මිත්‍රත්වය යනු මිනසුන් අතර ඇති අන්‍යෝනය ‍සෙනෙහස් සම්බන්ධතාවයයි.එය සංගමයකට වඩා අන්තර් පුද්ගල බන්ධන‍යේ ප්‍රබල ස්වරෑපයක් ගනී.ඒ අතර සන්නිවේදනය,සමාජ විද්‍යාව,සමාජ මනෝ විද්‍යාව,මානව විද්‍යාව,සහ දර්ශනය වැනි අධ්‍යන ක්ෂේත්‍රයන්හි අධ්‍යනය කර ඇත.සමාජ හුවමාරු න්‍යාය,කොටස් න්‍යාය,සම්බන්ධතා ආපෝහකය සහ ඇමිණුම් ‍ශෛලීන් ඇතුලුව මිත්‍රත්වයේ විවිධ ශාස්ත්‍රීය න්‍යායන් යෝජනා කර ඇත. මිත්‍රත්වයේ විවිධ ස්වරූපයන් තිබුණද, එ්වා‍යින් සමහරක් තැනින් තැනට වෙනස් වේ.සැබෑ මිත්ත්‍රත්ව ලක්ෂණ අතර සෙනෙහස,කරුණාව,ආදරය,ගුණවත්කම,අනුකම්පාව,සංවේදනය,අවංකකම, පරාර්ථකාමීත්වය,පක්ෂපාතීත්වය,ත්‍යාගශිලීත්වය,සමාව දීම,අන්‍යෝන්‍ය අව‍බෝධය සහ අනුකම්පාව,එකිනෙකාගේ සමාගම භුක්ති විඳීම,විශ්වාසය,සහ තමා වීමට ඇති හැකියාව,කෙනෙකුගේ හැගීම් තවකෙකුට ප්‍රකාශ කිරීම සහ වැරදි නොමැතිව මිතුරා‍ගෙන් විනිශ්චය කිරීමට ඇති බිය දැක්විය හැකිය.මිත්‍රත්වය යනු සබඳතා ගොඩනැගීමේ කුසලතාවන්හි අත්‍යවශ්‍ය අංගයකි. ළමුන් තුළ මිත්‍රත්වය පිළිබඳ අවබෝධය වැඩි අවධානයක් යොමු කරන්නේ පොදු ක්‍රියාකාරකම්,ශාරීරික සමීපත්වය සහ හවුල් අපේක්ෂාවන් වැනි ක්ෂේත්‍ර කෙරෙහිය.මෙම මිත්‍රත්වයේ ස්වයං නියාමනය සෙල්ලම් කිරීමට පුහුණු වීමට අවසථාව ලබා දෙයි.බොහෝ ළමයින් බෙදාගැනීම වැනි දේ අනුව මිත්‍රත්වය විසතර කිරීම‍ට නැඹුරු වන අතර,ළමයින් තමන් මිතුරෙකු ලෙස සලකන කෙනෙකු සමඟ බෙදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි.දරුවන් පරිණත වන විට,‍ඔවුන් පුද්ගලාරෝපණය අඩු වන අතර අන් අය ගැන වඩාත් දැනුවත්ය.ඔවුන් තම මිතුරන් සමඟ සංවේදනයන් හා කණ්ඩායම වශයෙන් සෙල්ලම් කිරීමේ හැකියාව ලබා ගනී.ඔවුන් ළමා වියේ මැද භාගය වන විට සම වයසේ මිතුරන් ප්‍රතික්ෂේප කරයි.කුඩා අවධියේදී හොඳ මිත්‍රත්වයක් ඇති කර ගැනීම දරුවෙකුට ඔවුන්ගේ ජීවිතයේ පසුකාලීනව සමාජ‍ානු‍යෝජනයට අත් වැලකි. ගුරුවරුන්ගේ සහ මව්වරුන්ගේ වාර්තා මත පදනම්ව,පෙර පාසල් දරුවන්ගෙන් 75% කට අවම වශයෙන් එක් මිතුරෙකු හෝ සිටියහ.මිතුරන් ලෙස සම නම් කිරීම මගින් මනින ලද පරිදි මෙම අගය පස්වන ශ්‍රේණිය දක්වා 78% දක්වා ඉහළ ගොස් ඇති අතර 55% ක් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති හොඳම මිතුරන් ඇත.ළමුනගෙන් 15% ක් පමණ කාලානුරූපව මිත්‍රශීලි වීම සිදුවන බව ව සොයාගත්හ. මිත්ත්‍රත්වයේ ඇති විය හැකි ප්‍රතිලාභ අතර සංවේදනය සහ ගැටලු විසදීම පිළිබඳඅ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.මිතුරන් ඇති කරගැනීමට දරුවන්ට උපකාරී කිරීමේදී ‍සෙමාපියන්ගෙන් පුහුණුවීම ප්‍ර‍යෝජනවත් වේ.අයිලීන් කෙනඩි මුවර් දරුවන්ගේ මිත්‍රත්වයේ ප්‍රධාන අංග තුනක් විස්තර කරයි. 1. විවෘතභාවය (මානසික හා ශාරීරික) 2. සමානාත්මකතාව 3. හවුල් විනෝදය (සෑම ආකාරයකම) ඒ අතර වේ.දරුවන්ට තමන් විසින්ම ඉගෙන නොගත් සමාජ මාර්ගෝපදේශ තේරුම් ගැනීමට දෙමාපියන්ට උපකාර කළ හැකිය.රොබට් සොලමන් සහ තවත් අයගේ පරීක්ෂණයන්ගෙන් කෙනඩි මුවර් දරුවන්ගේ මිත්‍රත්ව අවධීන් ගෙන හැර දක්වයි. නව යොවුන් වියේදී , මිත්‍රත්වය තුළ වැඩිපුර දුක සතුට බෙදා ගැනීම් අවංකකම,සහයෝගය වැනි ගුණාංග දැකිය හැකිය.නව යොවුන් වියේ පසුවන්නන් ඉහත ගුණාංග ලබා ගැනීමට සම ලිංගික ඇසුර සඳහා හුරු වන අතර එවැනි නැඹුරුවීම් නිසා ගැටලුකාරී තත්වයන් කරා ඔවුන රැගෙන යයි. ළමා කාලය වඩාත් සංලක්ෂිත වන දේවල්වලට සමීප වන කාලයකි.ඉන් පසුව පක්ෂපාතීත්වය සහ පොදු අවශ්‍යතා නෙරෙහි අවධානය යොමු කරයි.ඔස්ටින් ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයකින් ඇමරිකානු යෞවනයන් 9000 කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ ගැටලු සහගත හැසිරීම් වල නිරත විම(සොරකම් කිරීම,සටන් කිරීම හා පීඩාකාරී බව)ඔවුන්ගේ මිත්‍රත්වයට බලපානනේ කෙසේද යන්න තීරණය කළහ.සොයාගැනීම් වලට අනුව,යෞවනයන් තම මිතුරන් සමඟ හොඳින් වැඩ කළ විට,පාසග් කටයුතුවලට කාර්යක්සමව සහභාගි වූ විටදී,මත්පැන් පාන‍යෙන් වැළකී සිටියදී,සහ හොඳ මානසික සෞඛ්‍යකින් පසු වන විට ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ අඩුය. ගැටලුසහගත ලෙස හැසිරුණු නව යොවුන් වියේ දරුවන් සම්බන්ධයෙන් එක් මතයකට එළ‍ඹෙන ලදි.පර්ර්ඩයු විශ්වවිද්‍යාලයේ පරීකෂකයන් විසින් කරන ලද පරීකෂකයන් විසින් කරන ලද අධ්‍යනයකින් හෙළි වූයේ පශ්චාත් ද්විතියික අධ්‍යාපනය තුළ ඇති වූ මිත්‍රත්වයන් කලින් ඇතිවූ මිත්‍රත්වයනට වඩා දිගු කාලයක් පවතින බවයි.

වැඩිහිටි වියේදි මිත්‍රත්වය, මිත්‍රත්වය මෙන්ම චිත්තවේගීය සහනයද සපයන අතර මානසික යහපැවැත්මට හා ශාරීරික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට ධනාත්මක දායකත්වයක් සපයයි.රැකියා ස්ථානයේ අර්ථවත් මිත්‍රත්වයක් පවත්වා ගැනීම වැඩිහිටියන්ට වි‍‍ශේෂයෙන්ම දුෂ්කර විය හැක.වැඩ කරන මිතුරන් ‍සේවා ස්ථානයේ තරඟකාරීත්වය හා ගැටෙන්නට පුලුවන.එම මිතුරන් බොහෝවිට ගණුදෙණුකාරී හැඟීමක් ඇති කරයි.ජාලකරණය ආරමිභ වන්නේ කොතැනින් ද සැබෑ මිත්‍රත්වය අවසන් වන්නේ කොතනිනද යැයි කිව නොහැක.බොහෝ වැඩිහිටියන් මිල මුදල්,රැකියාවේ ආරක්ෂාව මිස මිත්‍රත්වය අගය නොකරති.නමුත් වැඩිහිටියන් බහුතරයකට සාමාන්‍යයෙන් කිට්ටු මිතුරන් කීප දෙනෙක් සිටිති.වැඩිහිටියන් සමඟ කරන ලද බොහෝ සමික්ෂණ වලින් හෙලි වන්නේ මිත්‍රත්වයන් හා වෙනත් උපකාරක සබඳතා ආත්ම අභිමානය වැඩි කරන බවයි. වැඩිහිටියන් වයසින් මුහුකුරා යත්ම ඔවුන්ගේ මිත්‍රත්වයන් තුළ ඔවුන් අඩු තෘප්තියක් සොයන්නන් බවට පත්වන අතර සමස්ත මිතුරන් සංඛ්‍යාව අඩු වීමට ඉඩ ඇත.මෙසේ තමා පිළිබඳ ඇතිවන තෘප්තිය එදිනෙදා ජීවිතේ කාර්යන් ඉටුකිරීමේ හැකියාව මෙන්ම සංජානන හැකියාවන් අඩුවීම සහ පුනරුත්තාපනයට බඳුන් වීම සිදුවේ.පසුගිය දශක හතර තුළ කරන ලද පර්යේෂණයන්හි නිරතුරුවම සොයාගෙන ඇත්තේ වැඩි මිතුරන් සංඛ්‍යාවක් ඇසුරු කරන වැඩිහිටියන් ඉහළ මට්ටමේ සෞඛ්‍යකින් හා සතුටින් සිටින බවයි. පවුලේ වගකීම් හා වෘත්තිය බලපෑම් අඩු වන විට මිත්‍රත්වයන් වඩාත් වැදගත් වේ.වැඩිහිටියන් අතර පවතින මිත්‍රත්වයන් මඟින් ප්‍රජාවට විශාල ආදර්ශයක් සැපයිය හැකි අතර එය මානසික අව පීඩනයට මෙන්ම,තනිකමට එරෙහිව ද පවුලේ සාමාජිකයන්ගෙන් වු අඩු පාඩු මඟහරවා ගැනිමට මෙන්ම අන්තර් සමාජ ක්‍රියාකාරීතවයට ඉඩ සලසයි.මීට අමතරව පරීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි මිත්‍රත්වයන් වැඩි වැඩිහිටියන්ගේ මානසික අව පීඩනය ඉතා අඩුය. අධ්‍යනවලින් හෙළි වී ඇත්තේ ශක්තිමත් සමාජ සහයෝගයක් යහපත් ශරීර සෞඛ්‍යයක් පුද්ගලයෙකුට දීර්ඝායුෂ ගොනන බවයි.අනෙක් අතට තනිකම හා සමාජ සහයෝගය නොමැතිකම හෘද රෝග ,වෛරස් ආසාදන සහ පිළිකා ඇතිවීමේ අවදානම මෙන්ම සමස්ත මරන අනුපාතිකය ඉහළ යාම සමඟ සම්බන්ධ වී ඇත.පරීක්ෂකයන් දෙදෙනෙකු මිත්‍රත්ව ජාලයන් ශාරීරික හා මානසික සෞඛය නංවන චර්යාතමක එන්නත ලෙස නම් කර ඇත. මිත්‍රත්වය හා සෞඛ්‍යය සම්බන්ධ කරන විශාල පරීක්ෂණ සමූහයක් ඇත,නමුත් සම්බන්ධතාවය සඳහා නිශ්චිත හේතු පැහැදිළි නැත. හොඳ මිත්‍රත්වයක් ඇත්ත වශයෙන්ම සෞඛය නංවන බව න්‍යායාත්මක කරුණු මගින් ඔප්පු කිරීමට බොහෝ පුද්ගලයන් උත්සාහ දරා ඇත. වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමට හොඳ මිතුරන් තම මිතුරන් දිරිමත් කරන බව නොරහසකි. යෞවන යෞවනියන් අතර සියදිවි නසා ගැනීමේ අවදානම වැඩි කිරීමට මිත්‍රත්වයහි හීනතාව හේතු වී ඇති අතර,පිරිමි සඳහා සමාන බලපෑමක් දක්නට නොලැබුණී.මිතුරන් කීප දෙනෙක් හෝ නොසිටීම මානසික ආබාධ රාශියක් ඇති වීමහි ප්‍රධාන දර්ශකයකි.ඉහළ මිත්‍රත්ව‍යෙන් ඇති කරන ආත්ම අභිමානය, සහ ආත්ම විශ්වාසය සමාජ සංවර්ධනය සඳහා සෘජුවම දායක වේ.සතුටු දත්ත වලට අනුව කිට්ටු මිත්‍රත්‍ව සහිත පුද්ගලයන් ඉතා සතුටින් සිටී. කිට්ටු මිත්‍රත්‍ව සහිත පුද්ගලයන් කාංසාව සහ මානසික අවපීඩනයන් දුරු කිරීම් සිදු කළ හැකිය.සම වයස් මිතුරන් ප්‍රතික්ෂේප කිරීම අඛණ්ඩ පිරිහිම සිදුකරයි. ස්ත්‍රී පුරුෂ භේදය පොදුවේ ගත් කල, ළමයින් අතර ගැහැණු-ගැහැණු මිත්‍රත්ව පුද්ගල සම්බන්ධතා සහ අන්‍යෝන්‍ය සහයෝගය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර පිරිමි-පිරිමි අන්තර්ක්‍රියා සමාජ තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර චිත්තවේගීය අවශ්‍යතා ප්‍රකාශ කිරීම සක්‍රීයව අධෛර්යමත් කළ හැකිය. ගැහැනු ළමයින් වැඩි කාංසාව, ඊර්ෂ්‍යාව සහ සම්බන්ධතා හිංසනය සහ ඔවුන්ගේ මිත්‍රත්වයන් හා සම්බන්ධ ස්ථාවරත්වය අඩු බව දක්වන අතර පිරිමින් වැඩි ශාරීරික හිංසනයක් සිදු කරයි. එසේ වුවද, පිරිමි සහ ගැහැණු ළමයින් ඔවුන්ගේ මිත්‍රත්වයන් සමඟ සංසන්දනාත්මක මට්ටමේ තෘප්තියක් ලබයි. පරිකල්පනීය මිතුරන් (මවාපෑමේ මිතුරන් හෝ අදෘශ්‍යමාන මිනිසා ලෙසද හැඳින්වේ) යනු බාහිර භෞතික යථාර්ථයට වඩා පරිකල්පනය තුළ මිත්‍රත්වයක් හෝ වෙනත් අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් සිදුවන මානසික හා සමාජීය සංසිද්ධියකි. ඔවුන්ගේ නිර්මාණකරුවන්ට ඔවුන් සැබෑ යැයි පෙනෙන්නට තිබුණද, සාමාන්‍යයෙන් ළමයින් සිතන්නේ ඔවුන්ගේ මනස් කල්පිත මිතුරන් සැබෑ වන බවයි. මනක් කල්පිත මිතුරන් කෙරෙහි අවධානය යොමු කරන පළමු අධ්‍යයනයන් 1890 ගණන් වලදී සිදු කරන ලදැයි විශ්වාස කෙරේ. දරුවන් තුළ මනක් කල්පිත මිතුරන්ගේ වර්ධනය හා පෙනුම පිළිබඳ අල්ප තොරතුරු ඇත. කෙසේ වෙතත්, ක්ලවුසන් සහ පාස්මන් (2007) කියා සිටින්නේ මනස් කල්පිත සගයන් මුලින් විස්තර කර ඇත්තේ අද්භූත ජීවීන් සහ මිනිසුන් ඔවුන්ගේ අතීත ජීවිත සමඟ සම්බන්ධ කිරීමට සිතූ ආත්මයන් බවය. මුල් යුගයේ වැඩිහිටියන්ට ගෘහ දෙවිවරුන් සහ ආරක්ෂක දේවදූතයන් වැනි අය සිටි අතර නිර්මාණාත්මක වැඩ සඳහා සැනසිල්ල, මග පෙන්වීම සහ ආශ්වාදයක් ලබා දීම සඳහා මනස් කල්පිත සහචරයින් ලෙස ක්‍රියා කළ මුසාවන් විය. අවසානයේදී, මනස් කල්පිත සහචරයින්ගේ සංසිද්ධිය දරුවන් වෙත යොමු විය. ළමයින්ට මනස් කල්පිත මිතුරන් ඇති කර ගැනීමට පටන් ගත් යුගය නොදන්නා නමුත් 19 වන සියවසේ මැද භාගයේදී ළමා කාලය අවධාරණය කිරීමට සෙල්ලම් කිරීමට හා සිතීමට වැදගත් කාලයක් ලෙස මෙම සංසිද්ධිය පෙනෙන්නට තිබුණි. ළමා කාලය වඩාත් සංලක්ෂිත වන දේවල්වලට සමීප වන කාලයකි.

"https://si.wikipedia.org/w/index.php?title=මිත්‍රත්වය&oldid=489198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි