මයිලෝ (පානය)
මයිලෝ යනු උණුසුම් හෝ ශීත හෝ ජලය හෝ කිරි හෝ සමඟ මිශ්‍රකර පානය කළ හැකි චොක්ලට් සහ මෝල්ට් පවුඩර් වර්ගයකි. මයිලෝ ලොව බොහෝ ප්‍රදේශ වල ජනප්‍රිය පානයකි. නෙස්ලේ සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මෙම නිෂ්පාදනය මුලින්ම වැඩිදියුණු කරනු ලැබුවේ තෝමස් මේන් විසින් 1934 දී, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී ය.
වර්ගය | උණු කොකෝවා |
---|---|
අයිතිකරු | නෙස්ලේ |
රට | ඕස්ට්‍රෙිලියාව |
හඳුන්වාදුන්නේ | 1934 |
වෙළෙඳපොල | ලොවපුරා, බෙහෙවින් ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය |
වෙබ්අඩවිය | http://www.milo.com.au/ |
වැඩි වශයෙන් කොළ පැහැති ටින් වල ඇසුරුම් කල පවුඩර් ලෙස දැකිය හැකි වුවත් ඇතැම් රටවල කලින් සකස් කළ පානයක් ලෙස සහ ස්නැක් බාර් හෝ උදෑසන ධාන්‍යමය ආහාරයක් වශයෙන් ද මයිලෝ පවතී. ඇතැම් රටවල ඒවායේ සංයුතිය සහ රසය වෙනස් වේ.