භද්දාකච්චායනා කුමරිය පඩුවස්දෙව් රජගේ අග මෙහෙසිය වේ. ඇය දරුවන් එකොළොස් දෙනෙකුගේ මවක් වූ අතර වැඩිමල් දරුවන් දස දෙනාම පුත්‍රයන් වූ අතර , එකොලොස් වැන්නිය උන්මාද චිත්‍රා නම් දියනියක වූවාය. පන්ඩුකාභය රජුගේ මිත්තනිය වන්නේ , භද්දාකච්චායනා රැජින වේ. පන්ඩුකාභය රජුගේ ජීවන පුවත අලලා 2008 වර්ශයේ තිරගත වූ "අබා" චිත්‍රපටයේ භද්දාකච්චායනා අග මෙහෙසිය චරිතය රගපානු ලැබුවේ ප්‍රවීන නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=භද්දකච්චානා&oldid=424424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි