මැරීන් බලකායක් හෝ නාවික පාබල හමුදාවක් යනු නාවික මෙහෙයුම් වලදී ගොඩබිමෙහි වෙරළාශ්‍රිත ප්‍රදේශවල සටන් කිරීම සඳහා පුහුණු වී ඇති හමුදා බළකායකි. සාමාන්‍යයෙන් මැරීන් බලකායක කාර්යය වන්නේ, නාවික යාත්‍රා තුළ විනය පවත්වා ගැනීම, සතුරු යාත්‍රා වලට ගොඩවැදී පහර දී ඒවා අල්ලා ගැනීම, සහ මුහුදෙන් සිදු කෙරෙන ආක්‍රමණයකදී වෙරළ හරහා ගොඩබිම වැටලීම යනාදිය යි. බොහෝ රටවල මැරීන් බළකාය යනු නාවික හමුදාවේම කොටසක් වෙයි.

ෆින්ලන්ත මැරීන් සෙබළුන් යුධ පුහුණුවීමක් අතරතුර, 2002.

මැරීන්ස් (marines) යන ඉංග්‍රීසි වචනය "මුහුදේ" යන අරුත ඇති marine යන විශේෂණ පදයෙන් සෑදී ඇත. එයට ආදේශ කළ හැකි තනි වචනයක් සිංහල ඇතුලු බොහොමයක් භාෂාවල නොමැත. මේ නිසා බොහෝ භාෂාවල මෙය "නාවික පාබල හමුදා" හෝ "වෙරළබඩ පාබල හමුදා" ලෙස හඳුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=මැරීන්_බලකාය&oldid=491983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි