ආශ්වාස ප්‍රාශ්වාස මඟින් සිදුකරන භාවනාවන් හා විවිධ අරමුණු ඔස්සේ සිත පිහිටුවා ගැනීම යන ක්‍රම දෙක සෑම බෞද්ධ සම්ප්‍රදායකට ම පොදු වුවද එම ක්‍රම යොදා ගනිමින් සිදුකරන භාවනා විවිධ වේ. නිදසුන් ලෙස ථේරවාදී බුදුදහමේ සිහිය හෙවත් සතිපට්ඨානය පිහිටුවීම සඳහා භාවනා ක්‍රම 50 ක් පමණක්ද සමාධිය ඇතිකරගැනීම සඳහා භාවනා ක්‍රම 40 ක් පමණ දක්නට ලැබෙන අතර ටිබෙට් සම්ප්‍රදායේ දෘෂ්ඨිමය භාවනා ක්‍රම දහසක් පමණ දක්නට ලැබේ.

බුද්ධ දේශනාවට අනුව නිවන් දැකීම ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමය. එහි ප‍්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වීමට "සතර සතිපට්ඨානය" නොහොත් කය,වේදනා,චිත්ත හා ධම්ම වැඩිය යුතු වේ. සමථ භාවනා තුල ඇත්තේ වේදනා,චිත්ත,ධම්ම වන අතර විපස්සනා භාවනා ක්‍රම තුල සතර සතිපට්ඨානයම වැඩේ. සතිපට්ඨානය භාවනා ක්‍රම 50 අතුරෙන් සක්මන් භාවනාව පහසුවෙන් මෙකල් හී වැඩිය හැකි වේ.

බටහිර බෞද්ධ භාවනා ක්‍රම සංස්කරණය

කමලාශීල විසින් හඳුන්වා දුන් භාවනා ක්‍රම 5

  • ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳ භාවනා සිත පිහිටුවා ගැනීම
  • මෛත්‍රි භාවනාව (සතර බ්‍රහ්ම විහරණය අඩංගුය)
  • අනිත්‍යතාවය මෙනෙහි කිරීම
  • මළසිරුර දෙස බලා අනිත්‍ය මෙනෙහි කිරිම
  • මරණය මෙනෙහි කිරීම
  • බාහිර වස්තු හා මානසික ස්වාභාවය මෙනෙහි කිරිම
  • පෘථිවිය, ජලය, ගින්දර, වාතය, අවකාශය හා සිහිය පිළිබඳ මෙනෙහි කිරිම.
  • අසම්භාව්‍යතාව මෙනෙහි කිරිම

එයට අමතරව තවත් වැදගත් භාවනා ක්‍රම පවතී.

  • දෘෂ්ටි කල්පනය
  • බෝධිසත්වරුන් දැකීම, බුදුරජාණන් වහන්සේ දැකීම
  • කඨින භාවනාව
  • ස්ථුප මෙහනහි කිරිම
  • හිඳගෙන කරන භාවනාව
  • සක්මන් භාවනාව..

මෙම සියලු භාවනා ක්‍රම සමථ හා විපස්සනා ලෙස දෙකොටසකට බෙදේ. ආනාපානා සති (ආස්වාස ප්‍රාශ්වාසය මෙනෙහි කිරිම) හා මෛත්‍රී (සත්ත්වයන්ට කරුණාව පැතිරවීම) යන භාවනා සමථ වර්ගයට අයත් වන අතර අනිත්‍ය මෙනෙහි කිරීම වැනි භාවනා විපස්සනා හෙවත් විදර්ශනා ගණයට අයත් වේ. සමහර ටිබෙට් භාවනා ක්‍රම වල සමථ, විපස්සනා ලක්ෂණ දෙකම අඩංගු වේ. සමථ භාවනාවෙන් සන්සුන් වූ සිත යොමුවන්නේ විදර්ශනා භාවනාවටයි.

"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_භාවනා_ක්‍රම&oldid=471485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි