භූගෝලීය කලාප
භූගෝලීය කලාප යනු ලෝක ගෝලය මත ඇති අක්ෂාංක කලාප 5 කි. මෙහි වෙනස්කම් සදහා කාලගුණයද, හිරුගේ බලපෑමද හේතුවේ.
- උතුරු ශීත කලාපය - ආක්ටික් වෘත්තය
- උතුරු සෞම්‍ය කලාපය - ආක්ටික් වෘත්තය හා කර්කටක නිවර්තනය අතර
- සමකාසන්න කලාපය - කර්කටක හා මකර නිවර්තන අතර
- දකුණු සෞම්‍ය කලාප - මකර නිවර්තනය හා ඇන්ටාටික් වෘත්තය අතර
- දකුණු ශීත කලාපය - ඇන්ටාක්ටික් වෘත්තය
සමකාසන්න කලාපය, නිවර්ත කලාපය (Tropic) ලෙසද හදුන්වයි. සුර්යය කිරණ වසර පුරා මේ කාලාපයට පතිත වී ගිම්හාන සුර්යා නිවෘත්තිය (Summer Solstice) උදාවේ. මෙ කලාපය පෘථිවියේ උෂ්ණාධික කලාපය වේ. තෙත් හා වියළි වශයෙන් සෘතු 2 ක් ඇත. මේ කලාපයේ රටවල් වන්නේ අප්‍රිකාව, දකුණු ඉන්දියාව, දකුණු ආසියාව, ඉන්දුනීසියාව, ගිනිදේශය, උතුරු ඔස්ට්‍රේලියාව, මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකාවය.
සෞම්‍ය කලාපය තුළ හිරු එළිය කෙලින්ම පතිත නොවුණත් සෞම්‍ය කාලගුණයත් ඇත. සෘතු 4 ක් ඇත. වසන්ත, ගිම්හාන, සරත්, ශීශිර යන ඒවාය. උතුරු සෞම්‍ය කලාපයට අයිති වන්නේ මහා බ්‍රිතාන්‍ය, යුරෝපය, උතුරු ආසියාව, සහ උතුරු ඇමරිකාවයි. දකුණු සෞම්‍ය කලාපයට අයිති වන්නේ දකුණු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකාවයි.
ශීත කලාප තුළ මැදියම් හිරු පැයීම (midnight sun) වසරකට වරක් සිදු වේ. එක් දිනක් තුළදීම හිරු කිරණ ළගා වීම සිදු වේ. මෙම කලාප පෘථිවියේ ඇති සීතලම කලාපය වේ. උතුරු ශීක කලාපයට කැනඩාව, ඇලස්කාව, ග්‍රීන්ලන්තය, උතුරු ස්කැන්ඩිනේවියාව, උතුරු රුසියාව සහ ආක්ටික් වෘත්තය අයත්වේ. දකුණු ශීක කලාපයට ඇන්ටාක්ටිකාව, විලි හා ආජන්ටිනාවේ දකුණු කොටස් අයත් වේ.