පරාක්‍රමබාහු ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානනීය රජෙකු ලෙස තවමත් ගෞරවයට පාත්‍ර වෙයි. දැනට ශ්‍රී ලංකාවේ භාවිතා වන මුදල් නෝට්ටුවල 'වටදාගෙයි' සිතුවමක් දක්වා තිබේ.

පරාක්‍රමබාහු වසර 33 ක් ලංකාවේ රාජ්‍ය පාලනය කළ බවත් පොළොන්නරුවේදී අභාවප්‍රාප්ත වූ බවත් චූලවංශයේ විස්තර කරයි. ඔහුගෙන් පසු විජයබාහු රජ විය. විජයබාහු පරාක්‍රමබාහුගේ සහෝදරියගේ පුත්‍රයා බව විස්තර කර ඇත. ඔහු 'කාලිංග' දේශයේ අගනුවර වූ සිංහපුර සිට කැඳවනු ලැබීය. විජයබාහු කාලිංග දේශයේ සිට කැඳ වූයේ ඇයි දැයි පැහැදිළි නොකෙරේ. විජයබාහු, රුහුනේ මානාභරණ විසින් විවාහ කරගෙන සිටි පබාවතී සහ මිත්තා යන පරාක්‍රමබාහු රජුගේ සොහොයුරියන් දෙදෙනාගෙන් කෙනෙකුගේ පුතෙක් විය නොහැකි බව පැහැදිලිය. එසේම පරාක්‍රමබාහුගේ තවත් සොහොයුරියක් වූ බද්දාවතී සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ ගජබාහුගේ පුතෙකුද විය නොහැකිය. මන්ද ගජබාහුට -ගජබාහු මරණයෙන් පසුවද ජිවත්වූ පුතෙක් නොසිටි බව චූලවංශය ඉතා පැහැදිලිව විස්තර කර ඇති හෙයිනි. විවාද රහිතව පිළිගැනෙන කාරණයක් වන්නේ සත්‍ය වශයෙන්ම මෙම විජයබාහු, පරාක්‍රමබාහුගේ ( වැඩි විස්තර නොදන්නා කාලිංග රජෙකුට විවාහ කර දුන්) හතරවැනි සොහොයුරියගේ පුතෙකු බවයි. ඔහු මිහිදන් කළ ස්ථානය අප්‍රකටය.

ඔහුගේ රාජ්‍ය කාලය තුළදී දකුණු ඉන්දියාවේ චෝලවරුන්ගේ බලය අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාවේ බලය දායක විය. 12 වෙනි සියවස අවසානය දක්වා ශ්‍රි ලංකා හමුදා රාමේශ්වර් හි දිගටම රැඳි සිටියහ. නිශ්ශංක මල්ල රජුගේ කාලය දක්වා (1187 - 1196) සිංහල හමුදාවන්ගේ ජයග්‍රහණයන් ගැනද වාර්තා තිබේ. තව දුරටත් කියතොත් දිවයින පුරා විසිරී තිබෙන මහා රජු විසින් කරවන ලද කාර්‍යයන්හි වර්ණනාව දැක්වෙන කැටයම් සහ නෙළීම්වලට අමතරව රජු විසින් කරවන ලද ඉදිකිරීම් ව්‍යපෘතිවල විශාලත්වය, තරම, හා පැතිරී ඇති ප්‍රමාණය, හා සංඛ්‍යාව දැනුදු පොළොන්නරුවේදී දැක ගත හැකිය. එහෙත් මෙම සාර්ථකත්වයට වන්දියක් ගෙවිය යුතු විය. කෲරවූ යුද්ධයන් වෙනුවෙන් රටටම වන්දිගෙවීමට සිදුවිය. පරාක්‍රමබාහු රජු විශ්වාසය තැබූ ඔහුගේ කුලී හමුදාව ඔහුගේ මරණයෙන් පසු රට අස්ථාවර කිරීමට බල පෑ එක් සාධකයක් විය. ඔහුගේ කාලය තුළ බදු අය කිරීම ඉහළ ගියේය. ඔහුගේ පාලනයේ අවසාන කාලයේ දුගී බව ඉස්මතු වීම විදහා දක්වමින් වැඩි වටිනාකමින් යුක්ත කාසි නිකුත් කිරීම, භාවිතය නැත්තටම නැති වුනාක් මෙන් විය. ඔහුගෙන් පසු රජකමට පත්වූ නිශ්ශංකමල්ලගේ ජනප්‍රිය කාර්යයක් වූයේ බදු අඩු කිරීමයි.

ඔහුටම විශේෂ වූ බලඅධිකාරිය හා කීර්තිය හේතුවෙන් තමන්ගෙන් පසු පත්වන අනුප්‍රාප්තිකයාගේ බලය ස්ථාවර තත්වයේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර පරාක්‍රමබාහු රජු නොගත්තේය. මෙයට එක් හේතුවක් වූයේ රාජ්‍ය ප්‍රාප්තිය සම්බන්ධයෙන් ලංකාවේ තිබූ නිශේධනාත්මක සම්ප්‍රදායික නීතියයි. එහි රාජ්‍ය අනුප්‍රාප්තිකත්වය පිළිබඳ පැහැදිලි සාධාරණ ක්‍රමවේදයක් අඩංගු වී තිබුනේය. ඔහුගේ යුගයෙන් පසු බොහෝ කල් පැවති අස්ථාවරත්වය හේතුවෙන් සමහරක් කරන ලද කාර්යයන් අභාවයට ගිය අතර නැවත ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි ලෙස රට අර්බුදවලට මැදි විය. පරාක්‍රමබාහු රජතුමා කෙතරම් ජනප්‍රිය වූයේද කියතොත් ඔහුගෙන් පසු ගත වූ ශත වර්ෂ 4 ක පමණ කාලයක් තුළ රජකමට පත් වූ හත්දෙනෙකු පමණ ඔහුගේ නම භාවිතා කිරීමෙන් ඒ බව තහවුරු වේ. එසේ වුවද පරාක්‍රමබාහු ලද සාර්ථකත්වයේ අංශු මාත්‍රයක්වත් ලබා ගත හැකි වූයේ ඔවුන්ගෙන් දෙතුන් දෙනෙකුට පමණි. දිගු කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තත්වය උච්චඅවස්ථාවකට ගෙන ඒමේ කාර්‍යයේදී ඔහුගේ ලොකුම දුර්වලකම වූයේ අන් කිසිවක් නොව දිවයිනේ සියලු සම්පත් සංයමයකින් තොරව සම්පූර්ණයෙන්ම නැති නාස්ති කිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=මරණය_සහ_උරුමය&oldid=218562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි