මහේශ්වරී යනුවෙන් හැඳින්වෙන්නේ මහේශ්වර් හෙවත් මහේෂ (ශිව) දෙවියන්ගේ ශක්තියයි. මහේශ්වරී රෞද්‍රී, රුද්‍රාණි, ශංකරී, ශිවා සහ මහේෂී යන නම්වලින් ද හැඳින්වෙන්නේ ශිව සඳහා යෙදෙන රුද්‍ර, ශිව්, ශංකර සහ මහේෂ යන නම් අනුසාරයෙනි.

මහේශ්වරී
ශිවගේ ශක්තිය
දේවනාගරීमाहेश्वरी
අනුබැඳියදේවී, මාත්‍රිකා, පාර්වතී
ආයුධයත්‍රිශූලය, දම්රූ, අභය මුද්‍රාව, වරද මුද්‍රාව
වල්ලභයාරූරු භෛරව
වාහනයගවයා

මහේශ්වරී නන්දි ගවයා මත අසුන්ගෙන සිටිනු නිරූපිත අතර අත් දෙකක් හෝ සතරක් තිබිය හැක. නෙත් තුනකින් යුත් මැය ත්‍රිශූලයක් සහ උඩැක්කියක් දරා සිටින අතර සෙසු අත් අභය මුද්‍රාව සහ වරද මුද්‍රාවෙන් යුතුව නිරූපණය කෙරේ. ඇය සර්ප ගෙල පළඳනාවකින් ද, අඩ සඳකින් ද සැරසී සිටින අතර සර්පයකු මගින් සිය හිස සරසා සිටියි. ශිව දෙවියන් සේම ඇගේ ද ගෙල වටා සර්ප රුවක් දැකගත හැක.

මේවාත් බලන්න

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=මහේශ්වරී&oldid=419799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි