මානව බහිස්ස්‍රාවී පද්ධතිය

සජීවී සෛල තුළ සිදුවන ජීව ක්‍රියාවලි මගින් නිපදවන ඵල ප්‍රධාන කොටස් දෙකකි. එනම්

  • 1. ශරීරයට ප්‍රයෝජනවත් ඵල
  • 2.ශරීරයට ප්‍රයෝජනවත් නොවන ඵල

ශ්වසනය නැමැති ජීව ක්‍රියාවලිය යටතේ සංස්කරණය

  • ශරීරයට ප්‍රයෝජනවත් ඵල ලෙස      -  ශක්තිය
  • ශරීරයට ප්‍රයෝජනවත් නොවන ඵල -  කාබන්ඩයොක්සයිඩ්, ජලය,යූරියා,යූරික් අම්ලය

ශ්වසනයේදී නිපදවන ශක්තිය ජීව ක්‍රියා සඳහා වැය කෙරෙන අතර ශ්වසනයේදී නිපදවෙන  කාබන්ඩයොක්සයිඩ් හා ජලය ප්‍රමාණය ඉක්මවා එක්රැස්වන විට සෛල වලට හානි ගෙනදේ.

බහිස්ස්‍රාවී ද්‍රව්‍ය සංස්කරණය

සජීවී සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් නිපදවෙන ප්‍රයෝජනවත් නොවන  ඵල බහිස්ස්‍රාවී ඵල ලෙස හැඳින්වේ.

මානව බහිස්ස්‍රාවී ඵල සංස්කරණය

  •  ප්‍රශ්වාස වාතය මගින් පිටකරන කාබන්ඩයොක්සයිඩ් හා ජලය
  • දහදිය හා මුත්‍ර මගින් පිටකරන යූරියා යූරික් අම්ලය ජලය හා ලවණ

බහිස්ස්‍රාවය සංස්කරණය

  • ජීවී සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවෙන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය බහිස්ස්‍රාවය ලෙස හැඳින්වේ.

බහිස්ස්‍රාවී ද්‍රව්‍ය දේහයෙන් බැහැර කළ යුත්තේ සංස්කරණය

  • බහිස්ස්‍රාවී ද්‍රව්‍ය පමණ ඉක්මවා දේහ සෛල තුළ රැස්වීමෙන් සෛල වලට හානි විමත් හා දේහයට විෂ සහිත විමත් නිසාවේ.

මල ද්‍රව්‍ය බහිස්ස්‍රාවී ද්‍රව්‍යයක් නොවන්නේ සංස්කරණය

  • ඒවා සෛල අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නිපදවෙන්නක් නොවීම හා එහි යූරියා, යූරික් අම්ලය, හෝ ලවණ වර්ග අඩංගු නොවීම නිසා.

බහිස්ස්‍රාවය සඳහා විශේෂයෙන් සැකැසුණු ඉන්ද්‍රිය/ පද්ධති සංස්කරණය

  •  පෙනහැලි
  •  වෘක්ක
  •  සම


මුත්‍ර වාහිනී පද්ධතිය සංස්කරණය

මුත්‍ර වාහිනි පද්ධතිය මගින් සිදු කරනු ලබන්නේ නයිට්‍රජන් අන්තර්ගත බහිශ්‍රාවිය ද්‍රව්‍ය වන යූරියා, යූරික් අම්ලය මුත්‍ර ලෙස දේහයෙන් බැහැර කිරීමයි.

මුත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් සංස්කරණය

  • වෘක්ක
  • මුත්‍ර වාහිනී
  • මුත්‍රාශය
  • මුත්‍ර මාර්ගය

නයිට්‍රජනීය බහිස්ස්‍රාවී පද්ධතියක් වශයෙන් සංස්කරණය

  • මිනිස් දේහ සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිස්ස්‍රාවී ද්‍රව්‍ය මුත්‍ර වාහිනී පද්ධතිය මගින් නිපදවේ.
  • මෙහිදී නිපදවෙන ප්‍රධාන නයිට්‍රජනීය සංයෝග වනුයේ යූරියා , යූරික්අම්ලය, ක්‍රියැටීන් හා ක්‍රියැටිනයින් යනාදියවේ.
  • මෙම නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වෘක්ක මගින් පෙරීම සිදුවී මුත්‍ර මාර්ගය ඔස්සේ ශරීරයෙන් බැහැර කෙරේ.
  • මේ අනුව මිනිසාගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී පද්ධතිය ලෙස සැලකෙනුයේ මුත්‍ර වාහිනී පද්ධතියවේ.

වෘක්ක සංස්කරණය

මිනිස් දේහ සෛල තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා මගින් නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිස්ස්‍රාවී ද්‍රව්‍ය, මුත්‍ර වාහිනී පද්ධතියට අයත් වෘක්ක තුළ නිපදවේ.

ඉහත රූපයේ පරිදි ඉඟ දෙපස දෑත් තබා ගත් විට මහපටඟිලි දෙකළවරින් වෘක්කවල පහළ කෙළවර පිහිටි ස්ථානය දැක්වේ.

වෘත්ත යුගලය උදර කුහරය තුළ අපරව කශේරුව දෙපස පිහටා ඇති අතර අක්මාවේ බිහිටීම හේතුවෙන් දකුණු වෘක්කය වම් වෘක්කයට වඩා මඳක් පහළින් පිහිටා ඇත.

වැඩුණු පුද්ගලයෙකුගේ වෘක්කය දිගින් 13cm හා පළලින් 6cm පමණ වන අතර බෝංචි බීජ හැඩැතිවේ.

වෘක්ක වලට රුධිරය සැපයීම වෘක්කීය ධමනි මගින් සිදුවන අතර වෘක්කවල සිට වෘක්කීය ශිරා මගින් ඉවතට රුධිරය රැගෙන යාම සිදුවේ.

වෘක්කයක අභ්‍යන්තර ව්‍යුහය දැක්වෙන දික්කඩක් සංස්කරණය

වෘක්කයක දික් කඩක හඳුනාගත හැකි ප්‍රධාන කලාප සංස්කරණය

  • වෘක්ක බාහිකය
  • වෘක්ක මජ්ජාව
  • වෘක්ක ශ්‍රෝණිය

වෘක්ක බාහිකය සංස්කරණය

  • මෙහි රුධිර කේශනාලිකා බහුල බැවින් මෙය තද පැහැයක් ගනි.

වෘක්ක මජ්ජාව සංස්කරණය

  • මෙහි කේතු ආකාර පිරමිඩ ඇති අතර මෙම පිරමිඩවල තුඩු ශ්‍රෝණිය නැමැති කුහරයකට යොමුවී පිහිටයි.

වෘක්ක ශ්‍රෝණිය සංස්කරණය

  • මෙය කුහරමය අවකාශයක් වන අතර මෙය මුත්‍ර වාහිනය වෙතට විවෘතව පවතී.



වෘක්කයක් වෙතට පැමිණෙන රුධිරයට වන දේ සංස්කරණය

  • වෘක්කීය ධමනිය මගින් වෘක්කය වෙත රුධිරය සපයන අතර වෘක්කීය ශිරාව මගින් වාක්කයෙන් ඉවතට රුධිරය නිකුත් කිරීම සිදුවේ.
  • එහිදී වෘක්කිය ධමනියෙන් වෘක්කයට සපයන රුධිරය වෘක්කය මගින් පෙරීමකට ලක් වන අතර එහිදි රුධිරයෙන් පෙරී වෙන්වන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය මුත්‍රාශයට පැමිණ තාවකාලිකව එක්රැස්විම සිදුවේ. (වෘක්කය මගින් පෙරීමකට ලක් වී රුධිරයෙන් වෙන්වන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය මුත්‍ර ලෙස හැඳින්වේ)
  • මුත්‍රාශය මුත්‍රා වලින් පිරීගිය කළ මුත්‍ර පහ කිරිමේ අවශ්‍යතාවයක් ඇතිවි මුත්‍ර මාර්ගය ඔස්සේ  බාහිරයට පිට කිරීම සිදුවේ.


N.B. වෘක්ක වලට හානි සිදුවුහොත් බහිස්ස්‍රාවි ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීය හැකිය.මේ සඳහා වෘක්කවලට සිදුවන ආබාධ කිහිපයක් බලපෑ හැකිය.

බහිස්ස්‍රාවි ක්‍රියාවලිය නිසි අයුරින් සිදු නොවීම කෙරෙහි වෘක්කවලට සිදුවන ආබාධ සංස්කරණය

  • මුත්‍ර ගල් ඇතිවිම
  • වෘක්ක අකර්මන්‍යවිම
  • වෘක්ක ආසාදනය විම.


මුත්‍රවල අඩංගු සංඝටක ඒවා අඩංගු සංඝටක ප්‍රතිශත සංස්කරණය

  • ජලය                                                         96%
  • ලවණ වර්ග ( සෝඩියම් ක්ලෝරයිඩ්)                 2%
  • යූරියා                                                           2%
  • යූරික් අම්ලය                            අංශු මාත්‍ර වශයෙන්

මුත්‍රා ගල් ඇතිවිම සංස්කරණය

  • විවිධ හේතු නිසා කැල්සියම් කාබනේට් වැනි ලවණ තැන්පත් වී වෘක්ක වල තැන්පත් වි සැදෙන ස්ඵටික මුත්‍රා ගල් ලෙස හැඳින්වේ.

මුත්‍රා ගල් ඇතිවීම සඳහා බලපාන හේතු සංස්කරණය

  • ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම
  • අධික ලවණ සහිත ආහාර නිරතුරුව ගැනිම
  • අවශ්‍යතාව අනුව මුත්‍ර පහ කිරීම ප්‍රමාද කිරීම

වෘක්ක අකර්මන්‍ය විම සංස්කරණය

  • විවිධ හේතු නිසා වෘක්කවල ක්‍රියාකාරීත්වය හානි සිදුවිම වෘක්ක අකර්මන්‍යවිම ලෙස හැඳින්වේ

වෘක්ක අකර්මන්‍ය වීම සඳහා බලපාන හේතු සංස්කරණය

  • බැර ලෝහ සහ විෂ රසායන ද්‍රව්‍ය ශරීරයට ඇතුළුවීම.
  • දිගුකාලයක් දියවැඩියා රෝගයෙන් පෙළීම.
  • ඇතැම් රෝගවලට ගන්නා ඖෂධ දිගු කාලයක් භාවිතා කිරීම.
  • දුම් පානය සහ මත්පැන් පානය කිරීම.
  • වෘක්ක ආසාදනය වීම

N.B. ක්ෂුද්‍ර ජීවීන් මගින් මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදන හේතු කොටගෙන පසුව වෘක්ක වලට හානි සිදුවිය හැකිය.

බහිස්ස්‍රාවී ක්‍රියාවලිය නිසි අයුරින් සිදු වීම සඳහා වෘක්ක නිරෝගීව පවත්වා ගැනිමට සැළකිය යුතු කරුණු සංස්කරණය

  • දිනපතා ප්‍රමාණවත් පරිදි පිරිසිදු ජලය පානය කිරීම,
  • අධික ලවණතාවය හා ඇඹුල් ස්වභාවයෙන්  යුක්ත ආහාර (අච්චාරු , ලුණුදෙහි , විනාකිරි සහිත ආහාර බාවිතය සීමා කිරීම)
  • දුම් පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීම.
  • දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීමට හෝ දියවැඩියා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කිරීම.
  • වසර ගණනාවක සිට ඖෂධ භාවිතා කරන රෝගින් නිතරම වෛද්‍ය උපදෙස් සහිතව වෘක්කවල තත්ත්වය සොයාබලා වාර්තා ලබා ගෙන
  • නියමිත ඖෂධ මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කිරීම.
  • මුත්‍ර මාර්ගය ආසාදනය විම වළක්වා ගැනිම සඳහා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පවිත්‍රතාව පිලිබඳ සැළකිලිමත්වීම.