දේවනම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වු මහානාග කුමරු මෙකල අ'පුර යුවරජ තනතුර දරන්නට විය.නමුත් තිස්ස රජුගේ බිසවක විසින් මහානාග යුවරජු මැරවීම සදහා කුමන්ත්‍රනය කල අතර එහිද වලස්වැව සකසමින් සිටි මහානාග යුවරජුට විස යෙදු අඹයක් සහිත අඹ පෙට්ටියක් ආහාරය සදහා යවන ලදී.එහෙත් එම අවස්තාවේ එකී බිසවගේ පුතනුවන්ද තම බාප්පා වන මහානාග යුවරජු සමග සිට ඇත.කුමන්ත්‍රනය පිලිබද කිසිත් නොදන්නා කුමරු විස යෙදු අඹය ආහාර ගත් පසු මියගිය අතර මෙම සිදුවීම හෙතුවෙන් තැතිගත් මහානාග යුවරජු රැහුණට පලායන්නට විය.රැහුණට පලාගිය මහානාග යුවරජු මාගම් ප්‍රදේශයේ මාගමනම් උප රාජධානියක් පිහිටවන ලදී.මහානාග රජුගෙන් පසුව,යට්ටාල තිස්සගොඨාභයකාවන්තිස්සදුටුගැමුණු යන රජවරුන් පිළිවෙලින් රජ කරන්නට විය.මාගම පෙලපතින් බිහිවු විශිශ්ඨතම නරපතියා වන්නේ ද එකී රාජ්යයේ අවසාන පාලකයා වු දුටුගැමුණු රජතුමන්ය.





--112.134.189.28 15:45, 1 ජනවාරි 2015 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=මාගම_පෙලපත&oldid=469723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි