භිනෝන්මාදයේ ලකුණු හා රෝග ලක්ෂණ

හිනෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයා අසංවිධිත චින්තනය, ශ්‍රවණ භ්‍රාන්තිය හා මායාවල් ප්‍රදර්ශනය කරයි. උග්‍ර අවස්ථාවල බොහෝ කොටම ගොළුව සිටින අතර අශෝභන අවස්ථාවලදී නොසෙල්වී සිටින අතර නිරර්ථක කැටටෝනියාවක් ප්‍රදර්ශනය කරයි. වර්තමානයේ මනෝ විකාර වර්ගීකරණයට අනුව මෙවැනි රෝගියෙක් තුළ අඩුම වශයෙන් 6 මාසයකවත් බාධාකාරී ක්‍රියාකාරීත්වයක් තුළ යටත් පිරිසෙන් මාසයක්වත් මනෝ විකාර ලක්ෂණ තිබිය යුතුයි. කෙටි කාලීන හිනෝන්මාදය හැඳින්වෙන්නේ හිනෝන්මාද ක්‍රමයේ ආබාධයක් ලෙසිනි. එක් ලක්ෂණයකින් පමණක් හිනොන්මාදය හඳුනාගත නොහැකි වන අතර ඒ සියල්ලම අනෙක් මනෝ චිකිත්සක තත්වයන් යටතේ ද ඇති විය හැකිය.

හිනෝන්මාදයෙන් පෙළෙන රෝගියෙක් විසින් රෙදි කඩක ලියන ලද දේ.

සාමාන්‍යයෙන් සමාජ හුදෙකලා වීම සාධක කීපයක් නිසා ඇති විය හැකිය. සමාජය විසින් ඔහු හඳුනා ගනු ලැබීම දුර්වල වූ විට එය හිනෝන්මාදය හා සම්බන්ධ වෙයි. එය මායාව නිසා ඇතිවෙන පීඩන උන්මාදයේ හා භ්‍රාන්තිකයේ ක්‍රියාකාරී ලක්ෂණයි. එසේම උදාසීනත්වයේ හා අපකර්ෂණයේ නිෂේධ ලක්ෂණයි.

නව යෞවන සමයේ පසු යුගය හා වැඩිහිටි සමයේ පෙර යුගය හිනෝන්මාදයේ උච්ච අවස්ථාවයි. මේවා තරුණ වැඩිහිටියකුගේ සාමාජික හා වෘත්තීය සංවර්ධනයේ තීරණාත්මක වකවානු වෙයි. මෙකල ඒ අය අසනීප වැළඳීමෙන් දැඩි ලෙස ව්‍යාකූල විය හැකිය. හිනෝන්මාදයේ පීඩාව අඩු කිරීමට ආබාධයේ මුල් පියවර හඳුනා ගැනීමට හා ප්‍රතිකාර කිරීමට දැනට බොහෝ දේ සිදු කර තිබේ. රෝග ලක්ෂණ පහළ වීමට මාස 30කට පෙර දී මෙය හඳුනාගත හැකිය. එහෙත් ආබාධය දිගු කලක් පැවතිය හැකිය. හිනෝන්මාදය වැළදෙන්නට යන අයට ඊට පෙර අවධියේදී සමාජයෙන් ඈත්වීම, කෝප වීම, හා කාංසිය ඇති වීමට ‍ඉඩ තිබේ. මනෝ විකාර ඇති වෙන්නට පෙර තමාටම සීමා වූ මනෝ විකාර මෙබඳු අයට ඇතිවේ.


සටහන් සංස්කරණය

Schizophrenia Signs_and_symptoms