කහ පුෂ්පරාගය

කහ පුෂ්පරාගය ( The adventure of the Mazarin Stone ) යනු ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ සටහන් පොතෙහි ( The case book of Sherlock Holmes)අඩංගු වන කතා දොලහෙන් එකකි.දොස්තර ජෝන් වොට්සන් විසින්වත් ෂර්ලොක් හෝම්ස් විසින්වත් නොව තුන්වැන්නකු විසින් ඉදිරිපත් කරන කතාවකි.එය පලමුව 1921 ඔක්තෝම්බරයේදී ස්ටෑන්ඩ් සගරාවේ (Strand Magazine ) පලකරන ලදී.පසුව ඇමරිකා එක්සත් ජනපදයේ හර්ස්ට් ඉන්ටර්නැෂනල් ( Hearst's International )සගරාවේද නොවැම්බර් මස පලකරන ලදී.[1]


සිල්වියස් ආදිපාදතුමා ෂර්ලොක් හෝම්ස්ගෙ නිවසට පැමිණි අවස්ථාවක සිල්වියස් හෝම්ස්ට තර්ජනය කරයි.සෑම් මර්ටන් ( සිල්වියස්ගෙ උදව්කරු)සිල්වියස් ආදිපාදතුමා සොයා පැමිණි විට හෝම්ස් තම කාමරයට පිටව යයි.එහි ගොස් ග්‍රැමෆෝනය වාදනය වීමට තබා හෝම්ස් තම කාමරයේ ඇති අනිත් දොරෙන් යලිත් සෑම් මර්ටන් සහ සිල්වියස් සිටින තැනට ගොස් තමාගේ ඉටි රූපය ඉවත් කොට එහි තිබූ පුටුවේ ඉදගනියි.හෝම්ස් පිටවූයේ යැයි සිතා සිල්වියස් ආදිපාදතුමන් මර්ටන්ට කහ පුෂ්පරාගය තියෙන්නෙ තමන්ගෙ කබායේ සාක්කුවේ යැයි හෙලිකරයි.ඔහු එහිදී ඉදිරියට කල යුතු සියල්ල මර්ටන්ට හෙලිකරයි.එහිදී හෝම්ස් ඉදිරියට පැන සිල්වියස්ගෙන් පුෂ්පරාගය උදුරාගනියි.ඒ මොහොතේ හෝම්ස්ගේ නිවසට එන පොලිස් නිලධාරීන් විසින් සිල්වියස් නෙග්‍රාටෝ ආදිපාදතුමා හා සෑම් මර්ටන්ව හිර භාරයට ගනියි.ෂර්ලොක් හෝම්ස් විසින් ඒ අවස්ථාවේදී තම නිවසට පැමිනි කැන්ටල්මියර් සාමි වෙත කහ පුෂ්පරාගය බාරදෙයි

  1. ^ The Adventure of the Mazarin Stone" යනු The Case-Book of Sherlock Holmes (1927) හි ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටිකතා 12 න් එකකි. සහ 1921 නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ හර්ස්ට්'ස් ඉන්ටර්නැෂනල් හි ප්‍රකාශයට පත් කරන ලදී.[2]
"https://si.wikipedia.org/w/index.php?title=මැසරින්_පාෂාණය&oldid=731106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි