මහාසම්මත රජ
මහසම්මත රජ(සංස්කෘත:महासम्मत) යනු බෞද්ධ සම්ප්‍රදායට අනුව මනුශ්‍ය වර්ගයා ව්‍යාප්ත වීමෙන් පසුව පත් වූ පළමු රජුයි.
බෞද්ධ සූත්‍ර පිටකයට අනුව ලෝකයේ පහළ වීමෙන් පසු ජීවී සමාජයක් ඇති වීමත්, කල් යත් ම සමාජයේ නා නා විධ විෂමාචාර හා අපරාධ ඇති වීමත් සිදු වන්නට විය. මුල් කාළයේ දී මෙම විෂමාචාර හා අපරාධ පාලනය කිරීම පිණිස කිසිදු අධිකාරී බලයක් සමාජය තුළ දක්නට නොවී ය. එනම් ‘රාජ්‍යත්වය’ හෝ ‘රජු’ නැමැති සංකල්පයක් මුල් කාළීන ජන සමාජය තුළ දක්නට නොවී ය. මේ හේතුව නිසා ස්වකීය ආරක්ෂාව හා බියෙන්, සැකෙන් තොර ව නිදහසේ ජීවත් වීම ආදී අරමුණු හේතුවෙන් රජෙක් පත් කර ගැනීමට ජනතාවට අවශ්‍ය විය. ඒ අනුව උක්ත කරුණු පෙරදැරි කර ගනිමින් ‘මහා ජනතාව විසින් සම්මත කර’ පත් කර ගත් රජු ‘මහා සම්මත’ වශයෙන් බෞද්ධ මූලාශ්‍ර පෙන්වා දෙයි.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ මහජනතාව විසින් පොදු එකගතාවයෙන් මහා සම්මතයෙන් එම පාලකයාව තෝරා ගැනීමය. මෙහිදී දේශපාලන විශය කෙරෙහි බෞද්ධ සම්ප්‍රධාය මහා සම්මත වාදය ලෙසින් හදුනා ගත හැකිය. පාලකයා මූල ක්‍රමවේදයක් නොව ප්‍රජාව කේන්ද්‍ර කරගෙන ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව පාලකයා වැඩකළ යුතුය යන්න එම සම්ප්‍රධායේ පදනම වේ. මේ පදනම අකාලිකව ලෝක විශයෙහි වැදගත්වේ. අතීතයේ පටන් ගැටුම් කළමනාකරණය කිරීමට, තීන්දු තීර්ණගැනීමට මෙම මහා සම්මතය නොහොත් පොදු එකගතාවය ඉතාම උචිතම ක්‍රමවේදය ලෙස පිළිගැණුනි.
හෙළ මතවාදයට අනුව හෙළයේ පළමු රජු ලෙසින් හැදින්වෙන්නේ මහාසම්මත මනු රජුය. ඔහු රුහුණේ ගොවි තරුණයෙක් බවත්, පවත්වන ලද තරග වලින් හෙතෙම ජය ගත් බවත් අරිසෙන් අහුබුදුවන්ගේ මතයයි. හෙළය බේරා ගන්න සමතෙක් පැමිනියල්ලා යැයි අඩහැර පා ඇති බව කියවේ. සියලු ගම් ප්‍රධානීන් එක්වී පොදු එකගතාවයෙන් මහා සම්මතයෙන් මෙම මනු නැමැති තරුණයාව රාජ්‍යත්වයට පත් කළ බව කියවේ. මේ නිසාවෙන් හෙතෙම මහා සම්මත රජු නම්වූ බව කියවේ.
මනු රජුයේ පුත් රෝජ නම් වන අතර වරරෝජ ආදී බලි, තරු, රාවන ආදී රජවරුන් ඉන් පසුව රජවී ඇත.රාජාවලියේද සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි.
1. මහා සම්මත මනු
2. රෝජ
3. වරරෝජ
4. කල්‍යාණ
5. වරකල්‍යාණ
6. උපෝසථ
7. මහා මන්දාතු
8. වරමන්දාතු
9. චේතිය
10. චේතියගේ පලමු පුත්‍රයා
11. චේතියගේ දෙවන පුත්‍රයා
12. චේතියගේ තෙවන පුත්‍රයා
13. චේතියගේ සිව්වන පුත්‍රයා
14. චේතියගේ පස්වන පුත්‍රයා
15. මහා මුචලින්ද
16. මුචලින්ද
17. පළමුවන සාගර
18. දෙවන සාගර
19. භරත
20. රුචි
21. සුරුචි
22. පතාප
23. මහා පතාප
24. පහද
25. සුදස්සි
26. නෙරුප
27. මහා නෙරුප
28. අසිරිමත්
බෞද්ධ සාහිත්‍ය තුළ ද සඳහන් වන ආකාරයට, මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වේ. මේ රජවරුන් රජ කරන කාලයේදි ලංකාවේ භූමිය මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරී තිබුණ අතර දකුණු ඉන්දියාව ද හෙළ අධිරාජ්‍යයේ කොටසක් ලෙස පාලනය වී ඇත. රාවණා නැමැති කුලයක් අදත් දකුණු ඉන්දියාවේ දක්නට ලැබීම, රාවණා ඇදහිල්ල හා රාවණා විසින් නිර්මිත ශිව තාන්ඩව ස්තෝත්‍රය ඉන්දියාවේ අදත් භාවිතා වීම වැනි සාධක එයට සාක්ෂි දරයි. මහා මන්දාතු රජුගෙන් පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු යනු එකම රජකෙනෙකු ලෙසට ද මතයක් ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නම් තරමක අපැහැසිදි තත්තවයක් පවතියි. රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමායි. නමුත් හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවටද මතයක් පවතියි. ප්‍රාලද යනු වරමන්දාතු රජුම නම් මේ ගැටළුව විසඳෙනු ඇත.
මනු රජුගෙ බිසව වන මැණික්පාළි බිසවට සිය කුළුඳුල් දරුවා ලැබෙන්නට ඉද්දි ඇතිවුණ දොළ දුකක් සංසිඳවන්න තමයි මුලින්ම කෝළම් නැටූ බව සඳහන් වේ. මැණික්පාළි බිසවට සිනාසෙන්න ඕන උනත් සිනා නොවී සිටිය බවත් මනු රජ්ජුරුවො රට පුරා අඬ බෙර ගහලා රටේම ඉන්න කවටයින් ගෙනත් දේවිය ඉස්සරහා විහිළු කෙරෙව්වත් බිසවට ඒ එකකටවත් හිනා ගියේ නැති බවත් අන්තිමේදී අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කදුරු ලීයෙන් කල වෙස් මුහුණු පැලඳ ගෙන කල කෝළමට දේවියට සිනා පහල උන බවත් කෝලම් ඉතිහාසයේ සඳහන් වේ. අදටත් කෝළම් වල විශේෂ තැනක් මහාසම්මත මනු රජුට හා මැණික්පාළි බිසවට ලැබෙන්නෙ ඒ අතීතය සිහිපත් කරන්නයි.