ටිබෙටයේ ලාසා අගනුර සිට කිලෝමීටර් 940 ගිය තැන වර්ග මීටර 160ක් විශාල, අඩි 300ක් පමන ගැඹුරැති මානස නැමැති නිසල විල පවතී. මෙය හිමාලයේ ටිබෙට නිම්නයේ පවතින විශාලතම ජලතීර දෙකෙන් එකකි. බෞද්ධ හා හිංදු සාහිත්‍යයේ මෙම මානස හා අනෝතත්ත යන විල් ගැන කතාන්දර රැසක් පවතී. මෙම වැවක් බවත් මෙම වැව තැනුවේ හිරණ්‍යකස්සප නම් අධිරාජයාගේ සොහොයුරු මානස කුමරු බවටත් ජනශ්‍රැති පවතී. මේ නිසාවෙන් මෙම ජල කඳට මානස යන නම ලැබුණ බව කියවේ. මෙම පෙදෙසේ ඇති රමණීය ශීත ස්වභාවය නිසා බොහෝ සංචාරකයන් ආකර්ෂණය කර ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=මානස_විල&oldid=439651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි