මැඩ්රිඪ නඩුවිභාගය

මැඩ්රිඪ නඩුවිභාගය

චූදිතයන් 29 දෙනාගේ නඩුවිභාගය 2007 පෙබරවාරි 15 වැනි දින ආරම්භ විය. එල් පයිස් ("El pais") ට අනුව උසාවිය සියලුම දොහි න්‍යායන් (conspiracy theories) එකින් එක නිෂ්ප්‍රභා කල අතර ETA සමඟ එක්ව කල බව යැයි පැවසු සියලු පිපිරවීම් (Bombings) පදනමක් නොමැති බව පෙන්වා දනෙ ලදී. නඩුවිභාගය අතර තුර විත්තිකරුවන් තමන්ගේ කලින් ප්‍රකාශ හා සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන ලදී. එල් මූන්ඩෝ ("El mundo") ට අනුව, මෙම පහරදීම සිදුකල සූක්ෂම පිරිස් නිදහස් වීම නිසා මැඩ්රිඪ දුම්රිය පහරදීම සිදුකලේ කෙසේද? ඇයි? එය කලේ කවුද? හා එය සැලසුම් කලේ කෙ‍ෙස්ද? යන ප්‍රශ්න වලට පිළිතුරු තවමත් නොලැබී ඇත. තවද ස්පාඤ්ඤා උසාවිය මෙම පහරදීමට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍යය පිළිබඳව විද්‍යාත්මක දුර්වල උපකල්පන වලට එළඹුණ බව හා "අල්කයිඩා" සංවිධානයේ සෘජු බලපෑමක් නොමැති යයි පැවසූ බව "එල් මුන්ඩෝ" පවසයි. මෙය මෙම පහරදීම පිළිබඳව කලින් කර තිබු නීත්‍යානුකූල පිටපත බොරුවක් බව එළිදරව් කිරීමක් වැනිය. ශ්‍රස්ත්‍රවේදී "ස්තෙථ ඇට්‍රන්" (scott Atran) පවසා සිටින්නේ මැඩ්රිඪ නඩුවිභාගය සම්පූර්ණ විහිළුවක් බවයි. ඇට්‍රන් මහතා හොඳින් නිරීක්ෂණය කර නඩු විභාගය පිළිබඳව සවිස්තරව ලියා ඇත.

නඩුවිභාගය පළමු මාස කීපය තුල හොඳින් පැවතිය ද දේශපාලනික හා මාධ්‍ය අංශය අසාධාරන ලෙස තමන්ට සලකන බව පවසා චූදිතයන් 29 දෙනාගෙන් 14 දෙනෙක් මැයි මාසයේ උපවාසයක් අරඹන ලදී. විනිසුරු ජැවියර් ගෝමස් බර්මුඩස් (Javier Gomez Bermudez) නඩුවිභාගය නතර කිරීම ප්‍රතික්ෂේප කල නිසා උපවාසකරුවන් මැයි මස 21 වන දින තම උපවාසය නතර කරන ලදී. අවසාන නඩුවිභාග දර්ශනය 2007 ජූලි මස 2 වන දින පැවත්විණ.

මෙම දර්ශන වල පිටපත් හා වීඩියෝ data diar tv (ඩේටාඩියර් ටීවී) ඔස්සේ නැරඹිය හැක.

විනිසුරු 2004 මැඩ්රිඪ දුම්රිය පිපිරවීම් නඩුවිභාගයේ තීරණය ලබා‍ දේ.

2007 ඔක්තොම්බර් 21 දින ස්පාඤ්ඤ ජාතික උසාවිය අවසන් තීරණය ලබා දෙන ලදී. විත්තිකරුවන් 28 දෙනාගෙන් 21 දෙනෙකු සොරකම් සිට මිනිමැරුම් දක්වා විවිධ වරදවලට වරදකරුවන් බවට ඔප්පු විය. විත්තිකරුවන් දෙදෙනෙකු වසර 40,000 කට වඩා සිරගත කිරීමට ස්පාඤ්ඤ නීතිය තීරණය කලද පසුව එය අවුරුදු 40 දක්වා සීමා කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=මැඩ්රිඪ_නඩුවිභාගය&oldid=471679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි