බෞද්ධ ආචාර ධර්මයන්හි පදනම වන්නේ පංච ශීලයයි. එයින් අදහස් වන්නේ සෑම බෞද්ධයෙක්ම දිනපතාම පංච ශීලය සමාදන් විය යුතු බවය. උපසපන් බෞද්ධ භික්ෂු වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් කෝටියක් සංවර ශීලයන් සමාදන් වන සේක.

ගබ්සා
බුදු දහමට අනුව පරපණ නැසීමට සම්පූර්ණ වියයුතු සියලු කරුණු සම්පූර්ණ වන නිසා ගබ්සාවෙන් ඒකාන්තයෙන්ම වැළකිය යුතුයි. මන්ද අභිධර්මානුකුලව එතැන සත්ත්ව ශරීරයක් පැවතීමයි.
බෞද්ධාගම තුල ගබ්සා පිළිබඳව කිසිම අවවාද අනුශාසනාවක් නැත්තේය. දලයිලාමා සඳහන්කර ඇත්තේ ගබ්සාවනට ඉඩදිය හැක්කේ එහි අවශ්‍යතාවය අනුව බවය.
මරණ දන්ඩණය
පංච ශීලයේ පලමුවැනි ශික්ෂා පදය පර පණ නැසීමෙන් වැළකී සිටීමය. මෙම ආකල්පය මත මරණ දන්ඩණය ක්‍රියාත්මක විය යුතුද නැද්ද යන්න බෞද්ධයන් අතර සංවාදයට තුඩු දුන් මාතෘකාවක් වී ඇත.

බුදුන් වහන්සේ දේශනාකර වදාළේ සියලු සත්වයෝ දඬුවම්වීඳීමට අකැමති බවත් සියලු සත්වයන් හට අභය දානය දිය යුතු බවත්ය. සෑම බෞද්ධ සංවිධානයක්ම පාහේ මරණ දන්ඩණය අත් හල යුතු බව එක හෙලා ප්‍රකාශ කොට සිටින්නේය.

අනායාස මරණය
බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ යම් භික්ෂුවක් මරණාසන්න රෝගියකු වුවද අනායාස මරණයකට පොළඹවූයේ නම් එය බෞද්ධ විනයට එරෙහි වීමක් යනුවෙන්ය.
සම ලිංගිකත්වය

සටහන් සංස්කරණය

Buddhist ethics
"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_ආචාර_ධර්ම&oldid=589478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි