මාපලගම විපුලසාර හිමි

(මාපලගම විපුලසාර වෙතින් යළි-යොමු කරන ලදි)

අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් (1925 මාර්තු 3 – 2000 ඔක්තෝබර් 28) බෞද්ධ භික්‍ෂුවකි, කලාකරුවකු වශයෙන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන පරම භාග්‍යයකි. ඉතා අර්ථපූර්ණ ව නිමවන ලද එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ප්‍රෞඩත්වය මැනැවින් විදහා දක්වයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය
ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා සමග ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළ අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන්

පූර්ව අවධිය හා අධ්‍යාපනය සංස්කරණය

ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ හා භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනයේ මූලස්ථානයක් ලෙස සැලකෙන රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනින් පැවිදි උපසම්පදාව ලබා පසු කාලීනව එහි අධිපතිත්වය ඉසිලීමට තරම් වාසනාවත් වූ මාපලගම විපුලසාර හිමියෝ, අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනින් හා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනින් ශාසනික වත් පිළිවෙත් හා ධර්‍ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණත්වය ලබා ගත්හ. උපතින්ම උරුම කරගෙන ආ හැකියාවන් රැසක් විපුලසාර හිමියන් සතුව පැවතියේය. මෙම හැකියාවන් මැනවින් නිරීක්‍ෂණය කළ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ඒ කුසලතා වර්ධනය කර ගැනීමට හා ඒ කුසලතාවන්ගෙන් රටට සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව රජයේ කලායතනයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා මහතාට විපුලසාර හිමියන් හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර තුනක් මුළුල්ලේ රජයේ කලායතනයේ අධ්‍යාපනය ලැබූ විපුලසාර හිමියෝ කලාකරුවකු ලෙස සමාජයේ ඉහළ පිළිගැනීමට ලක්වූහ.

රාජ්‍ය ලාංඡනය නිර්මාණය සංස්කරණය

එවක රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මගපෙන්වීම මත 1972 වර්ෂයේදී මාපලගම විපුලසාර හිමි විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයේ නිර්මාණකරු සංස්කරණය

කලාකරුවකු වශයෙන් ලද සුවිශේෂ ගෞරවය වූයේ ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන පරම භාග්‍යයකි. ඉතා අර්ථපූර්ණ ව නිමවන ලද එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, ප්‍රෞඩත්වය මැනැවින් විදහා දක්වයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ නිර්මාණකරු පූජ්‍ය මාපලගම විපුලසාර මහා නාහිමියන්ය[1][2][3][4][5][6]

කලාශූරී ගෞරව නාමය සංස්කරණය

1984 වසරේදී රජය මගින් කලාශූරී ගෞරව නාමය විපුලසාර හිමියන් වෙත පිරිනැමීය.

අපවත්වීම සංස්කරණය

2000 ඔක්තෝබර් මස 28 දින අපවත් වන විට උන්වහන්සේ 75 හැවිරිදි වියේ පසු විය.

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. මාපලගම විපුලසාර හිමි - මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්ථවිර විසින් ලියා 2010 දෙසැම්බර් 26 දින සිළුමිණ පුවත් පතේ ප්‍රසිද්ධ කල අනුස්මරණ ලිපියකි
  2. බෞද්ධ කලාවේ නොමැ­කෙන ලකුණ සංරක්ෂණය කළ පිටපත 2021-07-12 at the Wayback Machine. සිළුමිණ, සම්ප්‍රවේශනය කිරීම 28 ඔක්තෝබර් 2017.
  3. ජනරජ ලාංඡනය නිර්මාණය කළ හැටි ඉරිදා ලංකාදිප, දියත, සම්ප්‍රවේශනය කිරීම 2009 පෙබරවාරි 1 වන දින
  4. Central Bank of Ceylon Armorial Ensign of Sri Lanka - 1977. Central Bank of Ceylon
  5. The great artist monk by Professor Bellanwila Wimalaratana Thera. Sunday Observer (Sri Lanka), Retrieved on 9 January 2011.
  6. Cache Historic World Coins.


"https://si.wikipedia.org/w/index.php?title=මාපලගම_විපුලසාර_හිමි&oldid=606361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි