අද කියන්නේ මහනුවර ඇති පැරණිම පූජනීය ගොඩනැගිල්ල ගැනයි. ඒ කියන්නේ දළදා මාලිගාව ඉදිරියෙන් ඇති නාථ දේවාලය ගැනයි මේ සටහන. මේ නාථ දේවාල භූමිය ඉතාම ඓතිහාසික තැනක්. මේ භූමිය ජය භූමියක් හැටියටයි පෙර රජවරුන් සැලකුවේ. ඒනිසා අපේ රජවරු ඔටුණු පළඳා ඇත්තෙත් මේ නාථ දේවාල භූමියේමයි.

යමෙක් රජවුණාම පාවිච්චි කරන්නේ වෙනත් නම්. ඉතින් ඒ රජවරුන්ට නම් තැබෙන්නෙත් නාථ දේවාල භූමියේදිමයි. ඒ අනුව කන්ද උඩ­රට රජ වූ සෑම රජෙ­කුටම නම් යෙදී­මට භාවිත කළේ මේ නාථ දේවාල භූමි­යයි. එහි ඇතුළු මාලි­ගයේ මැටි මුට්ටි­යක තබා තිබෙන නම්ව­ලින් එකක් උදෑ­ස­නම පිළි­වෙත් රැක ගොස් රජු විසින් ලබා­ගැ­නී­මෙන් පසු රජුට හිමි නම තබනවා. රජතුමාට ඔටුණු පළදන්නත් මේ දේවාල භූමියේ වෙනම මණ්ඩපයක් තියෙනවා. අදත් ඒ මණ්ඩපයේ පාදම දකින්න පුළුවන්. උතු­රට මුහුණ ලා වාහ­ල්ක­ඩත්, නැ‍ඟෙන­හි­රට මුහුණ ලා චෛත්‍යය හා බෝධි­යත්, දකු­ණට මුහුණ ලා දේවා­ල­යත් පිහිටා තිබිම මේ මණ්ඩපයේ විශේෂත්වයක්. ඒ අනුව පෙර රජ­වරු චාරි­ත්‍රා­නු­කූ­ලව ඔටුණු පලඳා උතුරු වාහ­ල්ක­ඩින් පිටව ගොස් විෂ්ණු දේවා­ල­යෙන් අසි­පත අතට ගන්නවා. නාථ දෙවි­යන් යුද්ධ නොකළ දෙවි කෙනකු නිසා අසි­පත විෂ්ණු දේවා­ලයේ තැබිම විශේෂත්වයක්.

සෙංක­ණ්ඩ­පුර හෙවත් මහ­නු­වර ගොඩ­නැ­ගෙ­න්නේ නාථ දේවා­ල­යද සම­ඟින්මයි. ඒ දහහතරවන සියවසේ ගම්පොළ රජකළ තුන්වන වික්‍රමබාහු රජතුමාගේ සමයේදි. නාථ දෙවියන් සැලකෙන්නේ මතු බුදු වන මෛත්‍රී බෝස­තුන් ලෙසයි. නාථ දෙවි­යන් උදෙසා ඉදි වූ නාථ දේවාල ගොඩ­නැ­ඟිල්ල සියවස් ගණනක් පැරණියි. ඒ අනුව මහ­නු­වර නග­රයේ පළමු මෙන්ම ඉපැ­ර­ණි­තම ගොඩ­නැ­ඟිල්ල මේ දේවාලයයි. දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍ර­දායේ ගෙඩි­ගෙ­යක් ලෙස මුළු­ම­නින්ම ගලෙන් මේ දේවාලය නිර්මාණය කර තියෙනවා.ඒ අනුව නාථ දෙවි­ඳුන් වෙනු­වෙන් ඉදිව ඇති ප්‍රධා­න­තම දෙවොල වන්නේ මහ­නු­වර ශ්‍රී නාථ දේවා­ල­යයි.

⁣මහනුවරට සෙංකඩ පුර කියන නම ලැබුණේ මේ දේවාල භූමියේ සිටි සෙංකඩ නම් බමුණෙකු නිසා බවත් සඳහන් වෙනවා. මේ නාථ දේවා­ලය අයත් භූමිය, සෙංකණ්ඩ බමුණා හඳු­නා­ගෙන ඇත්තේ ජය භූමි­යක් හැටියටයි. හිවලෙකු පසුපස හාවෙකු පන්නන අපුරු සිදුවිමක් බමුණා දැක මෙම ස්ථානය ජය භූමියක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ ජය භුමිය සෙංකණ්ඩ බමුණා විසින් හඳු­නා­ගැ­නීම නිසා ඒ නග­ර­යත් සමස්ත රාජ­ධා­නි­යත්

සෙංක­ණ්ඩ­ගලපුර ලෙස හැදින්වුණා. මේ සිද්ධියෙන් පසු ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජතුමා එහි නාථ දේවා­ලය ඉදි කරවා තිබෙනවා. එසේම ඒ ප්‍රධාන, දේවා­ලය ඉදි කෙරෙන තුරු එම ස්ථානයේ කුඩා කුටි­යක් හදලා එහි තමයි නාථ දේව පුතිමාව තැන්පත් කරලා තියෙන්නේ.1543 කාලයට අයත් ශලා ලිපි දෙකකුත් මේ දේවාලයේ ගල් අතර අල්ලා තිබෙනවා.

“අවලෝකිතේශ්වර නාථ” නැමැති ග්‍රන්ථය ලියු හෝල්ට්මේ ගැන සදහන් කරන්නේ නාථ දේවාල ගෙඩිගේ පුද ලබන නාථ දේව ප්‍රතිමාව, එම ගෙඩිගේ නාථ දේවාලයට වඩා පැරැණි බවයි.

නාථ දේවාලයට පසෙකින් අදත් දකින්න ඇති ගම්භාර දේවාලය තමයි ඒ කුඩා දේවාලය. මේ ගම්භාර දේවාල බැම්මෙහි බිතු සිතු­වම් මත තවත් සිතුවම් වගයක් දක්නට තියෙනවා.ඒවා ඇද තියෙන්නේ ලන්දේ­සීන්. අදත් ඒ ඇඳි බිතු සිතු­වම් දකින්න තියෙනවා. අපේ රජ­ව­රුන් හමු වීමට එන ලන්දේසින් රජතුමාගෙන් කැඳවිමක් ලැබෙනතුරු මේ ස්ථානයේ රැඳි ඉන්නා කාලය තුළදි ඔවුන් මේ සිතුවම් ඇඳ තිබෙනවා. ඒ ගොඩක් සිතුවම් රුවල් නැව් වීම විශේෂත්වයක්. පසුව රජතුමා නාථ දේවා­ලය ඉදි කිරී­මත් සමග තම මාලි­ගය, නග­රය ආදිය මේ ස්ථානය වෙත ගෙන ආ බව සඳහන් වෙනවා. මහ­නු­වර නග­රය දොළොස් චක්‍ර­යක ආකා­ර­ය­ට තමයි රජතුමා ඉදිකරවා තිබෙන්නේ. පැරැණි වීදි බැලුවාම ඒ බව පෙනෙනවා. ඒත් පසු කාලීන ඉංග්‍රීසින් එය වෙනස්කර තිබෙනවා.

දේවාල භූමි­යට ඇතුළු වන ප්‍රධාන වාහ­ල්කඩ මහ­නු­වර නග­රයේ පැර­ණි­තම

වාහ­ල්ක­ඩක්. මුර­ගල් දෙක­ක්, මුදුනේ මකර තොර­ණ­ක්, උළු සෙවිලි කළ වහ­ල­ක් මේ වාහල්කඩේ දැකගන්න තියෙනවා. ඒ විතරක් නොවේ දළදා වහන්සේ වැඩමවාගෙන ගිය පාත්‍රා ධාතූන් වහන්සේ නමක් තැන්පත් කළ චෛත්‍යය, ඓති­හා­සික වැල්බෝ­ධිය, ආයුධ සැදී­මට යකඩ උණු කළ කෝව, දළදා වහ­න්සේට පූජාව සඳහා පැන් ගත් ළිඳ, ඝණ්ටාර කුලුන, කළු­ග­ලෙන් නිම­වන ලද සැත­පෙන බුදු පිළිම වහන්සේ, කළු ගලෙන්ම නිම­වන ලද පින්තා­ලිය, ශ්‍රී පතුල, ගල් උළු­වස්ස, ආදි කැණී­ම්ව­ලින් සොයා­ගන්නා ලද පුරා­වස්තු රැසක් ද මේ නාථ දේවාල භූමියේ තියෙනවා. නාථ දෙවි­යන්ගේ පූජා සඳහා සහල් ගත් වෙල, දෙයි­යන්නේ වෙල ලෙස හැඳි­න්වුණා.

මේ නාථ දේවාල බිමේ තවත් ඉපැරැණිම සිහිවටනයක් තියෙනවා. ඒ තමයි වැල් බෝධිය. වැලක මෙන් බෝපත්‍ර පහළට එල්ලා වැටෙන නිසා මෙය වැල් බෝධිය ලෙස හැදින්වෙනවා .නාථ දේවාල භූමියේ වැල්බෝධිය ගැන චූල බෝධිවංශයෙත් සදහන් වෙනවා.

ඉතින් දළදා වහන්සේ වන්දනා කිරිමට යන ඔබ මාලිගාව ඉදිරියෙන් ඇති මේ නාථ දේවාල භූමියට ගොස් දේවාලෙත් වැඳ විවේක සුවයෙනුත් ඉන්න ඇති. නමුත් ඒ ඔබ ඇවිද ගියේ මහනුවර මුල්ම ඉදිකිරිම ඇති, රජවරුන් ඔටුණු පළන් ජය භූමියේ බව දැන නොසිටියා විය හැකියි. දළදා වහන්සේ වැඳගෙන නාථ දේවාල භූමියට පිවිස මෙහි සදහන් ඉතිහාසය ගැන ආවර්ජනය කරමින් දරුවන්ට එහි වටිනාකම කියා දෙන්න.


https://www.facebook.com/NopenenaLokayaOfficial

"https://si.wikipedia.org/w/index.php?title=මහනුවර_නාථ_දේවාලය&oldid=496633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි