මාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති

ප්‍රවේශය

           යම් රටක් සංවර්ධනය කරා රැගෙන යාමේදී ආර්ථික, දේශපාලන, සාමාජීය හා සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයකටම අදාළ වන්නා වූ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට සිදුවන බව පැහැදිලිය. එනම් අධ්‍යාපන, සෞඛ්‍ය, දිළිඳුකම යන ක්ෂේත්‍රවලට අදාළ වන්නා වූ ප්‍රතිපත්ති වලට යොමු වීමට එම රටට සිදු වේ. එනම් මෙම ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී නොසැලකිලිමත් භාවයෙන් එය සිදු කළහොත් ඒවා සාර්ථක නොවනු ඇත. මක්නිසා ද ප්‍රතිපත්ති නිර්මාණය කිරීමෙදී පිළිගත් ප්‍රතිපත්ති මූලධර්ම පෙරදැරි කොටගෙන එම ප්‍රතිපත්ති නිර්මානයට යා යුතුය යන්න පැවසිය යුතුය. එවැනි පිළිගත් ප්‍රතිපත්ති මූලදර්ම උපයෝගී කොටගෙන ප්‍රතිපත්ති නිර්මාණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල බාගත හැකිය යන්න පැහැදිලිය. මෙලෙස රdජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය විතර කිරීමට පොදුවේ පිළිගත් ක්‍රමවේදයක් නොමැති අතර විවිධ පුද්ගලයන් විවිධාකාර වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලිය විස්තර කරයි. ඒ විස්තර වලට අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පහත පරිදි පෙන්වා දිය හැකිය.          

  ප්‍රතිපත්ති හා රාජ්‍ය ප්‍රතිපත්ති යනු කුමක්ද?

           ප්‍රතිපත්තියක් යනු කිසියම් වූ ගැටලුව සම්බන්ධව සොයා බලා ඒවා සාර්ථකව අවසන් කිරීමේ පරමාර්ථයෙන් ඊට අදාළ තීරණය ගැනීමයි. මේ නිශ්චිත තීරණ රාමුව තුළ හිඳිමින් නිවැරදි මග පෙන්වීම් කළ හැකි කණ්ඩායමක් විසින් මුල පුරයි මෙම ප්‍රතිපත්තිය එක් පුද්ගලයකු පමණක් සීමා නොවේ. එක් පුද්ගලයකුට පමණක් සීමාවන විට එය ප්‍රතිපත්තිය නොව තීරණයක් බවට පත්වෙයි.එනිසා සැලකිය යුතු පිරිසක් අයත් වුවක් විය යුතුය.එසේම ප්‍රතිපත්ති පිළිබදව කතා කිරීමේදී අපට හමුවන තවත් දෙයක් නම් රාජ්‍ය ප්‍රතිපත්ති යන්නයි.රාජය ප්‍රතිපත්තියක් යනු එම රටේ පවත්නා ගැටළු සහගත සංවර්ධන යෝජනා වලට අදාල ක්ෂේත්‍ර ඉලක්ක කොටගෙන රටේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන මහජන නියෝජිතයන් විසින් නිර්මාණය කරන ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති වශයෙන් හඳුන්වා දිය හැකිය. මේ පිළිබඳව පහත නිර්වචන අනුසාරයෙන් පැහැදිලි වෙයි(ප%නන්දු.2009:25-30).

Mark V Nadel (1965) = “සමාජ ප්‍රශ්න වලට විසදුම් ලබාදීම සදහා සැලසුම් සහ සැලසුම් කිරීමට ඇති රජයේ වැඩසටහන් සහ ප්‍රතිපත්ති යනුවෙන් නිර්වචනය කරයි.

Robert Salisbury (1965) = ප්‍රතිපත්ති යනු ආණ්ඩුවේ කටයුතු කරන්නන්ගෙන් බලාධිකාරී තීරණ ලෙස නිර්වචන කර ඇත. එම තීරණ වලින් රාජ්‍යයක් විසින් කරන්නේ හා නො කරන්නේ කුමක්ද යන්න තීරණය වන බව දැක්වේ(රත්නායක,2016:35-36).

           එසේනම් ඉහත කරුණු අනුව ප්‍රතිපත්ති හා රාජ්‍ය ප්‍රතිපත්ති යනු කුමක්ද පිළිබඳව පැහැදිලි වෙනු ඇත.

මාර්ක්ස්වාදය පිළිබඳව මූලික විග්‍රහය.

               මාර්ක්ස්වාදය පිළිබදව කතිකාවක් ගොඩනැගෙන්නේ නැතිනම් එහි නිර්මාණය සදහා දායකත්වය ලබා දෙන්නේ කාල්මාක්ස් විසිනි.ඔහුගේ චින්තනයේ බලපෑම මේ සදහා දායක වී ඇති බව පැහැදිළිය.එනම් කාල් මාක්ස් ජර්මනියේ රයින්ලන්තයේ(Rhineland) උප්පත්තිය ලැබූ අතර බර්ලීන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී නීති විද්‍යාව, දර්ශනය හා ඉතිහාසය හැදෑරීය.කෙසේ හෝ 1843 ප්‍රසීයානු ආණ්ඩුවේ මර්ධනයක් නිසා පැරීසියට පැමිණියේය.පැරිසේයදී මොහුට  ප්‍රxශයේ ප්‍රධාන පෙළේ සමාජවාදී චින්තකයෙකු වූ ප්‍රෝදෑන්, රුසියානු එxගල්ස් මුණ ගැසුණි.1845 දී ප්‍රසියානු ආණ්ඩුවේ මැදිහත් වීම නිසා මාක්ස් ප්‍රxශයෙන්ද නෙරපා හරින ලදී.මාක්ස් බ්‍රසල්ස්වලට පැමිණි අතර එහිදී එxගල්ස්ගේද සහය ඇතිව 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය ප්‍රකාශයට පත් කළේය.බ්‍රසල්ස් වලින්ද මාක්ස් නෙරපා හැරී අතර මොහු 1849 දී ලxඩනයට පැමිණ 1883 දී මරණයට පත්වන තුරු එහි ජීවත් විය.

            එසේනම් මාක්ස්වාදය සදහා මූලික පදනම දමනු ලැබූ පුද්ගලයා පිළිබඳව ඉහත පරිදී පෙන්වා දීමට හැකිය.එනම් මෙහි ඇති තොරතුරු අනුව අපට පැහැදිලි වන්නේ මෙමගින් අඩිතාලම දමන්නේ සමතලා කරණ ලද සමාජ ක්‍රමයකටයි.කිසියම් වූ අයෙකුට කැපී පෙනීමට අවස්තාවක් මෙහිදී හිමි නොවන අතර තනි පුද්ගලයා කටයුතු කල යුත්තේ තම දියුනුව පතා නොවන අතර මුළු මහත් සමාජයම ඉලක්ක කර සමාජයේ අභිවෘද්ධියට පමණක් විය යුතුය.මක් නිසාද මෙහිදී මූලික වන්නේ සමාජය මිස පුද්ගලයා නොවන බව පැහැදිළිය.එනම් එමගින් සමාජයේ බහුතර වරප්‍රසාද ප්‍රමාණයක් බුක්ති විදින ධනපති පන්තිය සතු අත්තනෝමතික බලය මක්ස්වාදය මගින් ප්‍රතික්ශේප කරණ අතර.එම පන්ති පරතරය නැතිකොට ඒකීය සමාජයක් ගොඩනැගීම මෙහි අරමුණයි.

වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණයට මාක්ස්වාදයේ ඇති දායකත්වය.

           මාක්ස්වාදය වනාහී මෙයට බොහෝ කලකට පෙර ගෙන ගිය සහ නිර්මානය වූ දෙයක් වශයෙන් පෙන්වා දිය හැකිය.නමුත් වඩා වැඩි වූ ඉතිහාසයක් ඇති මෙය වර්තමානය සමග ඉතා පහසුවෙන් ගැලපීමට හැකියාවක් ඇත.එනම් ඒ කුමක් සම්බන්ධයෙන්ද යන්න අප සොයා බැලීමේදී අපට පැහැදිළි වන්නේ වර්ථමාන රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මානය හා සමග මෙය එකිනෙකට ගැලපිය හැකි බවයි.ඒ කුමන කාරණා ඔස්සේද යන්න මීලගට සොයා බැලිය යුතුය(අතුකෝරළ,2005:198-200).

සමාජ පන්තිය.

           කාල්මාක්ස් විසින් පෝෂණය කරන ලද මාක්ස්වාදයේ ප්‍රධාන තර්කය එසේත් නැතිනම් ප්‍රධාන හෙලිදරව්ව වන්නේ සමාජය තුළ පවතින සමාජ පන්තීන් පිළිබදවයි.එනම් ඔහු ප්‍රධාන වශයෙන් සමාජය පන්ති දෙකකට බෙදන ලදී.එනම්,

1.      ධනපති පන්තිය.

2.      නිර්දන පන්තිය(Melkonian,1996:35).

           එනම් එහිදී සිදුවන්නේ මූලිකවම සමාජයේ ඉහලින්ම වැජfUන පුද්ගලයන් වඩා සුවපහසු ජීවිතයක් ගත කරන ධනපති පන්තිය විසින් නිර්දන පන්තිය ඔවුන් සතු ආර්ථික බලය යොදාගෙන සුරාකෑමට ලක්වීමක් සිදුවන අතර එම සූරාකෑම දිගින් දිගටම ගෙනයාම සදහා අවශය පරිසරය සැකසීම ධනපති පන්තිය විසින් සිදුකරයි.එසේනම් සදා පීඩීතිව සිටි සමාජ පද්ධතියේ පහතම පුද්ගලයන් තව දුරටත් එම අගාදයේම සිටීමට සිදුවෙන අතර කිසිදු යහපතක් සිදු නොවෙන බව පැහැදිළිය.

           එසේනම් මෙම කාර්‍යම වර්තමාන රාජය ප්‍රතිපත්ති නිර්මාණයේදී සිදුවෙන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත.එනම් වර්තමානයේ පන්ති ක්‍රමයක් ඇති අතර,එම පන්ති ක්‍රමය නිර්මානය වී පවතින්නේ දේශපාලන අධ්කාරියේ හිමිකාරිත්වය මතයැයි කීම සත්‍යයක් නොවේ. මක් නිසාද අද වන විට යම් කිසි රටක තීන්දු තීරන ගනු ලබන්නේ එම රටේ දේශපාලනයේ ඉහලම සිටින පුද්ගල කණ්ඩායම විසින් යැයි කීම වරදක් නොවේ.මක් නිසාද ඉහලම සිටින දේශපාලන අධිකාරිය හිමි උදවිය විසින් රාජ්‍ය පාලනය යටතේ තමන්ට සිතැගී ප්‍රතිපත්තියක් සම්මත කොට එය සමාජ ගතකර ගැනීමක් සිදු කිරීම කරනු ලබයි.එම ක්‍රියාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකග වීම එම පුරවැසියන් සතු වගකීමයි.එසේනම් එදා මක්ස් විසින් පවසන් සිද්දිය අද වන විට නීත්‍යානුකූලව වෙනත් නමකින් එනම් රාජ්‍ය ප්‍රතිපත්ති යන නමින් ක්‍රියාත්මක වන බව පැහැදිළිය.

පහත සිට ඉහලට දිවයන සාර්ථකත්වය.

           මාක්ස්වාදී ප්‍රවේශය යටතේදී සමාජය තුලින් බලාපොරොත්තු වූවේ සමාජයේ පහලම සිටින පුද්ගල කන්ඩායම වෙතින් එනම් එම පුද්ගල කන්ඩායම මූලික කොට ගෙන එම සමාජය ඉදිරියට යාමක් සිදුකරනු ලබයි.එනම් එම සමාජයේ පවතිනි කිසියම් වූ ප්‍රතිපත්තියක් ගොඩනැගෙන්නේ පහලම සිටින පුද්ගල කන්ඩායම එනම් නිර්දන පන්තියේ අශාවන් මූලික කොටගෙන බව පැහැදිළිය.මක්නිසාද සුළුතරයක් වූ ධනපතියන්ට වඩා බහුතරයක් වන නිර්දනයන් වෙතින් අවශ්‍ය ප්‍රතිපත්තිය නිර්මානය කිරිමට පටන්ගත් තැන එහිදී එම ගොඩ නගන ප්‍රතිපත්තිය වඩාත් සාර්ථකත්වයකට ලගා වෙනු ඇත.එහෙයින් වැඩි වැදගත්කමක් මෙහිදී නිර්දනයන් හට හිමිව තිබෙන බව පැහැදිළිය(MCLELLAN,1971:52).

           මෙයටම සමාන වූ ක්‍රියාදාමයක්ව් වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මානයේදී සිදුවෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබදව කිසියම් වූ අවබෝධයක් ඇති අයෙක්ට පැහැදිළි වෙනු ඇත.එනම් වර්තමානයේදී රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මානය කිරීම සිදුකරන ලබන ආකාර කිහිපයියක් දක්නට ඇත.එනම් එවා පහත පරිදි පෙන්වා දිය හැකිය.එනම්,

1.      Top-Down ප්‍රවේශය.

2.      Bottom-Up ප්‍රවේශය.

මෙහිදී එම ප්‍රවේශ දෙක වෙතම අප අවදානය දෙන විටදී අපට පැහැදිළි වන කාරණය නම් පළමු ක්‍රමයට වඩා දෙවන ක්‍රමය වාඩාත් සාර්ථක ප්‍රතිඵල ලගා කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.මක් නිසාද පළමු ප්‍රවේශ යටතේදී සිදුවන්නේ සමාජයේ සුළුතර බලයක් හිමි පිරිස විසින් මුළුමහත් සමාජයේම අභිවෘද්ධියට සදහා අදාල තීරනයන් ගනු ලැබීමයි.නමුත් මෙහිදී එම සුළුතරය විස්වාස කරන දෑ බහුතරයට අවශ්‍ය නොවීමට ඉඩ ඇත.එම නිසා අප පිළිගන්නා තර්කයනම් රාජ්‍ය ප්‍රතිපත්තින් නිර්මානයේදී සුළුතරයක් වන පිරිසට වඩා බහුතරයක් වන පිරිස මූලික කරගෙන රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මානය කරන්නේනම් එමගින් වඩා වැඩි සාර්ථකත්වයක් ලගා කර ගැනීමට හැකි බවයි.එනම් Bottom-Up ප්‍රවේශය වඩා වැදගත් බව පැහැදිළිය.ඒ පිළිබදව පහත රූප සටහනින් පැහැදිළිව් වනු ඇත.එනම් මෙම ප්‍රවේශ දෙකම පහත පරිදී පෙන්වා දිය හැකිය.

Top-Down ප්‍රවේශය.                                              Bottom-Up ප්‍රවේශය.

අකර්මන්‍යතාවය සහ අකාර්‍යක්ෂමතාවය.

           මාක්ස්වාදී ප්‍රවේශයට අනුව ඔවුන්ගේ චින්තනය මගින් ප්‍රකාශවන්නේ ධනපතියන්ගේ එකතැන පල්වෙන වෙළඳපලට මුහුණ දෙන විට ඒවා වියදම් බාහිරව හෝ නව වෙළඳපලවල් කරා ව්‍යාප්ත කළ යුතුය. මෙම යාන්ත්‍රණයේ ප්‍රතිඵලය වන්නේ වැඩිපුර අකර්මණ්‍යතාවයයි.එම නිසා රාජ්‍ය සxවර්ධනය නිසියාකාරව නොවන අතර සාමාන්‍ය ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන අතර නමුත් එහි සිටින බලය හිමි පුද්ගල කණ්ඩායම විසින් රාජ්‍ය බලය හසුරවන අතර එහිදී ඔවුන් ඉලක්ක කර ගන්නේ තම සxවර්ධනය හෝ තමන්ට හිතැගි දෑ පමනි.නමුත් පොදු බහුතරය පිළිබදව එතරම් විශේෂත්වයක් දැක්වීමක් නොමැත.එ නිසා එමගින් ඇති වෙන්නේ අකර්මණ්‍ය හා අකාර්යක්ෂමතාවයක් බව පැහැදිලිය(Mukhejee,2000:80).

           එම සxසිද්දිය වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මානයට අදාල කොට බලන විට අපට ඉතා පැහැදිළි කාරනයක් දක්නට ඇත.එනම් වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සිදුවන්නේ දේශපාලන බලය හිමි පුද්ගල කන්ඩායම විසින් තමන්ට හොද යැසි සම්මත, තමන්ට වාසි ගෙන දෙන අන පනත් සම්මත කිරීම වීනා සමාජයට ප්‍රතිපාදන බෙදා හැරීමක් නොවන බව පැහැදිළිය.

උදා:-

           වර්තමාන ශ්‍රීලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙත අවදානය යොමු කිරීමේදී රාජ්‍ය බදු ප්‍රතිපත්තිය මේ සදහා දිය හැකි හොදම නිදසුනයි.මක් නිසාද රාජ්‍ය බදු අය කිරීම වර්තමාන දේශපාලන පද්ධතියට ඔනෑ පරිදී සිදු කලද එය මහජනතාවට දරා ගැනීමට හැකි තත්වයක් නොවේ.ඒ නිසා පසුගිය ප්‍රදේශීය සභා චන්දය වර්තමාන රජය බරපතල පසුබෑමක් ලැබීමට හේතු සාදක විය.

           එසේනම් මේ සියලු දේශපාලන මැදිහත්වීම වල අතුරු ප්‍රතිඵලය වන්නේ රට අරාජික වීම හා අකාර්යක්ෂමතාවයයි.එසේනම් මාක්ස්වාදය මගින් පෙන්වා දෙන ධනවාදී මැදිහත්වීම නිසා සිදුවන අකර්මණ්‍යතාවය වර්තමානයටද පොදු වූවකි එනම් එය අද වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළින් සිදු වේ(රත්නායක,2016:75).

රාජ්‍ය මූල්‍ය අර්බුදය.

           මාක්ස්ගේ ජීවන අවදියේදී ඔහුට ලද අත්දැකීම වලට අනුව පැහැදිළි වූ කාරණය වන්නේ ධනපතියන්ගේ මැදිහත් වීම.එසේත් නැතිනම් ධනපතියන්ගේ සූරාකෑම නිසා එවකට පැවැති රාජ්‍ය මූල්‍ය තත්වය අර්බුදයකට ලක්වූ බවයි.එනම් එම ආර්ථිකය ඉතා සාර්ථකව වැඩුනු එසේත් නැතිනම් පිරිපුන් ආර්ථිකයක් නොවන බව ඔහුට වැටහී ගිය කරුනක්‍ය.මක් නිසාද එය තමතමාගේ අභිවDධිය හේතුකොටගෙන භාවිතා කරන්නක් වන නිසාය.එහෙයින් එවකට රාජ්‍ය මූල්‍ය අර්බුධයකට මුහුණ දුන් බව පැහැදිළිය.

           මෙම ඉහත කාරණය පිළිබදව අප අවධාණය යොමු කිරීමේදී පැහැදිලි එම රාජ්‍ය මූල්‍ය අර්බුද්‍ය අද පවතින බොහෝ තුන්වන ලොකයේ රටවල් වලට පොදු වූ කාරනයක්‍ය යන්න පැහැදිළිය.මක් නිසාද අද එම රටවල් වල ආර්ථිකය දියුනු වීමට නොහැකි වී ඇත්තේ එහි පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතු කොටගෙන බව පැහැදිළිය.එනම් එයට උදාහරණ වශයෙන් පහත රටවල් පෙන්වා දිය හැකිය.

උදා:-

           ඉන්දියාව.

           ශ්‍රීලංකාව.

           මාලදිවයින.

           පාකිස්තානය.

එසේනම් මෙම රටවල මූල්‍ය අර්බුද්‍යක් දැක ගත හැකිය.එහෙයින් අද වන විට රාජ්‍ය ප්‍රතිපත්ති විද්‍යාවේ මූලිකම ප්‍රවේශයක් වන්නේ රාජ්‍ය මූල්‍ය අර්බුද්‍ය බව අපට රාජ්‍ය ප්‍රතිපත්ති විද්‍යාව හැදෑරීමේදී පැහැදිළි වෙයි.

සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්ති සxවර්ධනය.

           එදා මාක්ස්වාදය ගොඩැනැගෙමින් ආ වකවානුවේදී අවධානය යොමුකර එක් ඉතා වැදගත් සxකල්පයක් වන්නේ පවතින රාජ්‍ය තුළ ප්‍රතිපත්ති නිර්මානයේදී සුබසාධන ප්‍රතිපත්ති වලට වඩා වැඩි වැදගත්කමක් මෙන්ම වඩා වැඩි ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතුය යන්න ප්‍රධාන මතවාදයක් ගොඩනැගී ඇත.මක් නිසාද එමගින් මුලුමහත් සමාජ ක්‍රමයම ප්‍රතිනිර්මාණය වන බව පැහැදිළිය.එසේනම් එම ප්‍රවේශය අදවනවිටද පොදු වූවකි(Mukhejee,2000:93).

           වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති විද්‍යාවේ ප්‍රධාන ප්‍රවේශයක් වන්නේ රාජ්‍ය සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්ති සxවර්ධනය පිළිබදවයි.එසේම රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය යටතේද වඩා වැඩි වැදගත්කමක් දක්වන්නේ සුභසාධනවාදී ප්‍රතිපත්ති වලටයි.එහෙයින් එදා මක්ස්වාදය යටතේ දැක්වූ කරුණු අද වනවිට රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රවේශයේ ප්‍රධාන ප්‍රවේශයක් බවට පත්ව ඇත.

පන්ති ගැටුම්.

           මාක්ස්ගේ අදහස්වලට අනුව පන්ති ගැටුම් යනු නොවැලැක්විය හැකි දෙයකි.මක්නිසාද ධනපතියන් විසින් ගෙන යන පාලනයට එරෙහිව නිර්දනයන් විරුද්දවීම සිදුවෙනු ඇත.මක් නිසාද එම පාලනය දරා ගත නොහැකි වූ තැන ඔවුන් විරුද්ද වීම ස්භාවිකය.එයට සමානව වර්ථමානයේදී දේශපාලකයින්ගේ ක්‍රියාවන්ට විරුද්දව එනම් ප්‍රතිපත්ති වලට විරුද්ද්ව ජනතාව නැගී ඒමක් සිදු වනු ඇත.එහෙහින් එදා මාක්ස්වාදය තුලින් පෙන්වූ දෑ අද වලxගු වේ.

Nalaka sanjeewa. BA(University of Peradeniya) සංස්කරණය