මහාශිලා යනු ව්‍යුහ හෝ ස්මාරක ඉදිකිරීමට ගන්නා විශාල ශිලාවක් හෝ විශාල ශිලා කිහිපයකි. අතරගුලු වැටෙන ලෙස විශාල ශිලා පමණක් තබා සකස් කරන ලද ව්‍යුහයක්ද මහා ශිලා යනුවෙන් හැඳින්වේ.මහාශිලාවක් යන වචනය පුරාණ ග්‍රීසියේ (megas )විශාල සහ (lithos)ගල්/ශෛල යන වචන එක්වීමෙන් සෑදි ඇත. බොහෝ මහාශිලාවන් යොදාගෙන ඇත්තේ වැදගත් තාරකා විද්‍යාත්මක සිදුවීම් වු දින තීරණය කිරීමටය. මහාශිලාවකින් විශේෂ අරමුණකට යම් නිෂ්චිත හැඩයක් ලබාදීම යන අදහස ද පිළිබිඹු කෙරේ. මෙය ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ කාලයන්හි ජීවත් වූ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි හැඳින්වීමට යොදාගැනේ.ඉතා ප්‍රසිද්ධ මහාශිලා පුවරු අවමංගල කටයුතු සඳහා යොදාගෙන ඇත.මෙවැනි ඉදිකිරීම් බොහෝමයක් නියෝලිතික,කැල්කෝශිලා හා ලෝකඩ යුගයේ තිබී ඇත.


9 වැනි සහශ්‍රවර්ෂය තුළදී තුර්කියේ බොහෝමයක් ස්ථානවල ඉදිකරන ලද විශාල උත්සව ගොඩනැගිලි සොයාගෙන ඇත. මේවා ගොවි සහ එඩේර යුගවලටත් පසුකාලීනව යුරෝපීය සමාජය ආරම්භයේ තිබු ඒවා බව සොයාගෙන ඇත. විශාල වලාකාර ගල් ව්‍යුහ තිබීම මේවායේ විශේෂ ලක්ෂණයකි (උද්‍රාහරණ :- Nevali Cori & G bekli Tepe ).කෙසේ වෙතත් ඉපැරණිම මහාශිලා ලෙස මේවා නම් දැරුවත් යුරෝපීය මහාශිලා සම්ප්‍රදායන් බිහිවුයේ මේවායින් දැයි තවම අපැහැදිලි වේ. G bekli Tepe වල කැණීම්වලින් අනුමාන කරන ලද ශිලා 20 අතරින් 4 ක් සොයාගෙන ඇත. ඒවා මීටර් 30 ක වපසරියක පිහිටා ඇත අතර ඒවායේ සත්ත්ව රූපද(ඌරන්,නරියන්, සිංහයන්,කුරුල්ලන්, සර්පයන්, ගෝනුස්සන්) කැටයම් කොට ඇත.


යුරෝපීය ශිලා යුගය

සංස්කරණය
 
පෝල්නාබ්‍රොර්න් ඩොල්මන්, අයර්ලන්තය

යුරෝපයේ ඉතාමත් පොදු ශෛලමය නිර්මාණයක් වුයේ ගල් කුටි හෙවත් සුසාන කුටිය. ඒවා ඉදිකර ඇත්තේ ඉහළ අතට තබන ලද ගල් එකක් හෝ කිහිපයක් යොදා ගෙනය. හැඩ කරන ලද ගල් වහල වශයෙන් යොදා ගෙන ඇත. ඒවායින් බො‍හොමයක් එකිනෙකට අසමානය. එම ගල් කුටි මිනිසුන්ගේ අවශේෂ තැන්පත් කිරීමට, ඔවුන් භූමිදානය කිරීමට හෝ ඔවුන්ගේ මුලික උත්සව සඳහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. එසේ වුවත් සාමාන්‍යයෙන් ඒවා සුසාන කුටි වශයෙන් හඳුනාගත හැකිය. ඒවායේ දේශිය නම්ද දැකිය හැකිය. පෘතුගාලයේ 'ඇන්ටා', සාඩිනියා හි (ඉතාලියේ දූපතක්)'ස්ටැසේන්', හොලන්හි 'හනීබීඩ්' , ජර්මන්හි 'නෙත් ග්‍රැබි', ඩෙන්මාර්ක්හි 'ඔයිස්' හා වේල්ස්හි 'ෆොමිලෙඩ්' ආදීය ඒ සඳහා උදාහරණ කිහිපයකි. එසේම ඒවා ආරම්භ‍යේ දී මැටියෙන් ආවරණය කර පැවති බවට ද සිතය හැකිය.


දෙවන පොදු‍‍සොහොන් කොත් වර්ගය වන්නේ මාර්ගයන් සහිත සොහොන්ය. ඒවා සාමාන්‍යයෙන් චතුරාස්‍රාකාර වෘත්තාකාර, හෝ කුරුසාකාර කුටිවේ. ඒවායේ වහල ගල් සතරකින් හෝ පේකඩ ගලකින් හා කෙලින් ගමන් කල හැකි මාවතකින් යුක්තය. ඒ සියල්ලම වෘත්තාකාරව පස්වලින් ආවරණය කර ඇත. ඇතැම් ඒවා අමතර ගල් බැම්මකින් ආවරණය කොට ද පවතී. ඒ සඳහා උදාහරණයක් වශයෙන් අයර්ලන්තයේ 'බුරු නා බොනී’ සහ 'ක්‍රොමො' අයර්ලන්තය, ඔක්නි වල 'මොස‍්ගොව්' සහ ප්‍රංශයේ 'ග්‍රවිනිස් ' ආදීය සඳහන් කල හැක.


තුන්වන වර්ගයේ සුසාන කුටි වර්ගය ලෙස සැලකෙන්නේ සක්මනාගාර ආකාරයේ කුටි‍ය. ඒවා දිගටි ආකාරයෙන් පස් ගොඩැලි තුළ සාදා ඇත. අයර්ලන්තයේ රජ මැදුරු, බ්‍රිතාන්‍ය‍යේ ඉතා දිග සොහොන් ගොඩැලි සහ ජර්මනියේ 'ස්ටෙනිකිස්ටන් ' ද මෙම වර්ගයට අයත් වේ. වෙනත් වර්ගයක විශාලතම ස්මාරකයක් වන්නේ තනිව ඔසවන ලද ගල් කණු ‍හෝ මෙන්හිරන්ය. ඇතැම් විට ඒවා තාරකා විද්‍යාත්මක සලකුණු ‍හෝ පෙර දැනීම් සඳහා සකස් කරන ලද සංකීර්ණ සැකසුමක් ලෙසද සැලකිය හැකිය. උදාහරණයක් වශයෙන් 'බාටනී' හි ඇති 'කාර්නැක් ' දැක්විය හැකිය.


බ්‍රිතාන්‍ය‍යේ හා අයර්ලන්තයේ ශිලාමය නිර්මාණ අතර ප්‍රධාන තැනක් හිමිවින නිර්මාණය වන්නේ වෘත්තාකාර ගල්ය. ඒ සඳහා උදාහරණ දහස් ගණනක් දැක්විය හැකිය. '‍ස්ටොනෝජොජ්', 'ඇවබරි', 'රින් ඔන් ද බෙල්ටනි' සහ වෙල්ටනි ආදිය ඉන් කිහිපයකි. ඒවා ද තාරකා විද්‍යාත්මක කටයුතු සඳහා ඉදිකල බවට සාක්ෂි පවතී. උදාහරණයක් වශයෙන් 'ස්ට්‍රෙනෝෂේජ්' ප්‍රසිද්ධව ඇත්තේ සූර්යයා නිවෘත්තිය සඳහාය. යුරෝපයේ සෙසු ප්‍රදේශවලින්ද වාත්තාකාර ඉදිකිරීම් සඳහා උදාහරණ සොයාගත හැක. සාමාන්‍යයෙන් එම සුසාන කුටි, ශිලා හා ලෝකඩ යුගය අතර කාලයට අයත් ස්මාරක ලෙස සැලකේ.

ආසියාවේ මහාශිලා සම්ප්‍රදායන් - කොරියානු අර්ධද්වීපය

සංස්කරණය

වැළලී ගිය මහාශිලා සම්ප්‍රදායන් උතුරු සහ දකුණු ආසියාතික ප්‍රදේශවලින් සොයගෙන ඇත. චීනයේ ලියෝනිං ,ෂැන්ගොන් හා ෂියැං හිද ,කොරියානු අර්ධවීපයේද ,ජපානයේ කියුෂු හි සහ ඉන්දියාවෙහිද මෙම සම්ප්‍රදායට අයත් දේ හමුවී ඇත. වත්මන් මහාශිලා යුගයට අයත් සම්ප්‍රදාය ඉන්දුනීසියාවේ 'සාම්බා' දිවයිනේන් දැකගත හැකිවේ. නමුත් විශාල ලෙස මහාශිලා යුගයට අයත් සොහොන් ඉදිකිරීම් සඳහා යොමුවන්නේ කොරියාවයි. කොරියානු අර්ධද්වීපය තුළ මහාශිලා සම්ප්‍රදායට අයත් ඉදිකිරීම් 15 000 සිට 100 000 ප්‍රමාණයක් ඇති බවට පුරවිද්‍යාඥයින් අනුමාන කරයි.

උතුරු ආසියානු මහාශිලා සම්ප්‍රදාය

සංස්කරණය

උතුරු ආසියානු මහාශිලා සම්ප්‍රදාය උතුරු චීනයේ ලියෝ ගඟ අසබඩින් ආරම්භ වූ බව පැවසේ. මහාශිලා තැනීමේ තාක්ෂණය මෙම ලියෝ ගඟ අසබඩ සිට කොරියානු අර්ධද්වීපයටද ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගියේය. එහි පවතින භූවිෂමතාවයත් කාලයත් අනුව ඊට ගැලපෙන අයුරින් සැකසෙමින් මේ මහාශිලා ඉදිකෙරී ඇත. මුල් කාලයේ පැවති මහාශිලා “උතුරු ශිලා” හෝ “මේසයක ආකාරයේ ශිලා”ලෙස හඳුන්වා ඇත්තේ එහි වූ ලක්ෂණයක් පදනම් කරගෙනයි. එනම් පොළවට ඉහළින් ගල් ඵලක යොදාගෙන ඍජුකෝණාස්‍ර හැඩයට සොහොන් කුටිය නිර්මාණය කිරිමයි. එයට මේසයක ආකාරයේ හැඩයක් හිමිවී ඇත්තේ ඉහළින් තබන ගල් ඵලකය නිසාය. මෙම මහාශිලා Mumun Pottery කාලය (ක්‍රි.පු.1500-850)දක්වා ඈතට දිවයයි. එම ඉදිකිරීම් හැන් ගඟ දක්වා පැතිර පවතී. චීනයේද මෙවැනි මහාශිලා භූමිදාන කුටි තුළ භූමිදානය කරන ලද අවශේෂ ද්‍රව්‍ය හමුවී ඇත. මේවා පාලකයන් හෝ ප්‍රභූ පිරිස් වෙනුවෙන් ඉදිකරන ලද භූමිදාන කුටියැයි ඇතැම් පුරාවිද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත්, සොහොන් කැඩීම නිසා හෝ සාම්ප්‍රදායික පිළිවෙත් නිසා හෝ බොහෝ උතුරු මහාශිලා යුගයට අයත් සොහොන්බිම්වල නටබුන් සහිත ප්‍රදේශවලින් භූමිදානය කරන ලද භාණ්ඩ හමුවී නැත.


දකුණු මහාශිලා සම්ප්‍රදාය

සංස්කරණය
 
දක්ෂිණ ක්‍රමයේ මහාශිලා භූමිදාන, ජුක් රිම්-රි,ගොචැන්ග්-ඉයුබ්, දකුණු ජෙඔල්ලා ප්‍රදේශය,කොරියා

දක්ෂිණ ක්‍රමයේ මහාශිලා යුගයට අයත් සොහොන්බිම්, දකුණු කොරියානු අර්ධද්වීපයේ පැතිර පවතී. මේවා ආරම්භක Mumun හෝ මධ්‍යම Mumun කාලය දක්වා අතීතයට දිවයන බව සඳහන් වේ. දක්ෂිණ මහාශිලා සොහොන්වල ඇතුළත ප්‍රදේශය පස් හෝ සිහින් ගල් ඵලකවලින් නිර්මාණය වූ පොළොව යට භූමිදාන කුටියකින් සමන්විතය. එයට ඉහළින් විශාල ගල් කුට්ටියක් තබා කුඩා ගල්වලින් සමබර කර ඇත.කොරියානු අර්ධද්වීපයේ බහුලව ඇත්තේ දක්ෂිණ ක්‍රමයේ මහාශිලා යුගයට අයත් සොහොන් කුටි වේ.


Megalith Megalithic_traditions_of_Asia:_the_Korean_Peninsula
"https://si.wikipedia.org/w/index.php?title=මහාශිලා(Megalith)&oldid=472577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි