භූ විද්‍යාත්මක කාල පරිමාණය

භූ විද්‍යාත්මක කාල පරිමාණය යනු, පෘථිවියෙහි ඉතිහාසය පුරා සිදුවූ සිද්ධීන් අතර කාල ප්‍රාන්තරය සහ සබැඳියාව විස්තර කිරීමට භූ විද්‍යාඥයින්, පාෂාණ ධාතු විද්‍යාඥයින් සහ, අනෙකුත් පෘථිවි විද්‍යාඥයින් විසින් භාවිතා කරන ස්තර වින්‍යාසය හා කාල සීමාව ගලපන කාලානුරූපික මිනුම් ක්‍රමයකි. මෙම ලිපිය තුල ඉදිරිපත් කෙරෙන භූ විද්‍යාත්මක කාල පරතරයන්, ස්තර වින්‍යාසය සඳහා ජාත්‍යන්තර අධිකාරිය විසින් නියම කෙරුනු නාමකරණය, දින වකවානු සහ සම්මත වර්ණ කේතයන් හා සීහෙයි.

විකිරණමිතික කාලනිර්ණය විසින් දක්වනු ලබන සාක්ෂි අනුව පෘථිවිය, වසර බිලියන 4.54 පමණ වයසැති වෙයි. [1] [2] එක් එක් කාල සීමාවෙහිදී සිදුවූ සිද්ධීන් අනුව විවිධ ඒකක වෙත පෘථිවියෙහි අතීතයෙහි භූ විද්‍යාව හෝ ස්ථරීය කාලය හෝ සංවිධානය කොට ඇත. භූ විද්‍යාත්මක කාල පරිමාණයෙහි වෙනස් කාල ප්‍රාන්තර අතර මායිම් සාමාන්‍යයෙන් පැනවෙන්නේ ඒවාට අදාල ස්තරයන්ගේ සංයුතියෙහි වෙනස්වීම් අනුව වන අතර සමූහ වඳවීම් වැනි ප්‍රධාන භූ විද්‍යාත්මක හෝ පාෂාණි ධාතු විද්‍යාත්මක සිද්ධීන් හුවා දක්වයි. නිදසුනක් වශයෙන්, ක්‍රිටේසීය අවධිය සහ පේලියෝජීන් අවධිය අතර මායිම අර්ථනිරූපණය වන්නේ පියාසර කල නොහැකි ඩයිනසෝරියන් සහ වෙනත් බොහෝ ජීවි සමූහ මැරී යාම සනිටුහන් කල ක්‍රිටේසීය–පේලියෝජීන් උච්ඡේද සිද්ධිය වෙතිනි. විශ්වසනීය ෆොසිල වාර්තා පැවතීම ඇරඹීමට පෙර පැවති පැරණි ( ප්‍රොටෙරොසොයික කල්පයට පෙර) කාල ප්‍රාන්තරයන් අර්ථනිරූපණය වන්නේ නිරපේක්ෂ වයස අනුවය.

නාමකරණය

සංස්කරණය

කාල ඒකක අතරින් විශාලතමය අර්ථනිරූපිතය වන්නේ, කල්ප කිහිපයක් වෙතින් සමන්විත, උපරි කල්පය වෙයි. සමයයන් කිහිපයකට කල්පයන් බෙදෙන අතර, සමයයන් ඉන්පසුව පිළිවෙලින් අවධීන්, වකවානු සහ යුග වලට බෙදෙයි. කල්පභූලක්ෂණ, සමයභූලක්ෂණ, විධික්‍රමය, අනුක්‍රමය සහ, අදියර යන පදයන් විසින් දක්වනුයේ, පෘථිවියෙහි ඉතිහාසයෙහි භූ විද්‍යාත්මක කාලයෙහි එම කාල සීමාවන්ට අනුරූප වන පාෂාණ ස්තර හැඳින්වීමටය.

  1. ^ "ඒජ් ඔෆ් දි අර්ත්". එ.ජ. භූ විද්‍යාත්මක සමීක්ෂණය. 1997. 23 දෙසැම්බර් 2005 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2006-01-10.
  2. ^ ඩැල්රිම්පල්, ජී. බ්‍රෙන්ට් (2001). "දි ඒජ් එෆ් දි අර්ත් ඉන් ද ට්වෙන්ටියත් සෙන්චරි: අ ප්‍රොබ්ලම් (මෝස්ට්ලි) සෝල්ව්ඩ්". විශේෂ ප්‍රකාශන, ලන්ඩනයේ භූ විද්‍යාත්මක සංගමය. 190 (1): 205–221. Bibcode:2001GSLSP.190..205D. doi:10.1144/GSL.SP.2001.190.01.14.