භද්දේකවිහාරි කුටි සංචිතය

බලන්ගොඩ තන්ජන්තැන්න ග්‍රාමය කේන්ද්‍ර කොට ගෙන අවට ගම් 30 ක පමණ ප්‍රදේශයක විහිදුණු කුටි සෙනසුන් එකතුවකි. 2003 වසරේ එක් කුටියකින් ආරම්භ වී අද වනවිට ප්‍රදේශයේ එක් ගමකට එක් කුටි සෙනසුන බැගින් ව්‍යාප්ත වූ භික්ෂු සේනාසන සමූහයකි. හුදෙකලා වාසය ප්‍රිය කරන භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා නිකාය භේදයකින් තොරව මෙම හුදෙකලා කුටිවල වැඩ වාසය කරති.

භද්දේකවිහාරි කුටි සෙනසුන් වල වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා කලින් කලට රැස්වන ස්ථානය තන්ජන්තැන්න ග්‍රාමයේ ගිලන්හල හෙවත් භද්දේකවිහාරි උපස්ථාන කුටියයි.