භෞතික විද්‍යාව හැදින්වීම
භෞතික විද්‍යාව යනු පදාර්ථවල විද්‍යාව හා ඒවායේ චලන සහ එසේම ඒවායේ අවකාශය හා කාලය පිළිබඳ හදාරන විද්‍යාව ය. මෙහි බලය , ශක්තිය , ස්කන්ධය හා ආරෝපණය වැනි සංකල්ප සමග ගනුදෙනු කරනු ලැබේ. භෞතික විද්‍යාව යනු පරීක්ෂණාත්මක විද්‍යාවකි.එලෙසම පරමාණුවේ සිට විශ්වය දක්වාම විහිදුණු පුළුල් වූ විශයකි. එය ස්වභාව ධර්මයාගේ සාධාරණ විශ්ලේෂණයයි. එහි අරමුණ වන්නේ විශ්වය හැසිරෙන අයුරු තේරුම් ගැනීම යි.
භෞතික විද්‍යාව පැරණි නූතන ම ශික්ෂාවන්ගෙන් එකකි. එය 17 වන ශත වර්ෂයේ නූතන විද්‍යාව ලෙස මතුවී පැමිණි අතර එහි උපක්ෂේත්‍රයක් වන තාරකා විද්‍යාවේ හරහා එය සියල්ලන්ගෙන්ම පැරණි එක ම විය හැකි වේ. ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් වැඩ කරනා අය භෞතිකඥයන් නම් වේ.
විශ්වයේ සිදුවන්නාවූ සියලුම ක්‍රියාවලීන් වල තැනුම් ඒකකය භෞතික විද්‍යාවයි. භෞතික විද්‍යාවේ ප්‍රගමනයන් බොහෝ විට තාක්ෂණික අංශයට පරිවර්තනය වන අතර සමහර විට අනෙකුත් විද්‍යාවන්ට බලපෑම් කරන අතර ඒ වගේම ගණිතය හා දර්ශන විද්‍යාවට ද එසේ වේ. උදාහරණයක් ලෙස විද්‍යුත් චුම්භකත්වය තේරුම් ගැනීමේ ප්‍රගමනයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පුළුල්ව විහිදුණු උපාංග(රූපවාහිනි, පරිගණක , ගෘහ උවාරණ ආදී) භාවිතයට මග පෙන්වීම, තාප ගති විද්‍යාවේ ප්‍රගමනයන් මෝටර් රථ ප්‍රවාහනය සංවර්ධනයට සහ යාන්ත්‍ර විද්‍යාවේ වැඩි දියුණුව කලනයේ සංවර්ධනයට , ක්වොන්ටම් රසායන විද්‍යාවේ දියුණුවට සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ඇති ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වැනි උපකරණ නිර්මාණයේ දී උපකාර විය.
අද , භෞතික විද්‍යාව පුළුල් හා ඉහළින් සංවර්ධිත විෂයකි. ගවේෂණ ඝන පදාර්ථ භෞතික විද්‍යාව , අණුක , පරමාණුක සහ ප්‍රකාශ භෞතික විද්‍යාව , ඉහළ ශක්ති භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව හා තාරකා භෞතික විද්‍යාව සේ බොහෝ විට උප ක්ෂේත්‍ර හතරකට වෙන් කර ඇත. බොහෝ භෞතිකඥයන් සෛද්ධාන්තික හෝ පර්යේෂණාත්මක ගවේෂණ සඳහා විශේෂ වේ. මක් නිසාද යත් සෛධාන්ත මගින් තව න්‍යාය සංවර්ධනය ආශ්‍රිතව සහ පර්යේෂණ මගින් එම න්‍යාය වල වලංගු භාවය සෙවීම සහ නව සිද්ධාන්ත සංවර්ධනය හා බැදී ඇත.
අවසන් ශතවර්ෂ 4 දී වූ වැදගත් සොයාගැනීම් නොසලකමින් විශාල වශයෙන් භෞතික විද්‍යාවේ නොවිසඳුනු ගැටළු හා බොහෝ ව්‍යවහාර ගවේෂණ ප්‍රදේශ පවතී.
ස්වභාවික සංසිද්ධි ඇසුරින් නව නිපැයුම් බිහිකර එදිනෙදා ජීවිතය පහසු කර ගැනීමට භෞතික විද්‍යාව මූලික වේ.