පළමු නිදහස් සටනේ අතීතය සිහිකැඳවන ඌවපරණගම, මැදවෙල ජිනජෝතිකාරාම පුරාණ මූල මහා විහාරස්ථානය පළමු නිදහස් සටනින් පසුව ඌවේ විහාරස්ථානවල වැඩ සිටි හිමිවරුන් දිවයිනේ සතර දෙසට විසිරී යෑම නිසා බෞද්ධ ජනතාවට ආගමික වතාවත් ඉටුකර ගැනීමේ ගැටලු මතුව තිබූ අවස්ථාවක ඌවපරණගම, මැදවෙල, ගම්මානයේ ඉපිද පිට පළාතක මහණදම් පුරමින් සිටි දෙලුම්ගහවත්තේ ගුණරතන හිමියන් තම උපන් ගමේ ආවාස ගෙයකින් 1831දී ආරම්භ කළ ජිනජෝතිකාරාම පුරාණ මූල මහා විහාරස්ථානය තුළින් වසර 187 කාලය පුරා සිදුවන ආගමික, සමාජීය සේවාවන් අතිවිශාලය. වැලිමඩ නගරයේ සිට ඌව පරණගම, මැදවෙල හරහා නුවරඑළිය මාර්ගයේ පිහිටි මැදවෙල ගම්මානයේ මෙම පිංබිම ඉදිකර තිබේ. ජිනජෝතිකාරාම පුරාණ මූල විහාරය, බදුල්ල කණුපැලැල්ල සුධර්මාරාමය, බදුල්ල එගොඩවෙල සුදර්ශනාරාමය උභය විහාරාධිපති උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ අනුනායක මැදවෙල සුගතසෝම නායක හිමියෝ මෙම විහාරස්ථානය පිළිබඳ මෙසේ අදහස් දැක්වූහ.

එංගලන්ත පාලනයෙන් නිදහස් විමේ අටියෙන් 1818දී ඌවේ ජනතාව නිදහස් සටනක් ආරම්භ කළා. එම සටන අසාර්ථක වීමත් සමගම සුදු පාලකයන් අපේ ගම්මාන විනාශ කළා. විහාරස්ථානවල වැඩසිටි අපේ හාමුදුරුවරුන්ද පහත රට විහාරස්ථාවලට වැඩම කොට ජීවිත ආරක්ෂා කරගෙන තිබෙනවා. මෙම හේතුව මත අපේ බොහෝ ගම්මානවල ජිවත් වූ බෞද්ධයන්ට ආගමික කටයුතු ඉටුකර ගැනීමේ ගැටලු මතුව තිබෙනවා. එවන් පසුබිමක් පැවති සමයක සසුන්ගතව සිටි මැදවෙල ගම්මානයේ දෙලුම්ගහවත්තේ ගුණරතන හිමියන් උපන් ගමට වැඩම කොට තිබෙනවා. එවකට මැදවෙල ජනතාවගේ ඉල්ලීමට අනුව ගම්මානයේ දානපතිවරයෙකුට අයත්ව තිබූ මෙම භූමියේ කාමර දෙකකින් යුතුව ඉදි කළ ආවාසගෙයි ගුණරතන හිමියන් වැඩ වාසය කර තිබෙනවා. ඒ 1831දී බවයි පැවසෙන්නේ. එදා යුගයට සුදුසු වන ලෙසින් ගැමියන්ගේද සහාය ඇතිව ක්‍රමයෙන් මෙම විහාරය සංවර්ධනය කර තිබෙනවා. මෙම විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහා නායක බදුල්ලේ ගුණානන්ද හිමියන්ගේ සමයේදී විහාරස්ථානයේ නුවර යුගයට අයත් ලක්ෂණ සහිත බුදු මැදුරක්,සංඝා වාසයක්, චෛත්‍යක්, ධර්ම ශාලවක් සමග මෙතෙක් ඌව පළාතේ විහරස්ථානයක දක්කනට නැති අලංකාර පිරිත් මණ්ඩපයක් සහිත ධර්ම ආසනයක් සකසා තිබෙනවා. DSC05657

මෙයට අමතරව සීමා මාලකය, දැනට වසර 180 පමණ පැරණි අතින් ලියූ ත්‍රිපිටක ග්‍රන්ථය ඇතුළුව දුර්ලභ ගණයේ ධර්ම පුස්ථක සහිත ධර්ම පුස්තකාලය විහාරය සතුව තිබෙනවා. මැදවෙල පියතිස්ස නායක හිමියන්ගේ සමයේදී නව සංඝාරාමයක් මෙහි ඉදි කළ අතර, මැදවෙල ගම්මානයට විදුලිය ලබාදීමට උන්වහන්සේ මැදිහත් වෙමින් කටයුතු කළා. උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ අනුනායක බුස්දුල්ලේ ධර්මරතන හිමියන් මෙහි නව චෛත්‍යය සහිත බුදු මැදුර ඇතුළුව විහාර කර්මාන්ත සිදුකළා.

2006 වසරේදී තමා මෙහි වර්තමාන විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසු පෞරාණික ගරා වැටි තිබුණු චෛත්‍ය, පැරණි විහාර ගෙය ඇතුළුව සියලුම ගොඩනැගිලි අලුත්වැඩියා කළ බවත්, එසේම ප්‍රධාන වාහල්කඩ ඇතුළුව නව විහාර කර්මාන්ත රාශියක් විහාරස්ථාන දායක දායිකාවන්ගේ සහාය ඇතිව නිමකිරීමට පියවර ගත් බවත් විහාරාධිපති මැදවෙල සුගතසෝම හිමියෝ පැවසුහ. මෙලෙස ඉදිකළ නව විහාර මන්ධිරයේ පිළිම වහන්සේලාගේ සහ මූර්ති නිර්මාණවල නේත්‍රා ප්‍රතිස්ථාපන පිංකම සහ බුද්ධ මන්දිරය වන්දනාමාන කටයුතු සඳහා විවෘත කිරීමේ පිංකම පසුගිය මස 14දා පෙරවරුවේ උඩරට අමරපුර නිකායේ මහ නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවද විහාරාධිපති හිමියෝ පැවසූහ.

= = මැදවෙල (MEDAWELA),ශ්‍රීලංකාවේ(SRILANKA) ඌව පළාතේ(UVA) බදුල්ල දිස්ත්‍රික්කයේ)BADULLA) ඌවපරණගම ප්‍රදේශීය ලේඛම්(UVAPARANAGAMA) බල ප්‍රදේශයට අයත් මැදවෙල-උඩුකිඳ තැපැල් අංක 90218 යටතේ දැනට ව්‍යවාහර වේ.මැදවෙල ගම්මානය වැලිමඩ සිට කිලෝමිටර 08ක්ද නුවරඑලියේ සිට කිලෝමිටර 15ක් දුරින් පිහිටි ගොවිතැන මුල්කරගත් අර්ථිකයකට හිමිකම් දරයි. හග්ගල උද්භිත උද්‍යන‍යට කිලෝමිටර 5ක්ද බොඹුරු ඇල්ල දිය ඇල්ලට කිලෝමිටර 3කින්ද ඉක්මණින් ලඟා විය හැකිය.මැදවෙල සිට හග්ගල දක්වා මාර්ගය 1818 වෙල්ලස්ස කැරැල්ලට අවුරුදු 200ක් සපිරිම නිමිත්තෙන් 2018 වර්ශයේ මොණරවිල වීර කැප්පෙටිපොළ මාවත යනුවෙන් නම් කරන ලදි. සංස්කරණය

සැකිල්ල:DEFAULT SORT:මැදවෙල උඩුකිඳ MEDAWELA-UDUKINDA ==

"https://si.wikipedia.org/w/index.php?title=මැදවෙල_උඩුකිඳ&oldid=497272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි