භූ පුරා විද්‍යාව යනු භූ විද්‍යාවේ සහ අනෙකුත් භූමිය හා සම්බන්ධව විද්‍යාවන්ගේ ක්‍රමවේද සහ විෂය දැනුම පුරා විද්‍යාත්මක දැනුම සහ චින්තනයට අදාල මාතෘකාවන් අධ්‍යයනය කිරීමට යොදා ගන්නා ලබන පුරා විද්‍යාවේ උප ක්ෂේත්‍රයකි.

තීරු සාම්පලයක් විශ්ලේෂණය කරනු ලබන භූ පුරා විද්‍යාඥයෙක්

භූ පුරා විද්‍යාඥයන් පුරා විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන වෙත බලපෑම් සිදු කරනු ලබන ස්වභාවික භෞතික ක්‍රියාවලීන් වන භූ රූප විද්‍යාත්මක වෙනස් වීම, භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් ඔස්සේ එවැනි ස්ථාන නිර්මාණය වීම සහ වැළලී ගිය පුරා විද්‍යාත්මක ස්ථාන සහ මානව කෘතීන් මත වැළලී යාමෙන් පසු ඇතිවන ආචරණයන් යනාදිය අධ්‍යයනය කරනු ලැබේ.

භූ පුරා විද්‍යාඥයන් නිරන්තරයෙන්ම පස් සාම්පල සහ අවසාධිතයන් අධ්‍යයනය කරනු ලබන එමෙන්ම අනෙකුත් භූ විද්‍යාත්මක සංකල්පයන් ද නිතර භාවිතා කරමින් මේ ‍ඔස්සේ ඔවුහු පුරා විද්‍යාත්මක අධ්‍යයනයන් වෙත තම දායකත්වය දක්වයි.

භූ පුරාවිද්‍යාවේ දී යොදාගන්නා තාක්ෂණික ක්‍රම

සංස්කරණය

සිරස් නියැදීම

සංස්කරණය
 
පස් පැතිකඩක අත්ත සිරස් නියැදීම සිදු කරන ආකාරය

සිරස් නියැදීම යනු ඛණ්ඩකින් ලබාගන්නා ලද නියැදියක් මඟින් මෙම කොටසේ ස්ථර වශයෙන් පවතින ද්‍රව්‍ය අධ්‍යයනය හා විශ්ලේෂණයයි. පටු වානේ බඳුන් තදින් පස තුළට බැස්සවීමෙන් නියැදි එක්රැස් කරගත හැකි අතර, බඳුන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නම් ඒවා බෑවුම් ආකාරයට සකස් කරගන්නා අතර, විද්‍යාගාරයේදී සම්පුර්ණ‍ පැතිකඩ ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ.

ජ්වලනි හානි පරීක්ෂණය

සංස්කරණය

පසේ කාබනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට යොදාගනී. යම් ස්ථානයකින් කුමන හෝ ක්‍රමයක් යටතේ රැස්කරගන්නා නියැදිවල ස්කන්ධ මැනීමෙන් අනතුරුව අධිතාප පෝරනුවක ඒවා තබයි. එවිට කාබනික ද්‍රව්‍ය පිළිස්සීමකට ලක්වේ. හොඳින් පිළිස්සුනු නියැදියේ ස්කන්ධය ඉන්පසුව කිරන අතර, අඩුවු ස්කන්ධ ප්‍රමාණය යම් ගැඹුරකදී පසේ පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයයි. මෙම ප්‍රතිඵල මඟින් වැළලුණු පාංශු කොටස් හඳුනාගැනීමට හැකිවේ. ස්ථර‍ මට්ටමේ පවතින පාංශු කොටස් පසේ ස්වභාවික මිනුමකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉතා පැරණි බිම් වල මෙවැනි මිනුම් අපහසු නිසා මෙම ක්‍රමය ඵලදායි වන්නේ ප්‍රාග් ඓතිහාසික ලක්ෂණ හා පුරාවිද්‍යාත්මක සාක්ෂි පැවතීමට අවස්ථාව ඇති බිම් වලට පමණි. ස්ථර වශයෙන් පවතින කොටස් වල එක් එක් ස්ථරයේ කාබනික ද්‍රව්‍ය මට්ටම් සසඳා බැලෙන අතර එහි එකවර සිදුවන නැග්ම වැළලී ඇති පෘෂ්ඨයන් පිළිබඳව බලවත් සාක්ෂියකි.

මූලාශ්‍ර

සංස්කරණය