මානව විද්‍යාත්මක වාග් විද්‍යාව-විෂය මාලාව

විධිමත් අධ්‍යාපනයේදී විෂය මාලාව යනුවෙන් හැඳින්වෙන්නේ පාසැලක හෝ විශ්ව විද්‍යාලයක ඉගෙනීම සඳහා නිර්දේශිත පාඨමාලාවන් එකතුවක් හා ඒවායේ අන්තර්ගතයයි. අදහසක් ලෙස ගත්කළ විෂය මාලාව යන්න කුඩා දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේදී සිය කි‍්‍රයාවන් හා අත්දැකීම් මඟින් ලබන අධ්‍යාපනය දැක්වීම සඳහා ලතින් භාෂාවේ යෙදෙන race course යන යෙදුමින් නිරුක්තිය ලබා ඇත.

ඵෙතිහාසික සංකල්පය

මෙම විෂය සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත්වූ ප‍්‍රඵම පාඨ ග‍්‍රන්ථය වන 1918 දී ප‍්‍රකාශයට පත්වූ The Curriculum හි ජෝන් ෆ්රැන්ක්ලීන් බොබිට් දක්වා සිටින්නේ විෂය මාලාව පිලිබඳ අදහස race course යන ලතින් යෙදුම දක්වා දිවයන බවත් සමාජය තුල සාර්ථකත්වය ලැබීම සඳහා කුඩා දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේදී සිය කි‍්‍රයාවන් හා අත්දැකීම් මඟින් ලබන අධ්‍යාපනය දැක්වීම සඳහා ලතින් භාෂාවේ එය යෙදී ඇති බවත්ය. තවද පාසැල තුල හා පිටත සිදුවන්නාවූ විධිමත් කි‍්‍රයාවන් හා අත්දැකීම් මෙන්ම පාසැල තුලදී ලබන්නාවූ සැලසුම් කරනු නොලැබු මෙහෙයවනු නොලැබූ අත්දැකීම්ද මෙම විෂය මාලාව යන්න තුලට අන්තර්ගත වෙයි. සමාජයේ වැඩිහිටි තැනැත්තන් නිර්මාණය කිරීම සඳහා අරමුණු සහගතව හා වුවමනාවෙන්ම ලබාදෙනු ලබන අත්දැකීම්ද මීට ඇතුලත් වෙයි.

බොබිට්ට අනුව විෂය මාලාව යනු සමාජ මෙහෙයවීම් බිමකි. ඔහුගේ සංස්කෘතික උපකල්පනයන් හා සමාජ අර්ථනිරූපනයන්ට අනුව ඔහුගේ විෂය මාලා සූත‍්‍රකරණයේ ප‍්‍රධාන ලක්‍ෂණ දෙකක් පවතී. (1) සමාජයේ වැඩිහිටි සාමාජිකයින් තුල පැවතිය යුතු ගුණාංගයන් යැයි විශේෂඥයින් කල්පනා කරන ගුණාංගයන් මත පදනම්ව විෂය මාලා සැකසීම සඳහා වඩාත් සුදුසු තැනැත්තන් වන්නේ විද්‍යාත්මක විශේෂඥයින්ය (2) කුඩා දරුවකු ඔහු හෝ ඇය වැඩිහිටියකු බවට පත්වීමේදී ලැබිය යුතු අත්දැකීම් ලෙස විෂයමාලාව අර්ථ දක්වනු ලැබිය යුතුය

එනම් ඔහුට අනුව යමකු විසින් සිදුකරන කි‍්‍රයාවන් හා ලබන අත්දැකීම් ඇතුලත් ස්ථිතික යථාර්ථයකට වඩා වඩා විෂය මාලාව යනු පරමාදර්ශයකි.

වර්තමාන අදහස් බොබිට්ගේ මතයන් ප‍්‍රතික්ෂේප කරන නමුත් විෂය මාලාව යනු මිනිසා නැමැති සත්වයා මනුෂ්‍යයකු බවට පත්කරන්නාවූ අත්දැකීම් බව පිලිගනී. විෂය මාලාවන් ඔස්සේ පුද්ගල නිර්මාණය පුද්ගලික තලයේදී මෙන්ම කණ්ඩායම් තලය එනම් සංස්කෘතීන් හා සමාජයන් යොදාගනිමින්ද අධ්‍යනය කරනු ලබයි.

මුල්වරට එය බොබිට්ගේ අර්ථ දැක්වීම තුලින් ඉදිරිපත් වුවද විෂය මාලාව යනු හැඩගස්වන ලද අත්දැකීම් බව ජෝන් ඩිවේ විසින්ද පවසා ඇත. මේ දෙදෙනාගේම විෂය මාලාව පිලිබඳ තේරුම් ගැනීම වර්තමානයට වඩා වෙනස් වූවක් වුවද විෂය මාලාව පිලිබඳ තේරුම්කිරීමේදී ලේඛතයින් හා පර්යේෂකයින් ඔවුන්ගේ අදහස් වැදගත්කොට සලකති.