මාක්සියානු ආර්ථික විද්‍යාව

(මාක්සියානු ආර්ථික විදව වෙතින් යළි-යොමු කරන ලදි)

ජර්මන් ආර්ථික විද්‍යාඥ කාල් මාක්ස් ගේ තර්ක තුළින් මාක්සියානු ආර්ථික චින්තනය පිළිබඳ ගුරුකුලය ආරම්භ විය.

මාක්ස්වාදී ආර්ථික විද්‍යාව, සම්භාව්‍ය ආර්ථික විද්‍යාවෙන් පැවත එයි. එය කාල් මාක්ස්ගේ තර්කයන්ගෙන් ආරම්භවෙයි. මාක්ස්ගේ ප්‍රධාන කෘතිය වන, ප්‍රාග්ධනය කෘතියෙහි පළමු වෙළුම 1867 වර්ෂයේදී ජර්මනියේ දී ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී, ප්‍රාග්ධනය ශ්‍රමය සුරාකනු ලබතැයි සලකන ලද, වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය කෙරෙහි ඔහු විසින් අවධානය යොමු කරන ලදී. දේශපාලන ආර්ථිකය, ප්‍රකාශයට පත්වීමෙන් පසු යටපත් වුවද, වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය, හුදෙක් මිල න්‍යායකට වඩා, ධනවාදී සමාජයක ශ්‍රමය සූරාකෑම මැනීමට යොදාගත හැකි ක්‍රමයක් විය.

නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාව

සංස්කරණය

නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාව හෝ ආන්තිකවාදී ආර්ථික විද්‍යාව ලෙස පසුකාලීනව හැඳින්වූ න්‍යායන් සමූහය, 1870 වර්ෂයේදී පමණ සිට 1910 වර්ෂය දක්වා කාලය තුළ ගොඩනැගුණි. ඇල්ෆඩ් මාෂල් වැනි නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් විසින්, ‘දේශපාලන ආර්ථිකය’ නම් පැරණි පදය වෙනුවට ‘ආර්ථික විද්‍යාව’ යන පදය ජනප්‍රිය කරන ලදී. නිෂ්පාදිත බෙදාහැරීම සහ ආදායම් ව්‍යාප්තිය කෙරෙහි බලපාන, වෙළෙඳපල සමතුලිත මිල හා ප්‍රමාණය, තීරණය කරන ප්‍රතිබද්ධ තීරක ලෙස, ඉල්ලුම හා සැපයුම, නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් විසින් ක්‍රමානුකූලව සකස් කරන ලදී. එහිදී, ඉල්ලුම් අංශයෙන් වටිනාකම පිළිබඳ ආන්තික උපයෝගීතා න්‍යායක්ද, සැපයුම් අංශයෙන් පිරිවැය පිළිබඳ වඩා පොදු න්‍යායක්ද වෙනුවෙන්, සම්භාව්‍ය ආර්ථික විද්‍යාවෙන් උරුමවූ වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය අතහැර දැමිණි. සූක්ෂම ආර්ථික විද්‍යාව තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හැඩගැස්වීමේදී පැතිරී පවතින ක්‍රියාවලියක් ඉටුකිරීම මගින්, නව සම්භව ආර්ථික විද්‍යාව, දිරිගැන්වීම් හා පිරිවැය නිරූපණය කෙරේ. මේ සඳහා උදාහරණයක් ලෙස භාණ්ඩයක හෝ සේවාවක මිල හා පාරිභෝගික ආදායම ඉල්ලුම් ප්‍රමාණයට බලපාන ආකාරය වෙන්කර දක්වන පුද්ගල ඉල්ලුමේ පාරිභෝගික න්‍යාය දැක්විය හැකිය. සාර්ව ආර්ථික විද්‍යාව තුල එය, පැරණි හා නිත්‍ය කේන්සියානු සාර්ව ආර්ථික විද්‍යාව සමඟ වන නව සම්භාව්‍ය සංකලනය, තුළින් නිරූපණය වේ.

නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාව එහි විවේචකයන් විසින් නිරතුරුවම ඔතඩොක්ස් ආර්ථික විද්‍යාව ලෙස සලකනු ලබයි. නූතන ප්‍රධාන ගුරුකුලයේ ආර්ථික විද්‍යාව; ආර්ථික මිතිය, ක්‍රීඩා න්‍යාය, වෙළෙඳපල අසමත්වීම් විශ්ලේෂණය, අසම්පූර්ණ තරඟකාරීත්වය සහ ජාතික ආදායමට බලපාන දිගුකාලීන විචල්‍ය විශ්ලේෂණ සඳහා නව සම්භව ආර්ථික වර්ධන ආකෘතිය වැනි, පැරණි විශ්ලේෂණයන්ට ඌණ පුරණයන් ලබාදෙන හෝ එය පොදු බවට හරවනු ලබන බොහෝ සංශෝධනයන් සහිතව, නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාව මත ගොඩනැගී ඇත.

අතිරික්ත ශ්‍රමය

සංස්කරණය

ලෙවිස් රනිස් ෆෙයි (LRF) අතිරික්ත ශ්‍රම ආකෘතිය ආර්ථීක සංවර්ධන ආකෘතියක් මිස ආර්ථික වර්ධන ආකෘතියක් නොවේ. මහා තල්ලුව හා අසමබර වර්ධනය, වැනි ආර්ථික විද්‍යා ආකෘති, යම් විශේෂ ගැටලු පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන ආර්ථික වර්ධනයේ ආංශික න්‍යායන්වේ. LRF මගින්, සංවර්ධනය වන රටවල විශේෂ ආර්ථීක තත්ත්වයන් සලකනු ලබයි: සම්පත් වල සේවා වියුක්තිය හා ඌන සේවා නියුක්තිය (විශේෂයෙන්ම ශ්‍රමයේ) සහ ද්විත්ව ආර්ථික ව්‍යුහය (නූතන අංශවලට එරෙහිව සම්ප්‍රදායික අංශ). මෙම ආකෘතිය යැපුම් වැටුප පිළිබඳ සම්භාව්‍ය උපකල්පනය භාවිතා කරන නිසා, එය සම්භාව්‍ය ආකෘතියක් වේ.

මෙහිදී සාම්ප්‍රදායික අංශය තුළ ඇති අතිරික්ත ශ්‍රමය (උදා: කෘෂිකර්මාන්තය), යම් යම් කැපී පෙනෙන ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති, නූතන අංශයට මාරුවීම මගින් සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ වේ යයි තේරුම් යයි. සම්ප්‍රදායික අංශයේ අතිරික්ත ශ්‍රමයක් පවතින නිසා එහි සිට පැමිණෙන සේවකයන්ට යැපුම් වැටුපක් දිගටම ගෙවීමට නූතන අංශයේ ව්‍යවසායකයින්ට හැකිවේ. මේ හේතුවෙන් නූතන අංශයේ ලාභය හා එම නිසා ආයෝජන දිගටම ඉහළ යාමට පටන් ගන්නා අතර නූතන අංශයේ අර්ථික වර්ධනය එමගින් ඉහළ නංවයි. මේ ක්‍රියාවලිය, සාම්ප්‍රදායික අංශයේ සේවකයන්ටද යැපුම් වැටුපක් වෙනුවට ඔවුන්ගේ ආන්තික ඵලදාව අනුව වැටුප් ගෙවන තත්වයක් දක්වා, එනම් සාම්ප්‍රදායික අංශයේ අතිරික්ත ශ්‍රමය අවසන් වනතාක්, දිගටම සිදුවේ. අතිරික්ත ශ්‍රමය පැවතීම මගින් නූතන අංශයේ ප්‍රාග්ධන සම්පාදනය දිගටම ඉහළ යයි. මෙයට හේතු;

a) සේවකයන්ට දිගටම යැපුම් වැටුපක් ගෙවීම නිසා ඉහළ යන වැටුප් මගින් ආයෝජන සෝදාපාලුවන තත්ත්වයක් ඇති නොවීම, සහ
b) සාම්ප්‍රදායික අංශය තුළ කෘෂි අතිරික්තයේ සාමාන්‍යය, වැඩි ප්‍රාග්ධන සැපයුමක් සඳහා පවා නූතන අංශයට ගලා යාම දැක්විය හැකිය (උදාහරණ; රජය විසින් පනවන ලබන නව බදු හෝ සම්ප්‍රදායික අංශය තුළ පුද්ගලයන් බැංකු වල මුදල් ඉතිරිකිරීම).

LRF ආකෘතියෙහි, ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන බලවේග ඉතිරිකිරීම් හා ආයෝජන වේ. මෙය හැරඩ් ඩෝමා ආකෘතිය සමග එකපෙළට වැටෙන නමුත්, එය දියුණූවන රටවල සංදර්භය තුළ ගොඩනැගී ඇත. තාක්ෂණික වෙනසෙහි වැදගත්කම, ඉහළ ලාභදායීතාවයක් සඳහා නූතන අංශයේ ඵලදායීතාවය ඉහළ නැංවීමටත්, සාම්ප්‍රදායික අංශයේ ඵලදායීතාවය ප්‍රවර්ධනයට හා එමගින් මාරු කිරීම සඳහා ශ්‍රමය සුලබ කිරීමටත් සීමාවේ. ලදි.

Economics Marxist economics