Ø  උපත:- ගනාවැම්බර් 23, 1938, ශ්‍රී ලංකාව

Ø  විපත:- ජූලි, 24, 2004

හෙන්රි ජයසේන මහතා ගේ බිරිඳයි.මානෙල් ජයසේන වේදිකා නාටය වල හා පුංචි තිරයේ නාටය වල පවා රංගනයෙන් දායක වුවාය.හෙන්රි ජයසේනයන් විසින් නිපදවු හුනුවටයේ කතාවටද මානෙල් ජයසේන කලාකාරිනිය රංගනයෙන් දායක වුවාය.එය මානෙල් ජයසේන කලාකරිනියගේ ඉමහත් ජනාදරයට හා ජනප්‍රියත්වයට පාදක වු වේදිකා නාටයක් වුවාය.

නාට්‍ය කලාවේ දායකත්වය :-

·        1963 දි ඇය නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියාය.

·        මානෙල් ජයසේන රංග ශිල්පිනිය රගපෑම්, නර්තන නිර්මාණ, ඇදුම් පැළදුම් නිර්මාණය සහ සහය අධ්‍යක්ෂණය යන කාර්යය නාට්‍යවලට සහභාගී වී ඇත.

·        ඇය රුපවාහිනී නාට්‍ය වලද රංගනයේ දී ඇත.

රංගන දායකත්වය :-

·        කුවේණි

·        ජනේලය

·        තවත් උදාසනක්

·        අහස් මාලිගා

·        හුණුවටයේ

·        අපට පුතේ මගක් නැතේ

·        මනරංජන වැඩ වර්ජන

·        දිරිය මව සහ දරුවෝ

යනාදී නාට්‍ය වල ඇය රංගනයේ යෙදුණි.

ගොනුව:මානෙල් ජයසේන
කලාකරුවෝ
"https://si.wikipedia.org/w/index.php?title=මානෙල්_ජයසේන&oldid=505047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි