මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්‍රමයකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පලාත් පාලන ආයතන වලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රනය මෙයයි. පුද්ගලික හා වෙළඳ ව්‍යාපාර වලද, සංගම් සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම සංස්ථාවලද මෙම ක්‍රමය යොදාගැනේ. “ ද ස්පරිට් ඕෆ් ලෝස් ” කෘතියේ දෙවන පොතේ දෙවන පරිච්ඡේදයේ මොන්ටෙස්කපු පැවසූ ආකාරයට, මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන් වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමි වන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.

ඡන්ද පෙට්ටිය


වර්තමානයේ නියෝජිතයන් තෝරාගැනීම සඳහා මැතිවරණ පැවැත්වුවද ප්‍රජාතන්ත්‍රවාදයේ මුලාකෘතිය වන ඇතැන්ස්හි එවැන්නක් නොතිබිනි. එහි මැතිවරණ රදළ ආධිපත්‍යය ලෙස සලකනු ලැබු අතර නිලයන්ට පුද්ගලයන් පත් කෙරුනේ තේරීමකින් නැත්නම් විභජනයකිනි.

මැතිවරණ ප්‍රතිසංස්කරණය යනු සාධාරණ මැතිවරණ ක්‍රම හඳුන්වාදීම හෝ පවතින ක්‍රමවල සාධාරණත්වය වැඩි කිරීමේ ක්‍රියාවලියයි. ඡන්ද වේදය යනු මැතිවරණ ප්‍රතිඵල හා අනෙක් සංඛ්‍යාන අධ්‍යනයයි.

මැතිවරණ හා සම්බන්ධ ගැටලු සංස්කරණය

නීතියේ ආධිපත්‍ය දුර්වල වී ඇති බොහෝ රටවල මැතිවරණ නිදහස් හා සාධාරණ නොවීමට ප්‍රධාන හේතුව වනුයේ පවත්නා රජයේ මැදිහත්වීමය. ඒකාධිපතිවරුන් විධායකයේ බලතල පාවිච්චිකරමින් බලයේ රැදී සිටීමට උත්සාහ දරන්නේ ජනතාවගේ මතයට හිස නොනමමින. ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් ද සිය බහුතර බලය භාවිතා කරමින් මැතිවරණයේ දී ප්‍රතිවාදියාට වැඩි බලයක් ලැබීම වැළැක්වීමට කටයුතු කරයි. රා ජ්‍ය නොවන සංස්ථාවන්ටද ශාරීරික හිංසනය, වාචික තර්ජනය හෝ දූෂණ හරහා මැතිවරණ වලට බාධා කල හැක. මැතිවරණ දූෂණ නිරීක්ෂණය සහ අවම කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ දැඩි දේශපාලන සංස්කෘතියක් පවතින රාජ්‍යන්හි සිදු කෙරෙමින් පවතී.


මැතිවරනයක් නිදහස් සහ සාධාරණ නොවීමට බලපාන කරුනු විවිධ මට්ටම්වලින් ඇති විය හැක.

විවෘත දේශපාලන සංවාද හෝ දැනුමැති ඡන්ද කොට්ඨාසවල හිගය. සංස්කරණය

  • මාධ්‍ය නිදහස නොමැති වීම, මාධ්‍ය පක්ෂග්‍රාහිත්වය හෝ මාධ්‍ය පරිශීලනය නොකිරීම නිසා ජනතාවට සම්පූර්ණ දැනුමක් නොමැතිවිය හැක.
  • භාෂණයේ නිදහස ද රජය මගින් පාලනය කල හැකි නිසා රාජ්‍ය ප්‍රචාරණය පමණක් ක්‍රියාත්මක වියහැක.

අසාධාරණ නීති සංස්කරණය

  • රජයේ වාසියට අයුතු ලෙස නීති පැනවීම, විරුද්ධ අපේක්ෂකයන් බලයටපත් වීමේ හැකියාවට බාධාපැනවීම, මැතිවරණය සාර්ථක කල හැකි දොරටු අයුතුලෙස හැසිරවීම ආදී කරුනු නිසා මැතිවරණ ව්‍යුහය පක්ෂග්‍රාහී විය හැක.

ව්‍යාපාරවලට බාධාකරීම සංස්කරණය

  • විපක්ෂ අපේක්ෂකයන් අත්අඩංගුවට ගැනීම, මරාදැමීම, ව්‍යාපාර මර්දනය කිරීම, ව්‍යාපාර මූලස්ථාන වසා දැමීම, ව්‍යාපාර අපරාධයක් ලෙස නම් කිරීම වදහිංසනය, තර්ජනය කරීම හෝ සැබෑ ප්‍රචණ්ඩත්වය

මැතිවරණ යාන්ත්‍රණයට බාධා කිරීම. සංස්කරණය

  • ඡන්දදායකයන්ව ඡන්දය ප්‍රකාශකල යුතු අයුරු පිළිබඳව දැනුවත් නොකිරීම හෝ වැරදි උපදෙස් ලබා දීම, රහස් ඡන්දය උල්ලංගනය කිරීම ඡන්ද පෙට්ටි පිරවීම, ඡන්ද යන්ත්‍ර අත පත ගෑම, ඡන්ද විනාශ කිරීම, ඡන්ද දායකයන් මර්දනය කිරීම, වැරදි ලෙස ප්‍රතඵල වගුගතකිරීම, ඡන්ද පොලවලදී ශාරීරික හෝ වාචික ප්‍රචන්ඩත්වය.

සටහන් සංස්කරණය

Election
"https://si.wikipedia.org/w/index.php?title=මැතිවරණය&oldid=472194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි