මමී (2016 චිත්‍රපටය)
මමී හෙවත් මමී - සේව් මී යනු 2016 ඉන්දියානු ද්වීභාෂා කන්නඩ සහ තෙලිඟු අධිස්වභාවික සංත්‍රාස චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදු කරන්නේ ප්‍රියංකා උපේන්ද්‍රා විසිනි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ලෝහිත් එච්. විසිනි.[1] මෙහි කන්නඩ චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ කේ. රවිකුමාර් විසින් KRK ප්‍රොඩක්ෂන්ස් යටතේ වන අතර, බෙදාහරින ලද්දේ හොරයිසන් ස්ටූඩියෝස් විසිනි. චින්නරි නම් වූ මෙහි තෙලිඟු ප්‍රභේදය නිෂ්පාදනය කරන ලද්දේ KRK ප්‍රොඩක්ෂන්ස් සහ ලක්ෂ්මී වෙන්කටේස්වරා මූවීස් යටතේ ය. සංගීත නිර්මාණය සිදුකරන ලද්දේ අජානීෂ් ලෝක්නාත් විසින් වන අතර, ගී පද රචනා කරන ලද්දේ යෝගරාජ් භාට් විසිනි.[2]
මමී | |
---|---|
අධ්‍යක්ෂණය | ලෝහිත් එච්. |
රචනය | ලෝහිත් එච්. |
නිශ්පාදනය | කේ. රවිකුමාර් |
රංගන ශිල්පීන් | ප්‍රියංකා උපේන්ද්‍රා යුවිනා පාර්තවි |
සිනෙමාරූපණය | එච්. සී. වේණු |
සංස්කරණය | සී. රවිචන්ද්‍රන් |
සංගීතය | අජානීෂ් ලෝක්නාත් |
නිෂ්පාදන company | KRK ප්‍රොඩක්ෂන්ස් |
බෙදාහැරීම | හොරයිසන් ස්ටූඩියෝ |
තිර කාලය | මිනිත්තු 131 |
රට | ඉන්දියාව |
භාෂාව | කන්නඩ |
කථාපුවත
සංස්කරණයසත්ය කථා පුවතක් පාදක කරගත් මමී - සේව් මී චිත්‍රපටය සත්මස් ගැබිනි මවක සහ ඇගේ සය හැවිරිදි දියණිය වටා ගෙතුණු හැඟීම්බර සංත්‍රාස චිත්‍රපටයකි. ප්‍රියාගේ (ප්‍රියංකා උපේන්ද්‍රා)[3] සැමියාගේ මරණින් පසු පවුල බැංගලෝරය හැරදා ගෝව වෙත යයි. ඔවුන් විශාල වලව්වක් වෙත පැමිණෙන අතර, එහි දී ඔවුනට නොයෙකුත් අද්භූත දේවල්වලට මුහුණපෑමට සිදු වේ. මෙමගින් ඔවුන් මුහුණපාන ගුප්ත සිදුවීම් සහ ඒවා ජයගන්නා අයුරු නිරූපිත ය.
චරිත නිරූපණය
සංස්කරණය- ප්‍රියංකා උපේන්ද්‍රා, ප්‍රියා ලෙස
- යුවිනා පාර්තවි, ක්‍රියා ලෙස
- ගොලිසෝදා මධුසුධාන්, මෝසිස් පියතුමා ලෙස
- අයිෂ්වර්යා ෂින්දෝගි, ස්නේහා ලෙස
- වත්සලා මෝහන්, වත්සලා ලෙස
- සංදීප්, ජෝන් ලෙස
- සිඩ්ලිංගු ශ්‍රීධර්, ජේම්ස් ලෙස
නිෂ්පාදනය
සංස්කරණයමමීහි ට්‍රේලරය මුදාහැරුණේ 2016 ජූනි 30 දින බෙංගලූරුහි ETA මෝල්හි දී ය. මෙම විශාල උත්සවයට උපේන්ද්‍රා සහ නිළි තාරා වැනි සුපිරි තරු රැසක් එක් විය.[4]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Priyanka in Conjuring-style horror flick". The Times of India. සම්ප්‍රවේශය 2015-04-08.
- ^ "Watch The Trailer of Mummy - Save Me". Filmy Beat. සම්ප්‍රවේශය 2016-07-01.
- ^ User, Super. "Priyanka's New Film Mummy - Save Me - chitraloka.com - Kannada Movie News, Reviews - Image". සම්ප්‍රවේශය 29 October 2016.
{{cite web}}
:|last=
has generic name (help) - ^ "Mummy Trailer Comes". Indiaglitz. සම්ප්‍රවේශය 2016-07-02.