මාධ්‍යයේ මානව විද්යාේව

මාධ්‍යයේ මානව විද්‍යාව

මාධ්‍යයේ මානව විද්‍යාව (ජනමාධ්‍ය පිලිබඳ මානව විද්‍යාව, මාධ්‍ය මානව විද්‍යාව) වූ කලි නිෂ්පාදකයින් ප්‍රේක්ෂකයින් සහ ජනමාධ්‍යයේ වෙනත් සංස්කෘතිකමය හා සමාජීය පැතිකඩවල් තේරුම්ගැනීමේ මාර්ගයක් ලෙස මානව වංශ අධ්‍යනයන් වැදගත් ලෙස සලකන්නාවූ සමාජීය හෝ සංස්කෘතික මානව විද්‍යාත්මක අධ්‍යයන කලාපයකි.

විවිධාක්‍රමය

මාධ්‍යයේ මානව විද්‍යාවේ සුවිශේෂීත්වය වන්නේ එහිදී මානව වංශ ලේඛයන් යොදාගැනීමයි. මධ්‍ය අධ්‍යනයන් තුල මාධ්‍ය මානවවංශ ලේඛයන් කෙරෙහි වන අවධානය වැඩිවෙමින් පවතී. කෙසේ වෙතත් මෙහිදී මානව වංශ ලේඛයන් කෙරෙහි මානව විද්යාවත්මක ප්ඩ‍රවේශයන් වන සහභාගීත්ව නිරීක්‍ෂණය සහ දීඝ කාලීන ක්ෂේත්ය‍ර අධ්‍යනයන් ආදිය අනුගමනය නොකෙරේ. මේ වෙනස්කම් හේතුකොටගෙන මාධ්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන මානව විද්යාආඥයෝ තමන්ව දකින්නේ මාධ්‍ය අධ්‍යනයන් සහ සංස්කෘතික අධ්‍යනයන්හි මානව වංශ ලේඛ ප්න‍රවේශයක් අනුගමනය කරන උපක්ෂේත්ෙ‍රයක් ලෙසිනි.

න්‍යාය

වෙනත් බලපෑම් අතරේ වුවද මාධ්‍යයේ මානව විද්යානව තරමක්දුරට අන්තර් දැනුම් පද්ධතිමය එකකි. මාධ්‍ය පිලිබඳ මානව විද්යාමව යොදාගනු ලබන න්‍යායන් ව්‍යවහාරික ප්ේ‍රවේශයන්ගේ සිට පියරේ බෝර්ඩියෝගේ න්‍යායන් දක්වා මෙන්ම නව තාක්‍ෂණයන් හා පරිචයන් අනුයෝජනය හා අනුවර්තනය පිලිබඳව වන සංවාදයන් දක්වා දිවෙයි. එමෙන්ම ද්‍රෘෂ්‍යමය මානව විද්යා ව සහ චිත් ‍රපට න්‍යාය මෙන්ම ශාන්තිකර්ම හා ප්ය‍රාසාංගික අධ්‍යනයන් (උදා. නැටුම් හා නාට්‍ය) යනාදී න්‍යායන්ගෙන්ද එය වෙත න්‍යායාත්මක ප්ෂ‍රවේශයන් ලබාගෙන ඇත. එමෙන්ම පරිභෝජනය මාධ්‍ය අධ්‍යනයන්හි පේ්න‍රක්‍ෂකාගාරයේ ප්න‍රතිග්්‍රහනය, නව මාධ්‍ය සහ ජාලකරණ න්‍යායන්, ගෝලීයකරණය පිලිබඳ න්‍යායන්, ජාත්‍යන්තර සිවිල් සමාජය පිලිබඳ න්‍යායන් සහ සහභාගීත්ව සන්නිවේදනය පිලිබඳ සංවාදයන් මෙන්ම සංවර්ධන අධ්‍යනයේ පාලනය යන සංකල්පයන්ද න්‍යායිකව මාධ්‍යයේ මානව විද්යා්ව කෙරෙහි බලපෑම් සහගතවී ඇත.