=මිනිසා‍‍ගේ_මොළය&oldid=568544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි