භාෂා ප්‍රායෝගිකතාවය

ප්‍රායෝගිකතාවය යනු ස්වභාවික භාෂා කථාකරන්නන් පැහැදිලිව ප්‍රකාශ කරන ලද දෙයට වැඩි යමක් සන්නිවේදනය කිරිමට ඇති හැකියාව අධ්‍යයනය කිරීමයි. වෙනත් කථිකයෙක් අදහස් කළ අරුත තෙරුම් ගැනිමට ඇති හැකියාව ප්‍රායෝගික නිපුණතාවය ලෙස හැදින්වේ. ප්‍රයෝගික ශ්‍රිතයන් පැහැදිලි කරන ප්‍රකාශයන් පාර ප්‍රායෝගික ලෙසට හැදින් වේ. තවත් දෘෂ්ඨි කෝණයක් වනුයේ ප්‍රයෝගිතාවය මගින් සන්නිවේදනයේ අපේ අරමුණු ළගා කරගත හැකි ක්‍රම පිළිබදව සලකා බැලෙන බවයි. කිසියම් ප්‍රද්ගලයෙකුට තවත් කෙනෙකුට දුම්බිම නවත්වන ලෙස කිරීමට අවශ්‍ය වුවා යැයි සිතන්න. විවිධ ප්‍රකාශයන් යාදා ගනිමින් මෙම අරමුණ ඉටු කරන ගත හැකිය. කරුණාකර දුම්බිම නවත්තන්න යැයි ඒ පුද්ගලයාට සරලව ප්‍රකාශ කල හැකිය. එය සෘජු හා පැහැදිලි ශබ්දාර්ථයක් සහිත්‍ය. ඊට විකල්ප ලෙස මෙම කාමරවට වායුව පිරිසිදු කරන උපකරණයක් අවශ්‍යය යි කිව හැකිය. එයින් ද සමාන අරැතක ඇහැවුනද එය වක්‍රව කරන ප්‍රකාශයක් වන අතර ඉන් අදහස් කළ අර්ථය තේරුම් ගැනීමට ප්‍රයෝගික අනුමානයක් අවශ්‍ය වෙයි.

ප්‍රයෝගිකතාවය භාෂා ඉගෙන ගන්නන් හට අවබෝධ කර ගැනිමට ඇති ඉතාමත් අභියොගාත්මක පැතිකඩක් ලෙස සැලකෙන අතර එය ඇත්ත වශයෙන්ම අබබෝධ කරගත හැක්කේ අත්දැකිම් සමග පමණකි.



සටහන් සංස්කරණය

| Pragmatics |}

"https://si.wikipedia.org/w/index.php?title=භාෂා_ප්‍රායෝගිකතාවය&oldid=464340" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි