කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පිහිටා ඇති බෝගල පතල ශ්‍රී ලංකාවේ පැරණිතම මිනිරන් පතල වශයෙන් සැලකෙයි. එහි වැඩ කටයුතු 1847 වර්ෂයේ ආරම්භ කොට තිබේ. මීටර් 275 ක පමණ ගැඹුරකින් යුතු බෝගල පතල, ගැඹුර අතින් මුහුදු මට්ටමද පසු කොට තිබෙන බැව් සඳහන්ය.[1]

19 වන සියවසේ මුල් සමය තුල බෝගල කදුගැටයෙන් මිනිරන් ඉල්ලම් මතුවීමත් සමග මෙම ප්‍රදේශයේ මිනිරන් කැණීම් කර්මාන්තය ආරම්භ වූ බව පැවසෙයි. එතැන් පටන් කැණීම් සිදුකෙරුණු බෝගල පතල 1972 වසරේදී රජයට පවරා ගැනුණු අතර, එය රාජ්‍ය මිනිරන් සංස්ථාව යටතේ පාලනය කෙරුණි. පසුව රාජ්‍ය මිනිරන් සංස්ථාව, රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව බවට පත්වූ අතර, 2000 වසරේදී එවක පාලන රජය විසින් සිදුකල රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුවහගත කිරීම යටතේ එය පුද්ගලික අංශයට පවරා දෙන ලදී.[2]

ආශ්‍රිත සංස්කරණය

  1. http://www.dinamina.lk/2010/08/09/_art.asp?fn=r1008094[permanent dead link] සුප්‍රකට බෝගල පතල දෙස්-විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට පියවර
  2. http://sln-nature.blogspot.com/2014/03/history-of-bogala-graphite-mines.html බෝගල මිනිරන් පතල
"https://si.wikipedia.org/w/index.php?title=බෝගල_පතල&oldid=592756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි