(පූජ්‍ය විමල චන්ද්‍ර හිමි විසිනි) විස්තර බොහෝමයක් අඩංගු නොවන ගුප්ත චරිතයක් ලෙස පෙනී යයි.අන්තර්ජාලය ඇසුරෙන් විස්තර සොයා ගැනීමද අපහසුය.නමුදු මහා විහාරීය භික්ෂුවක් බවත් මහා විහාරීය භික්ෂු පරපුර යනු ථේරවාදී බුදුදහම රැකගත් පිරිස බවත් දනිමි.රුවන්වැලිසෑය ආශ්‍රිතව මහා විහාරීය භික්ෂු පරපුර වැඩ වාසය කළහ.

මහානාම හිමියන් විසින් කරවන ලද මහාවංශයෙහි කොටස් මෙසේය.


1-5 බුදුසසුන ආරම්භයේ සිට 3 වැනි ධර්ම සංගායනාව දක්වා ගැන 5-15 දේවානම් පියතිස්ස රජතුමා ගැන 15-26 දුටුගැමුණු මහා රජතුමා ගැන බුද්ධාගමේ චිරස්තිථිය වෙනුවෙන් කැපවීය. 26-32 (ගාථා 520) දුටුගැමුණු රජතුමා සිට මහසෙන් රජතුමා දක්වා රජවරු 43 දෙනෙකු ගැන මහාවංශයේ ඓතිහාසික වටිනාකම වැඩි කොටසයි. මහානාම හිමියන් සිටි කාලය තුල ලියවුන මෙම කොටසේ නිරවද්‍යතාවය ඉතාමත් ඉහලයි.

මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියනලද, ඓතිහාසික කාව්‍යයකි.

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී. එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.


අන්තර්ජාලය ඇසුරෙන් සොයාගත් කරුණු ගැන වග නොකියමි.wikipedia ලිවීම සදහාම පමණක් මෙම තොරතුරු ඇතුළත් කර ඇත..

ven:wimalachandhra .

"https://si.wikipedia.org/w/index.php?title=මහානාම_හිමි&oldid=562563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි