මානව වංශ පුරා විද්‍යාව

මානව වංශ පුරා විද්‍යාව යනු පුරා විද්‍යාත්මක හේතු සදහා මිනිසුන් පිළිබදව සිදු කරන මානව වංශලේඛ අධ්‍යයනයයි. සාමාන්‍යයෙන් මෙය සාමාජයක සංස්කෘතියට වඩා එහි ද්‍රව්‍යමය අවශේෂ වලට අවධානය යොමු කරයි. මානව වංශ පුරා විද්‍යාව නූතන සමාජ වල ද්‍රව්‍යමය හා ද්‍රව්‍යමය නොවන සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීම තුළින් ඉපැරණි ජීවන ආකාරය ප්‍රතිසංස්කරණයට පුරා විද්‍යාඥයන්ට පහසුකම් සලසාදෙයි. ඉන් පසු පුරාවිද්‍යාඥයන්ට අතීත සමාජ විසින් ඔවුන්ගේ නූතන කොටස් මෙන්ම එම තාක්ෂණික ක්‍රමම භාවිතා කල බව පැවසිය හැක.

මානව වංශ ලේඛ විද්‍යාවට, විශේෂයෙන් අතීතයේ ජීවත් වු මිනිසුන්ගේ සමාජ ව්‍යුහය, ආගමික ඇදහීම් හා ඔවුන්ගේ සංස්කෘතිය පිළිබද අනෙකුත් ලක්ෂණ සම්බන්ධයෙන් අතීතයේ එම මිනිසුන් ජීවත් වු ආකාරය පිළිබද අගයෙන් යුත් දර්ශණයක් පුරා විද්‍යාඥයින්ට සපයීමට හැකිය. කෙසේ නමුත් මානව විද්‍යාත්මක පර්යේෂණ මගින් නිර්මාණය වු දර්ශන බොහෝමයක් පුරා විද්‍යාත්මක ගවේෂණ වලට සම්බන්ධ කර ගන්නේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නොවෙයි. මෙයට හේතුව සමාජය මගින් නිර්මාණය වු හා ඉවත දැමුනු ද්‍රව්‍යමය අවශේෂ පිළිබද හා සමාජය සංවිධානය වු ආකාරය අනුව මෙම ද්‍රව්‍යමය අවශේෂ වෙනස් වු ආකාරය පිළිබද මානව විද්‍යාඥවරුන්ගේ අඩු අවධානයයි.

මෙම ගැටලුව, පුරාවිද්‍යාත්මක ගැටලු සදහා පිළිතුරු සැපයීමට මානව විද්‍යාත්මක කාර්යයන් ප්‍රමාණවත් නොවේය යන්න තර්ක කිරීමට පුරා විද්‍යාඥයින් පොළඹවා (උදාහරණ ලෙස ලන්ඩන් [2000]) ඇති අතර එම නිසා මෙම ගැටලු වලට පිළිතුරු සැපයීම සදහා පුරා විද්‍යාඥයන් විසින් මානව වංශ පුරා විදයාත්මක කටයුතු සැලකිල්ලට ගත යුතුයි යන්න තීරණය විය. මෙම අධ්‍යයනයන්, මෙවලම් හා අනෙකුත් මානව කෘති වල නිෂ්පාදනය භාවිතය හා ඉවත ලෑම පිළිබදව වඩා හොදින් අවධානය යොමු කර ඇති අතර ජීවත් වන ජනාවාස වල භාවිතා වු කිනම් ආකාරයේ වස්තු කසල ගොඩවල් වල තැන්පත් වී ඇත් ද හෝ ඒවා සංරක්ෂණය වී ඇති අනෙකුත් ස්ථාන හා එය බාවිතා කළ ප්‍රදේශය අසලම එම වස්තු ඉවත ලෑමට කෙතරම් ප්‍රවණතාවයක් තිබේද යන්න වැනි ගැටලු වලට පිළිතුරු දීම සදහා යොදා ගත හැක.

මානව වංශ පුරා විද්‍යාවට එක් හොද උදාහරණයක් වන්නේ බ්‍රයන් හේඩ්න් (1987) ගේ කාර්යයන්ය. ඔහුගේ කණ්ඩායම මෙසෝ ඇමරිකානු ධාන්‍ය ඇඹරුම් ගල් නිෂ්පාදනය පරීක්ෂා කළ අතර එමගින් ප්‍රාග් ඓතිහාසික ධාන්‍ය ඇඹරුම් ගල් නිෂ්පාදනය පිළිබද වටිනා දර්ශනයක් සැපයීය.

ආශ්‍රිත

සංස්කරණය