මැසඩෝනියානු යුද්ධ
මැසිඩෝනියානු යුද්ධය හටගත්තේ රෝමය හා මැසිඩෝනියාව (උතුරු ග‍්‍රීසිය* අතර ය. එය ආරම්භ වූයේ V වන පිලිප් රජු දෙවන පියුනික් යුද සමයේ හැනිබාල්වරුන්ට සෙබළුන් සැපයීමත් සමග ය. ඉන්පසුව ඇති වූ යුද ගැටුම් මාලාව අවසන් වූයේ ග‍්‍රීසිය රෝම ජනරජයට ඈඳා ගැනීමෙනි.
|
පළමුවන මැසිඩෝනියානු යුද්ධය
සංස්කරණයක්රි: පූ: 217 දී මැසිඩෝනියාවේ V වන පිලිප් රජු ට‍්‍රාසිමේන් විල අසල යුද්ධයෙන් පරාජයට පත්විය. ඉලිරියාහි ඒකාධිපතියකු වූ දිමිත‍්‍රියස් ෆේරෝස්, හැනිබල්වරුන් සමග ඒකරාශී වීමට පිලිප් උනන්දු කරවීය. පිලිප් නාවික හමුදාවක් සකස් කළ අතර, ඉලිරියාව හරහා ඔවුන් ඉතාලියට ගෙන යාමට ඔහුට අවශ්‍ය විය. රෝමන් හමුදාව බල ඇණියක් යවා පිලිප් නතර කළහ. රෝමානු හමුදාව ඇපලෝනියාව සමීපයේ සිටින බවට පිලිප්ට ආරංචි විය. තමාට රෝම බල ඇණිය පරාජය කළ නොහැකි බව දත් පිලිප් නැවත මැසිඩෝනියාවට පැමිණුනි. එහෙත් ඇත්ත වශයෙන්ම රෝම බල ඇණිය එතරම් විශාල එකක් නොවීය. නමුත්, පිලිප්ට මේ නිසා ඉතාලියට යාමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.
214 දී පිලිප් නැවත වරක් ඇපලෝනියාවට යාත‍්‍රා කොට නගරය වට කළේය. රෝමානු අණ දෙන්නා වූයේ මාකස් වැලරියස් ලිවිනස් ය. ඔහුට සිය බල ඇණියට අමතරව 6000 ක භට කණ්ඩායමක් සිටියහ. ඔහු පිලිප්ට පහර දීම පිණිස ක්වින්ටස් නේවියස් ක‍්‍රිස්ටා යටතේ 200ක භට පිරිසක් පිටත් කර හැරීය. පිලිප්ගේ හමුදාව මුළුමනින්ම විනාශ විය. එහෙයින් ඔහුට ඉතාලියට යාමට යළිත් නොහැකි විය.
මේ අනුව, පිලිප්ට යුද්ධය ජයග‍්‍රහණය කිරීමට සැබෑ හැකියාවක් නොවීය. ඔහු දිගටම සටන් කළ ද පරාජයට පත්විය. ක‍්‍රි: පූ: 205 දී ඔහු රෝමය සමග සමගි සන්ධානයකට පැමිණ යුද්ධය අවසන් කළේය. රෝමය තවදුරටත් පිලිප් විසින් හැනිබාල්වරුන්ට සෙබලූන් සැපයීම නතර කර දැමීය.
දෙවන මැසිඩෝනියානු යුද්ධය
සංස්කරණයක්රි: පූ: 200 දී ඇරඹි දෙවන මැසිඩෝනියානු යුද්ධය කෙටි එකකි. පිලිප් තවදුරටත් මහා ඇලෙක්සැන්ඩර් අනුව යමින් රෝමය අත්පත් කර ගැනීමට කැමැත්තෙන් සිටියේය. ඔහු ග‍්‍රීක පාලකයකු වූ සෙලූසිඞ් හි තුන්වන ඇන්තියෝකස් සමග ඒකරාශී විය. රෝමය එහිදී ටයිටස් ෆ්ලැමිනියස් යටතේ පිලිප්ට පහර දීමට හමුදාවක් එවීය.
ක‍්‍රි: පූ: 197 දී ෆ්ලැමිනියස්ගේ හමුදාව අතර සිනොසිපල් හිදී යුද්ධයක් ඇතිවිය. ෆ්ලැමිනියස් සිය හමුදාවේ බටහිර අනු කණ්ඩය හා එක්ව සටන් කළ අතර, පිලිප් ගේ හමුදාව ඇලෙක්සැන්ඩර්ගේ යුද උපක‍්‍රම පාවිච්චි කළේය. එහෙත් රෝම හමුදාව ඉතා දක්ෂ විය.
සටනේ මූලික අදියරේදී පිලිප් ඉදිරියෙන් සිටි නමුත්, එය ඉතා අසීරු විය. රෝම හමුදාව එම අසීරු කලාපයේ දී වඩා සාර්ථක වූහ. පිලිප් තම හමුදාවට අණ කළේ තම ඊතල අතහැර දමා කඩුවලින් සටන් කරන ලෙසය. එහෙත් ෆ්ලෙමිනියස් සටන් කිරීම සඳහා අලි ඇතුන් ද යොදවා තිබිණි. ඔහු සිය සේනාංක 20ක් (සෙබලූන් 4,000ක් පමණ) පිලිප්ගේ බටහිර බල මුළුවලට පහර දීමට යෙදවීය. එමගින් පිලිප්ගේ හමුදාව විනාශ විය. රෝමය, ග‍්‍රීසිය නිදහස් රටක් බවට ප‍්‍රකාශ කොට ඉන් ඉවත් විය. ඉන් අනතුරුව සුපිරි බලය ග‍්‍රීසිය වෙතින් රෝමයට මාරු වූ අතර, දෙවන මැසිඩෝනියානු යුද්ධය නිමාවට පත්විය.
තුන්වන මැසිඩෝනියානු යුද්ධය
සංස්කරණයක්රි: පූ: 171 දී පිලිප් මියගොස් ඔහුගේ පුත් පර්සියස් බලයට පත්විය. පර්සියස් අනෙකුත් ග‍්‍රීක රාජ්‍ය සමග සහයෝගිතාවන් ඇති කර ගත්තේය. රෝමානුවන් මින් බියට පත්ව මැසිඩෝනියාවට එරෙහිව යුද ප‍්‍රකාශ කළ අතර, එමගින් තුන්වන මැසිඩෝනියානු යුද්ධය ආරම්භ විය.
පළමු වසර 2 ක තුළ යුද්ධය සාමාන්‍ය තත්ත්වයෙන් පැවතුණු නමුත්, ක‍්‍රි: පූ: 168 දී ලූසියස් ඒමිලියස් පෝලස් මැසිඩෝනියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළේය. පිඞ්නා ඡුහාබ්) හි දී ඔවුහු සටන් වැදුණාහ. දෙවන මැසිඩෝනියානු යුද්ධයේ දී සිදු වූවාක් මෙන් රෝම හමුදාව මගින් පර්සියස් ගේ හමුදාව විනාශ කර දමනු ලැබූ අතර, පර්සියස් පැන යාම නිසා යුද්ධය නිමාවට පත්විය.
සිව්වන මැසිඩෝනියානු යුද්ධය
සංස්කරණයපර්සියස් අල්ලාගෙන රෝමයට ගෙන යාමෙන් පසුව, ස්වාධීනව තිබූ මැසිඩෝනියාව නාම මාත‍්‍රික ජනරජ හතරකට වෙන් විය. ග‍්‍රීක නගරයක් වන එපීරස් මැසිඩෝනියාවට එරෙහි වූවක් වන නමුත්, ක‍්‍රි: පූ: 167 දී එයට පහර දීමට පෝලස්ට නියෝග කෙරිණි. එම නගරය විනාශ කොට එහි 150,000ක් පමණ වූ වැසියන් වහලුන් ලෙස විකුණන ලදී.
ඉන්පසු වසර කීපය තුළ ග‍්‍රීසිය සාමකාමි විය. එහෙත්, ක‍්‍රි: පූ: 150 දී පමණ පර්සියස්ගේ පුතකු බව ප‍්‍රකාශ කළ ඇන්ඩි‍්‍රස්කස් විසින් කැරැල්ලක් සඳහා නායකත්වය ගත්තේය. රෝමානුවෝ හතරවන මැසිඩෝනියානු යුද්ධය ආරම්භ කළහ. ඔවුහු මැසිඩෝනියාවට හමුදාවක් යවා කැරැලිකරුවන් මර්දනය කොට එය නව රෝම ප‍්‍රාන්තයක් බවට පත් කරන ලදී.
ග‍්‍රීසියේ අනෙක් ප‍්‍රදේශවල ද එලෙසම සිදුවිය. කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව රෝමය ඉතිරි ස්වාධීන නගර ග‍්‍රීසියට ඇඳා ගත්හ.