මෙය බෙර , තලම්පට සහ සමහරක් අවස්ථාවන්හි ශවසීනු, චුඩ්ප්ලොක්, ට්‍රෑන්ගල්, ඒකතානය හෝ ටැමබුර්නය වැනි සාමාඝාත කාර්ය භාණ්ඩයක් තනි පුද්ගලයෙකුට වාදනය කිරීමට හැකි සේ නිර්මාණය කරන ලද්දකි.

මම එක් එක් වාද්‍ය භාණ්ඩ වාදනය කිරීම සඳහා දඬුථ බුරැසු සහ අතකොළුව වැනි විවිධ මෙවලම් භාවිතයට ගනී. සැලකිය යුතු විරැද්ධත්වයක් 2 ක් මෙහි අන්තර්ගතය. එනම් පාදය මගින් ක්‍රියාකාරනන පෙඩලය මගින් වාදනය කරන බේස් ඩ්‍රම් සහ සාමාන්‍ය වාදනය ක්‍රමයට අමතරව පාදය මගින් ක්‍රියා කරන පෙඩලයක් භාවිත කරන හයි හැට් සිම්බලයයි. අනෙකුත් වාද්‍ය භාණ්ඩ සඳහා ද, පැඩලය භාවිතා කළ හැකි වුවද, ඉහත සඳහනව් වාද්‍ය භාණ්ඩය සඳහා පැඩලි භාවිතා වන බැවින් සාමාන්‍යයන් අනෙකුත් භාණ්ඩ සඳහා පැඩලය යොදා නොගනී. බෙරවාදකයින් විසින් වාදනය කළ යුතු බෙර කට්ටලයේ අංගයන් හඳුනා ගැනීම සඳහා සාමාඝාත ස්වර් පුරැව යොදා ගනී.

විවිධ සංගීත ශෛලියන්, බෙර කට්ටලයේ විවිධ අංග විවිධාකාරයෙන් ක්‍රියාත්මක කරයි. උදාහරණයක් වශයන් රොක් සංගීතයේදී ප්‍රාථමික වාද්‍ය භාණ්ඩ ලෙස බේස් ඩ්‍රම් , හයි හැට් සහ ස්නේයාර් ඩ්‍රම් , බෙර ශබ්ධය නිර්මාණය කිරීම ‍සඳහා යොදා ගනී, ජෑස් සංගීතයේදී රයිඩ් සිම්බලය සහ හයි හැට්ස් ස්නේයාර් ඩ්‍රහ් මෙම කාර්ය සිදු කරයි.


සටහන් සංස්කරණය

| Drums |}

"https://si.wikipedia.org/w/index.php?title=බෙර_කට්ටලය&oldid=472345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි