මයිනර් ඩීටේල් (නවකතාව)

මයිනර් ඩීටේල් (تفصيل ثانوي, ටොෆ්සීල් ෆෑනවී) යනු, පලස්තීන ගත්කතුවරියක වන අඩනියා ෂිබ්ලි විසින් රචිත 2017 වසරෙහිදී ප්‍රකාශිත නවකතාවකි. 2020 වසරෙහිදී එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ එළිසබෙත් ජැකෙට් විසිනි.

මයිනර් ඩීටේල්
නිව් ඩිරෙක්ෂන්ස් අනුවාදයෙහි පිටකවරය
කර්තෘඅඩනියා ෂිබ්ලි
මුල් මාතෘකාවتفصيل ثانوي,
පරිවර්තකඑළිසබෙත් ජැකෙට්
භාෂාවඅරාබි
ප්‍රභේදයප්‍රබන්ධය
ප්‍රකාශකයාෆිට්ස්කැරැල්ඩෝ එඩිෂන්ස් (එරා)
නිව් ඩිරෙක්ෂන්ස් ප්‍රකාශකයෝ (එජ)
ටෙක්ස්ට් ප්‍රකාශකයෝ (ඕස්ට්‍රේලියාව)
මාධ්‍ය වර්ගයපොත
පිටු112 පිටු (එරා)
105 පිටු (එජ)
176 පිටු (ඕස්ට්‍රෙිලියාව)
අයිඑස්බීඑන්9781913097172 එරා අනුවාදය සඳහා. අනෙකුත් අනුවාද සඳහා ISBNS පිළිබඳ පෙළ බලන්න.
ඕසීඑල්සී1117463562

එය දෙකොටසකින් සමන්විත වන අතර, පළමුවන කොටසෙහිදී යෞවන අරාබි බෙඩුවින්-පලස්තීනියානු මානවිකාවක් 1949 වසරෙහිදී ඊශ්‍රායෙල සොල්දාදුවන් විසින් සමූහ දූෂණය කොට ඝාතනය කල සත්‍ය කතාවක් යළි සිහිපත් කරවන අතර, ප්‍රබන්ධමය දෙවන කොටසෙහිදී මෙම සිද්ධිය විමර්ශනය කිරීමට තැත්කරන පලස්තීන කාන්තාවකගේ ජීවන චරිත කතාව පුනර්කථනය කරයි.

මෙම නවකතාව, 2020 වසරෙහිදී පරිවර්තිත සාහිත්‍ය සඳහා වන ජාතික ග්‍රන්ථ සම්මානය සඳහා නම්කරනු ලැබූ අතර, 2021 වසරෙහිදී ජාත්‍යන්තර බුකර් ත්‍යාගය සඳහා සුදුසු යැයි හැඟෙන ලැයිස්තුවකට ඇතුළත් කරනු ලැබූ අතර 2023 වසරෙහිදී ලිටරෙට්ටුවප්‍රයි  (de) දිනාගති.

විකාශනය සංස්කරණය

එය ශිබ්ලිගේ තුන්වන නවකතාව වූ අතර, වසර 12 ක කාලයක් පුරා ලියැවෙන ලදි. [1] එය අරාබි භාෂාවෙන් ලියන ලද අතර, 2017 වසරේදී පළමුවරට එම භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර,[2] 2020 වසරෙහිදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ එළිසබෙත් ජැකෙට් විසිනි. [3] එය පදනම්ව ඇත්තේ සත්‍ය කතාවක් මතය. [4][5]

මෙම නවකතාව අරාබි භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරුණේ 2017 වසරෙහිදීය. එතැන් පටන් එය පරිවර්තන කිහිපයකට ලක් විය:

කථා වස්තුව සංස්කරණය

 
නවකතාවෙහි කොටසක් සිදුවූ නෙගෙව් කාන්තාරය.

නවකතාවෙහි පළමුවන කොටසෙහිදී ඓතිහාසික සිද්ධියක් යළි සිහිපත් කරවන අතර [4] එහිදී යෞවන අරාබි බෙඩුවින්-පලස්තීනියානු මානවිකාවක් 1949 වසරෙහිදී ඊශ්‍රායෙල සොල්දාදුවන් විසින් නෙගෙව් කාන්තාරයෙහිදී සමූහ දූෂණය කොට ඝාතනය කෙරෙයි. දෙවන කොටස අදාල වන්නේ වර්තමාන පුද්ගලයෙකුට වන අතර, රමාලා නගරයෙහි ජීවත්වූ නමක් සඳහන් කොකල කාන්තාවක් මෙම 1949 සිද්ධිය පිළිබඳව තොරතුරු පුවත්පතක වූ වාර්තාවකින් දැනගෙන, එම දිනය ඇයගේ උපන්දිනයද වූ බැවින් එය ගැන ඇයගේ සිත තුල දැඩි ලෙස බලපෑ බැවින්, කෞතුකාගාර සංරක්ෂණාගාර (ඊශ්‍රායෙල ආරක්ෂා හමුදා ඉතිහාස කෞතුකාගාරය ඇතුළුව) වෙත ගොස් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට ප්‍රයත්න දරයි.ඇයගේ විමර්ශනය අසීරු බවට පත්වන්නේ පලස්තීනියානුවන් විසින් අත්විඳින ගමනාගමන සීමා කිරීම හේතුවෙනි. අත්‍යන්තයෙහිදී, ගමනාගමන සීමාවන් උල්ලංඝනය කිරීමේ වරදට හසුවන ඇය, බෙඩුවින් කාන්තාව ඝාතනය වූ ස්ථානයේදීම IDF විසින් මරණයට පමුණුවනු ලබයි. [3][5][6][1]

පිළිගැන්ම සංස්කරණය

2020 වසරෙහිදී මෙම පොත ද ගාඩියන් පුවත්පත වෙනුවෙන් ඇන්තනී කමින්ස් විසින් සහ [3] ෆැටිමා බූතෝ විසින් විචාරනය කරන ලදි.[5] කමින්ස් විසින් පොත ගැන සඳහන් කලේ "තදනුභූතියෙහි සීමාවන් සහ අයිතිවාසිකම සඳහා අභිරුචිය අකාරුණ්‍ය ලෙසින් විපරම් කරන අතිශයින් විදග්ධ වෘත්තාන්තයක්... අඝෝෂ අයවළුන්ට කටහඬ ලබාදීමෙන් ඓතිහාසික වැරදි ක්‍රියාවන් (නිවැරැදි කිරීමට උත්සාහයයක්) " ලෙසිනි.[3] ෂිබ්ලිගේ ලේඛන ශෛලිය පිළිබඳව බූතෝ සඳහන් කරන්නේ "සියුම් සහ තියුණු ලෙසින් නිරික්ෂණයන් සිදුකල එකක්" ලෙස වන අතර, අවසාන වශයෙන් සඳහන් කරන්නේ "මෙම පොත, ප්‍රභින්න ස්ථාන වලදී, බිය ගන්වනසුළු සහ උපහාසාත්මක බවක් දක්වන බවයි; සෑම නැම්මකදීම, ත්‍රාසජනක ලෙසින් සහ අතිශය ප්‍රබල ලෙසින් යහපත් බවක් දක්වන බවයි".[5]

එම වසරෙහිදීම මෙම නවකතාව ලොස් ඇන්ජලීස් ග්‍රන්ථ විචාරණ වෙනුවෙන් කේටී දා කුඥ්ඤා ලෙවින් විසින් විචාරණය කරන ලද අතර, දා කුඥ්ඤා ලෙවින් විසින් පොත විස්තර කරන්නේ "ප්‍රචණ්ඩත්වය හා සමගින් ජීවත්වීමෙහි ගැඹුරු සංඝට්ටනය පිළිබඳව සිදුකල තීව‍්‍ර සහ තීක්ෂ්ණ කෘතියක් ලෙසින් " වන අතර, අවසන් වශයෙන් සඳහන් කරන්නේ "ෂිබ්ලිගේ කෘතිය ඉතා ප්‍රබල වන අතර එළිසබෙත් ජැකෙට් විසින් සිදු කර ඇති මෙම පරිවර්තනය විශිෂ්ට විශදත්වයක් සහ සෞම්‍ය පාලනයක් සහිතව ඉදිරිපත් කර ඇති බවයි".[6]


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 මනාචෝවා, එජිනා (2022-02-18). "අඩනියා ෂිබ්ලි, මයිනර් ඩීටේල්". චිකාගෝ රිවීව් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-19.
  2. "මයිනර් ඩීටේල්: අ සලෝන් ඉන් ඔනර් ඔෆ් අඩනියා ෂිබ්ලි". සෙන්ටර් ෆො පැලස්ටයින් ස්ටඩීස් | කොලොම්බියා විශ්වවිද්‍යාලය (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2021-10-22. සම්ප්‍රවේශය 2023-10-20.
  3. 3.0 3.1 3.2 3.3 කමින්ස්, ඇන්තනී (2020-06-02). "මයිනර් ඩීටේල් බයි අඩනියා ෂිබ්ලි රිවිව්– බිට්වීන්-ද-ලයින්ස් හොරර්" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/books/2020/jun/02/minor-detail-by-adania-shibli-review-between-the-lines-horror. 
  4. 4.0 4.1 මැක්ග්‍රියල්, ක්‍රිස් (2003-11-04). "ඊශ්‍රායෙල් ලර්න්ස් ඔෆ් අ හිඩ්න් ෂේම් ඉන් ඉට්ස් අර්ලි ඉයර්ස්" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/world/2003/nov/04/israel1. 
  5. 5.0 5.1 5.2 5.3 බූතෝ, ෆැටිමා (2020-05-30). "මයිනර් ඩීටේල් බයි අඩනියා ෂිබ්ලි රිවිව් – හොරර් ඉන් ද ඩෙසර්ට්" (en-GB බසින්). ද ගාඩියන්. . https://www.theguardian.com/books/2020/may/30/minor-detail-by-adania-shibli-review-horror-in-the-desert. 
  6. 6.0 6.1 දා කුඥ්ඤා ලෙවින්, කේටී (2020-06-21). "ද කෝරියොග්‍රැෆි ඔෆ් වයලන්ස්: ඔන් අඩනියා ෂිබ්ලීස් "මයිනර් ඩීටේල්"". ලොස් ඇන්ජලීස් රිවිව් ඔෆ් බුක්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-19.
"https://si.wikipedia.org/w/index.php?title=මයිනර්_ඩීටේල්_(නවකතාව)&oldid=604591" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි