මධ්‍යම තැන්පතු ක්‍රමය

කොටස් වෙළඳපලෙහි කොටස් ගනුදෙණු නිෂ්කාශන මධ්‍යස්ථානය වශයෙන් කටයුතු කරනුයේ මධ්‍යම තැන්පතු ක්‍රමයයි (Central Depository System/ CDS). එය පුද්ගලික සමාගමක්වන අතර එහි සම්පුර්ණ අයිතිය කොළඹ කොටස් හුවමාරුව සතුය.

කොටස් වෙළඳපලේ ගණුදෙණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් මධ්‍යම තැන්පතු ක්‍රමයේ තමා නමින් ගිණුමක් ආරම්භ කල යුතුය. ගිණුමක් ආරම්භ කිරීමට ගාස්තුවක් අය නොකරයි. මේ සඳහා අදාළ ඉල්ලුම් පත්‍රයක් සමඟ අනන්‍යතාවය සහතික කිරීම සඳහා ලේඛන ඉදිරිපත්කල යුතුය. කිසියම් ආයෝජකයෙක් කොටස් මිලට ගත් විටකදී එම කොටස්වල අගය මධ්‍යම තැන්පතු ක්‍රමයේ ඔහු/ඇය නමින් ඇති ගිණුමට බැර කෙරේ. ඒවා වෙනත් පාර්ශවයකට විකිණු විට ගිණුමට හැර වේ. එසේම මිලට ගත් පුද්ගලයාට බැර වේ. මෙම කටයුත්ත මධ්‍යම තැන්පතු ක්‍රමයේ ප්‍රධාන කාර්යය වේ. මෙම හර හා බැර කිරීම් සිදුකරනුයේ කොටස් සහතිකපත්‍ර රහිතවයි. මෙය 'පෝරම රහිත වෙළඳාම' (Scrip less Trading) ලෙස හඳුන්වයි. මධ්‍යම තැන්පතු ක්‍රමය 'කොටස් තැන්පත් ආයතනයක්' වශයෙන් ද හැඳින්වේ.

ඒ අනුව CDS හරහා;

  • එයින් අදහස් වන්නේ, ආයෝජකයින්ගේ කොටස් හා ණයකර ද්විතියික වෙළඳපල තුල ගණුදෙණු කරන තෙක් ඔවුන් වෙනුවෙන් තම භාරයේ රඳවා ගැනීම.
  • ඒ ආයෝජකයින්ගේ ගිණුම් පවත්වා ගැනීමයි.
  • කිසියම් ලැයිස්තුගත සමාගමකට ඔවුන්ගේ කොටස් හිමියන්ගේ නාම ලේඛනයක් අවශ්‍ය වූ විට CDS වලින් එය ලබා ගත හැකිය.

මධ්‍යම තැන්පතු ක්‍රමයේ කාර්යය සංස්කරණය

  • ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම හා ඔවුන් සඳහා ගිණුම් ඇරඹීම.
  • කොටස් තැන්පත් කිරීමට අදාළ කටයුතු
  • කොටස් ආපසු ගැනීමට අදාළ කටයුතු
  • කොටස් පැවරීමට අදාළ කටයුතු
  • කොටස් නිෂ්කාශනය
  • බේරුම් කිරීම
  • හිමිකම් නිකුතු සම්බන්ධ කටයුතු
"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍යම_තැන්පතු_ක්‍රමය&oldid=416994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි