මඩහපොල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානයක් වේ. දේශගුණික තත්වය අතරමැදි කලාපයට අයත් ය. පොල් වගාව වැඩි වශෙයන් දක්නට ලැබේ. මෙම ගමට අාසන්න මඩහපොල කන්ද තෙත් කලාපයේ වැවෙන බෝග රාශියක් දක්නට ලැබෙන ගමකි. මෙම ගම සම්බන්ධ ඉතිහාසය පොලාෙන්නරු යුගයේ අාරම්භයට අයත් ය. පළමු වනවිජයබාහු රජතුමා විසින් සෑදූ කලලහල්ලික නම් වූ වැවට යට වූ භූමිය මෙම ගමට අයත්ය. පසුව මෙම වැව කෑරලකු විසින් සකස් කරන ලද සිදුරකින් ජලය ගලා යාම නිසා බිදී යන ලදි (වර්තමාන කෑරලන්කඩවල නම් ස්ථානය). පසුව රජුගේ නිරීක්ෂණයට අදාල භූමිය ලක් කරන විට ෙනා වියලී මඩ සහිතව වූ ස්ථාන හයක් වූ නිසා මඩහයපාෙල ලෙසත් පසුව මඩහපොල ලෙසත් වෙනස් විය. අදට ද ඕනෑම නියගයකදී නොසිදෙන ස්ථාන 6 දක්නට ලැබේ.


"https://si.wikipedia.org/w/index.php?title=මඩහපොල&oldid=352677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි