මහනුවර-මහජන සේවාවන්
සෙංකඩගල නම් පැරණි නාමයෙන්ද හැඳින්වෙන මහනුවර, ශ්‍රී ලාංකීය සංස්කෘතිය ආරක්ෂා කරන අධ්‍යාත්මික මධ්‍යස්ථානයක් ලෙසින් ශත වර්ෂ ගණනාවක් පැවතුණේය. එහි තිබෙන මාළිගා සංකීර්ණයෙහි ලක්වාසී ජනතාවගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වන පූජ්‍යස්ථානය හෙවත් දළදා මාළිගාව පිහිටියේය.
රජමහ විහාරය නොහොත් ගංගාරාමය කරවන ලද්දේ දෙවෙනි නායක්කර් රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහයි. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ශ්‍රී රාජාධිරාජසිංහ බුද්ධාගමට නොමසුරුව අනුග්‍රහය දැක් වූ රජ කෙනෙකි. රාජධානිය පුරා නොයෙක් ආකාරයට බුද්ධ ප්‍රතිමා තැනවීම සම්බන්ධයෙන් පළමු නායක්කර් රජු වූ ශ්‍රී විජය රාජසිංහ රජතුමා සිහිපත් කරනු ලැබේ. මහනුවර සිට බැලූ කළ පහළින් පෙනෙන නුවර වැව කරවන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය.
වෙළඳාම
මහනුවරට ආනයන ද්‍රව්‍ය
අල්පේච්ඡ රළු ජීවන ක්‍රමයකට හුරු වි සිටි උඩරට ජනතාවට මූලික අවශ්‍යතා හැරුණු විට වෙනත් විසිතුරු භාණ්ඩ අවශ්‍ය වූයේ ඉතා සුළු ප්‍රමාණයකි. එසේ වුවත් ආනයනය කළ ද්‍රව්‍ය අතර සේද, තේ, සීනි, රසකැවිලි, පිඟන් බඩු සහ බතාවියාවෙන් ජපන් තඹ, තුවක්කු බට, සහ හෙල්ල, උදලු පිහියා ආදිය සෑදීම සඳහා යකඩ සහ වානේ ආදිය ආනයනය කරන ලදී. බෙංගාලයෙන් ආනයනය කරන කරනු ලැබූ රෙදි ආදිය ලන්දේසීහු 18% ක ආනයන බද්දක් පැනවූහ.
අපනයන
යුරෝපීය වෙළඳුන්ගේ ප්‍රියතම භාණ්ඩය වූයේ කුරුඳු, ගම්මිරිස් සහ පුවක් වැනි දේවල්ය. මහනුවර රාජධානියේ ප්‍රධාන අපනයන ද්‍රව්‍ය වූයේ අලි ඇතුන්ය. වෙළඳ කටයුතු ප්‍රධාන වශයෙන් කෙරුණේ ලන්දේසීන් හරහාය. නිල් මැණික්, පුෂ්පරාග, පද්මරාග වැනි අගනා මැණික් කැට මතු කර ගැනීම සඳහා මාතර සහ කොළඹ පතල් කැනීම් හැරුණු විට ත්‍රීකුණාමලය බොක්කේ මුතු කිමිදීම කෙරුණේ ලන්දේසීන් අතිනි. ජෝන් පයිබස්ට අනුව ලන්දේසීන් අරක්කුද විකුණනු ලැබුවේ මෙම සුන්දර දිවයිනේ විනාශය ක්‍රමානුකූල ලෙස සම්පූර්ණ කිරීම අරඹමිණි. ඒ වන විට තේ මෙම කලාපයට හඳුන්වා දී තිබුණේ නැත.
හමුදාව
උඩරට හමුදාව යුද්ධ කටයුතු සඳහා බෙහෙවින් යොදා ගත්තේ ගරිල්ලා සටන් ක්‍රමෝපායන්ය. ඒවා බොහෝ දුරට සාර්ථක විය. සෙබළුන් දුනු හී කඩු හෙල්ල සහ තුවක්කුවලින් සන්නද්ධ වූහ. නුවර රජවරුන් සතුව කිහිප ආකාරයක කාල තුවක්කු තිබුණේය. ඒවායින් අවුන්ස 4 සිට 8 දක්වා උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි විය. රජතුමාට රථයක සවිකරන ලද කාල තුවක්කු දෙකක් රජ මාළිගයේ තිබුණේය. ඔවුහු මාතලේ අසල ප්‍රදේශයක වෙඩි බෙහෙත් නිෂ්පාදනය කළහ. මුහුදේදී කෙරෙන සටන් වලදී මහනුවර රජවරු බොහෝ අවස්ථාවලදී ලන්දේසීන්ගේ උදව් ලබා ගත්හ.