මධ්‍යසාර-මුක්ත කලාපය

මධ්‍යසාර-මුක්ත කලාපයක් යනු, මධ්‍යසාරීය පානයන් පොදුවේ පරිභෝජනය කිරීම හෝ විකිණීම හෝ තහනම් කර ඇති භූගෝලීය ප්‍රදේශයක්, ස්ථානයක් හෝ ආයතනයක් හෝ වෙයි. [1][2] සුරා පානය කිරීම- සහ සිත්සේ සුරා පානය කිරීම -ආශ්‍රිත අපරාධ, සමාජ විරෝධී හැසිරීම, අඩන්තේට්ටම් කිරීම සහ නොහික්මුණු හැසීරීම පිළිබඳ ප්‍රශ්නකාරී තත්ත්වයන් පාලනය කිරීමට සමහරක් ප්‍රදේශය වල මෙවැනි මධ්‍යසාර-මුක්ත කලාප පිහිටුවා ඇත.[3][4] "එළිමහනෙහි සුරාසැල් සහ බොදුන්හල් පවත්වාගෙන යෑම සාම්ප්‍රදායිකව සිදුකෙරෙන" එංගලන්තයෙහි බාත් වැනි සමහරක් ප්‍රජාවන් විසින් මධ්‍යසාර-මුක්ත කලාප වෙත විරෝධය එල්ල කර ඇත. [3]

එංගලන්තයෙහි ලිවර්පූල්හී මධ්‍යසාර-මුක්ත කලාපයක් දැක්වීමට භාවිත දැන්වීම් පුවරුවක්

මධ්‍යසාර-මුක්ත කලාප සංස්කරණය

ඕස්ට්‍රේලියාව සංස්කරණය

ඕස්ට්‍රේලියාවෙහි නිව් සවුත් වේල්ස් ප්‍රදේශයෙහි සමහරක් වීදීන් මධ්‍යසාර-මුක්ත කලාප ලෙසින් නම් කොට ඒ බව දැන්වීම් පුවරු භාවිතයෙන් මායිම් නියම කර ඇත.[5] නීති කඩකරන්නන් හට පොලීසිය විසින් අවවාදයක් නිකුත් කොට ඉන්පසු දිගටම සුරා පානය කරන්නන් හට දඩ නියම කොට ඔවුන් භාවිතා කරන මධ්‍යසාරීය පානයන් අත්අඩංගුවට ගැනීම සිදුකල හැකි වෙයි.[5] නිව් සවුත් වේල්ස් ප්‍රදේශයෙහි බොහෝ උද්‍යාන මධ්‍යසාර-මුක්ත කලාප ලෙසින් නම් කර ඇත.[5] ඕස්ට්‍රේලියාවෙහි නිව් සවුත් වේල්සයෙහි බොන්ඩි ප්‍රදේශය තුල, 2004 වසරෙහිදී මධ්‍යසාර-මුක්ත කලාපයක් සංස්ථාපනය කෙරුණේ, වීදී තුල මත්පැන් පානය කිරීම නිසා ඇතිවී තිබුණු අඩන්තේට්ටම් සහ සමාජ-විරෝධී හැසිරීම් අවම කර ගැනීමෙහි ප්‍රයත්නයක් වශයෙනි.[3]

2016 අප්‍රේල් වන විට, ඕස්ට්‍රේලියාවෙහි සිඩ්නි ප්‍රදේශයෙහි 60 කට වැඩි මධ්‍යසාර-මුක්ත කලාප පැවතුනි.[1] 2016 අප්‍රේල් මාසයෙහිදී සිඩ්නි නගර සභාව යෝජනා කලේ මධ්‍යසාර-මුක්ත කලාප අහෝසි කල යුතු බවයි.[1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 බාක්ලේ, ඇන්ඩෲ (අප්‍රේල් 6, 2016). "ඇල්කොහෝල්-ෆ්‍රී සෝන් රිමූවල් අ 'වින් ෆො ද මාර්ජිනලයිස්ඩ්'". ඔල්ට්මීඩියා. සම්ප්‍රවේශය ජූනි 8, 2016.
  2. සැගර්ස්, එස්.; ග්‍රේ, ඩී. (1998). ඩීලිං විත් ඇල්කොහෝල්: ඉන්ඩිජනස් යූසේජ් ඉන් ඕස්ට්‍රේලියා, නිව් සීලන්ඩ් ඇන්ඩ් කැනඩා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 159. ISBN 978-0-521-62977-5. සම්ප්‍රවේශය ජූනි 8, 2016.
  3. 3.0 3.1 3.2 මැසරෝල්, එල්.; රැම්ස්ලි, ජේ. (2006). තර්ඩ් පාටි පලීසිං. කේම්බ්‍රිජ් ස්ටඩීස් ඉන් ක්‍රිමිනොලජි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 92. ISBN 978-1-139-44751-5. සම්ප්‍රවේශය ජූනි 8, 2016.
  4. මාටින්, ජේ.; ලාන්සර්, ඩී. (2015). AQA ලෝ ෆො AS සික්ස්ත් එඩිෂන්. හෝල්ඩර් එඩියුකේෂන්. p. 66. ISBN 978-1-4718-5024-0. සම්ප්‍රවේශය ජූනි 8, 2016.
  5. 5.0 5.1 5.2 සැන්ඩර්ස්, ජේ. (2010). යූත් ජස්ටිස්: යුවර් ගයිඩ් ටු කොප්ස් ඇන්ඩ් කෝට්ස් ඉන් නිව් සවුත් වේල්ස්, ෆොර්ත් එඩිෂන්. ලීගල් ටූල් කිට්. ෆෙඩරේෂන් ප්‍රෙස්. p. 98. ISBN 978-1-86287-812-9. සම්ප්‍රවේශය ජූනි 8, 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යසාර-මුක්ත_කලාපය&oldid=491980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි