මහජන රැළියකදී-සිදුවීමක්

සිදුවීමක්

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) නම් ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය විසින් 1981 මැයි 31 වෙනි ඉරුදින පවත්වන්නට යෙදුනු මහජන රැළියකදී ( මහජාතිය වු) සිංහල ජාතික පොලිස් නිළධාරීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරිනි.

එදින රාත්‍රියේ පොලීසිය හා යුධ හමුදා ඇදුම්වලට සමාන ඇදුම් ලා ගත් පිරිසක් ආරම්භ කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාමය දින 3ක් මුලුල්ලේ පැවතුණි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයද ප්‍රාදේශීය පුවත්පතක් වු ‍ඊලනාඩු කාර්යාලයද විනාශ කෙරුණි. සංස්කාතියක මෙන්ම ආගමික වශයෙන් වැදගත් කොට සැලකුණු දෙමල නායකයිනගේ පිලිරූ විනාශ කරනු ලැබිනි. නැතහොත් විකෘති කෙරුනි.

එක් නිවසක සිටි මිනිසුන් හතර දෙනෙකු එළියට ඇද ගෙන අවුත් කිසිදු හේතුවක් නොමැතිව ඝාතනය කරන ලදී. බොහෝ ව්‍යාපාර ආයතනද , ප්‍රදේශයේ හින්දු කෝවිලද සැලසුම් කළාක් මෙන් විනාශ කරන ලදී.

මැයි 31 පොලිසීය හා රජය විසින් සංවිධානය කරන ලද මැරයින් රැළක් යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ කීහ. 97000කට අධික කාණ්ඩ වලින් යුතු පොත්ද සමග ඓතිහාසික වටිනාකමකින් යුත් (scrolls) අකුලන පොත්ද , ලේඛණද , දාර්ශනිකයෙකු හා කළා විශාරදකයෙකු වු ආනන්ද කුමාරස්වාමිගේ සහ ප්‍රසිද්ධ බුද්ධිමතෙකු වු ආචාර්ය අයිසැක් තම්බයියා වැනි අයගේ , සංස්කෘතියේ වටිනාකමක් තිබුණවුද , නැවත කෙදිනක හෝ සොයා ගත නොහැකි වන්නාවුද අත් පිටපත් විනාශ විය. මෙම විනාශ වු ලියවිලි අතරට දෙමළ සංස්කෘතිය පෝෂණය කළ ලේඛකයන්ගේ හා නාට්‍යකරුවන්ගේ කෘතීන්ද ප්‍රදේශයේ පිළිගැනීමට ලක්වු වෛද්‍යවරුන්ගේ සහ දේශපාලකයින්ගේ කෘතීන්ද ඇතුළත් විය.

1984 දී නැනසි මරේ නම් ලේඛිකාව පුවත්පත්කට ලියු ලිපියක සදහනා කර ඇත්තේ නිල ඇදුම් මෙන්ම සිවිල් ඇදුම්වලින්ද සැරසුණු ආරක්ෂක භටයින් මෙම විනාශය කරද්දී , ආරක්ෂක අංශයෙන් උසස් නිළධාරීන් කීප දෙනෙකුද කැබිනට් ඇමතිවරු දෙදෙනෙකුද යාපනය නගරයේ සිටි බවයි. අවුරුදු 20 කට පසු රජයට අයිති ඩේලි නිව්ස් පුවත්පතේ කතුවැකියක සදහන් වුයේ 1981 දී සිදුවු මෙම සිද්ධිය රජය විසින් මුදා හළ අඥානයින් රැළකගේ වැඩක් බවයි.