මයික්‍රෝ-ආර්.එන්.ඒ.

මයික්‍රෝ ආර්. එන්. ඒ (micro RNA) (Abbreviated: miRNA) යනු න්‍යෂ්ටි සහිත (Eukaryotic) සෛල වල දක්නට ලැබෙන කෙටි රයිබොනියුක්ලික් අම්ල අනුවකි. අණුවේ මුලු දිග නියුක්ලියෝටයිඩ විසි දෙකක (22) පමණ අගයක් ඇති බැවින් අනෙක් ආර්. එන්. ඒ අනුවලින් වෙනස් වේ. පශ්චාත්-ජාන පිටපත්කරණ (post-transcriptional) නියාමකයින් ලෙස මයික්‍රෝ ආර්. එන්. ඒ ක්‍රියාකරයි. දූත ආර්. එන්. ඒ වල අනුපූරක කේත වලට බද්ධ වී, ජාන-පිටපත්කරණය නිෂේධ කරමින් ප්‍රෝටීනයක් තැනීමේ ක්‍රියාවලියට බාදා පැමිණ වීම හෝ එමගින් ආර්. එන්. ඒ අණු හායනය මගින් ජාන ප්‍රකාශනය නිහඬ කරනු ලබයි. මානව ජීනෝමය මයික්‍රෝ ආර්. එන්. ඒ දහසක් පමන කේතනය කරන අතර 60% ක පමණ මැමේලීය ජාන නිහඬ කිරීමට හැක.

The stem-loop secondary structure of a pre-microRNA from Brassica oleracea.

ශාක සහ සත්ව මයික්‍රෝ ආර්. එන්. ඒ ක්‍රියාකාරීත්වයෙන් වෙනස්ය. ශාක වල ජාන ප්‍රකාශනය මැඬපැවත්වීමට පරිපූර්ණව ගැලපෙන අනුපූරක කේතයක් මයික්‍රෝ ආර්.එන්.ඒ වලට තිබිය යුතු අතර එය සිදු කෙරෙන්නේ ජාන පිටපත්කරණ ක්‍රියාවලියේදීය. පරිපූර්න ගැලපීමක් නොමැති ඉලක්ක ආර්.එන්.ඒ අණු-නිහඬ කිරීම කෙරෙන්නේ ජාන පරිවර්තන (translation) ක්‍රියාවලිය තුලදීය

"https://si.wikipedia.org/w/index.php?title=මයික්‍රෝ-ආර්.එන්.ඒ.&oldid=251631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි