බෙනට් රත්නායක උපන්නේ 19.... ඔක්තෝබර් 24 මාතලේදී ය. ඔහු 1978 සිට වසර කිහිපයක්ම ශ්‍රී ලංකාවේ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කළේය. පසුව ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරීය.ඔහු විවාහ වී සිටින්නේ සමන්මලී හවාපන්නා සමඟ වන අතර එම යුවළට එක් පුතකු (උදාර) සහ දියණියන් දෙදෙනෙක් සිටී (එරන්දතී සහ භාග්‍යා).

1986 දී රත්නායක ඕසී.අයි.සී විසින් මෙහෙයවන ලද කැමරාකරණ පාඨමාලාවක් කළේය. පාඨමාලාව අවසානයේදී ඔහු විනාඩි 25 ක කෙටි චිත්‍රපටයක් ‘පියවරු සහ පුත්තු’ නමින් කළේය. 1987 දී ඕසී.අයි.සී සම්මාන උළෙලේදී හොඳම අනුක්‍රමික නොවන නිර්මාණය සඳහා වූ සම්මානය මෙම කෙටි චිත්‍රපටයට හිමි විය. සම්මානයෙන් ලද විශ්වාසය නිසා 1990 ගණන් වල මුල් භාගයේ එම්ටීවී ඔස්සේ විකාශය වූ ‘තරු’ ඇතුළු බොහෝ රූපවාහිනී කතා මාලාවන් නිෂ්පාදනය කිරීමට ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී නාලිකා ඔහු වෙත යොමු කළේය.ඔහු ‘තරු, ග්‍රහණය, කළු හංසයෝ, මකර විජිතය, කඩුමුණ, පළිඟු,සහ www.com යන බොහෝ කැපී පෙනෙන රූපවාහිනී කතා මාලාවන් නිෂ්පාදනය කර ඇත. 1988 දී ඔහු ‘සයුරෙන් එහා’ නමින් කථාංග 5 කින් යුත් කතා මාලාව අධ්‍යක්ෂණය කළේය. 1994 දී ඔහු ටෙලි නාට්‍ය හා සිනමා නිර්මාණ සඳහා නිෂ්පාදන ආයතනයක් ලෙස "බෙන් ෆිල්ම්ස්" නමින් තමන්ගේම ආයතනයක් ආරම්භ කළේය.

2001 දී ඔහු ‘අස්වැසුම’ නම් ඔහුගෙ ප්‍රථම චිත්‍රපටය අධ්‍යක්ෂණ සමඟ චිත්‍රපට නිෂ්පාදකයෙකු විය. එම වසරේදී ඔහු හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සරසවිය සම්මානය දිනා ගත් අතර 34 වන හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂවරයා සඳහා වූ ප්ලැටිනම් සම්මානය දිනා ගත්තේය.දේශීය චිත්‍රපට උළෙල කිහිපයකදීම චිත්‍රපටය සම්මාන රාශියක් දිනා ගත්තේය. මෙම චිත්‍රපටය විචාරකයින්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ අතර බොම්බේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ෆිප්‍රෙසි සම්මානය දිනා ගත්හ. 2001 දී, මෙම චිත්‍රපටය මොන්ට්‍රියල් සහ ක්විබෙක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා මෙන්ම මොස්කව්, සිංගප්පූරු සහ කේරල ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා ද තෝරා ගන්නා ලදී. 2001 දී බ්‍රසීලයේ පැවති 25 වන සාන්ත පවුලෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙන්ම ඉන්දියාවේ පැවති 4 වන ජාත්‍යන්තර සිනමා උළෙලේදී තරඟකාරී අංශය සඳහා ප්‍රවේශය වශයෙන් මෙම චිත්‍රපටය තෝරා ගන්නා ලදී. 2002 දී 7 වන ඩකා චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ දොන් කුයිකෝටි සම්මානයෙන් පිදුම් ලැබූ දිනා ගන්නා ලදී. 2002 පෙබරවාරි 29 දින මෙම චිත්‍රපටය ශාන්ත ජෝස් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි පසුව 2002 ඇමරිකාවේ ටිබුරන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ද 2002 දී එම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම අධ්‍යක්ෂවරයා සඳහා ගෝල්ඩන් රීල් සම්මානය දිනා ගත්තේය.

පසුව 2005 දී ඔහු සිය දෙවන චිත්‍රපටය වූ සුලඟ අධ්‍යක්ෂණය කළ අතර එය හූස්ටන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රිදී රෙමී සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම චිත්‍රපටය කල්කටා, මොන්ට්‍රියල්, බ්‍රසීලයේ රියෝ යන ජාත්‍යන්තර සිනමා උළෙල වලදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය 2006 පැවති Pyongyang International Film Festival හි තරඟකාරී අංශය තුළ ප්‍රදර්ශනය කිරීමට තෝරා ගන්නා ලදී. එම කාලයෙම රත්නායක මහතා රූපවාහිනී කතාමාලා දෙකක්  සුධීර සහ සඳ සක්මන නිපදවිය.


2010 දී තිරගත කල ‘ඉර හඳ යට’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එය 23 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තිරගත වූ අතර රිදී තිර සම්මානය සඳහා ද නිර්දේශ විය. මෙම චිත්‍රපටය 2010 ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ‘ගෞරවනීය’ සම්මානය දිනා ගත්තේය. ඔහු එම චිත්‍රපටයෙන් තම පුත්‍රයා වන උදාරව මෙරට සිනමාවට හඳුන්වා දුන්නේය.ඉතාලියේ ඉඩෙන්ටිටා චිත්‍රපට උළෙලේ මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. 2013 දී මෙම චිත්‍රපටය ෆීජි චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

ඔහු 2013 දී ‘සත් ඉම’ නමින් චිත්‍රපටයක් කිරීමට උත්සාහ කළේය. බාධා කිහිපයක් හේතුවෙන් චිත්‍රපටය අවසන් කිරීමට නොහැකි විය. ඉතින් රත්නායක වසර ගණනාවක් තිගැස්සුණු මනෝභාවයක සිටි ඔහු 2016 දී ‘නෙලා’ චිත්‍රපටය නිපදවිය. බෙනීටෝ ෆෙරෝස් ගල්ඩෝස් විසින් රචිත "මරියානැල්ල" නවකතාව පදනම් කරගෙන ඉන්ද්‍රාණි රත්නසේකර මහත්මියගේ සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද "නෙලා" නවකතාව පදනම් කරගෙන ඔහු චිත්‍රපටය නිර්මාණය කර ඇත. කෙසේ වෙතත්, ඔහු 2018 චිත්‍රපටය තිරගත වන තෙක් වසර එකහමාරක් පමණ බලා සිටින්නට විය.

රත්නායක රන් කෙවිට 1 , රන් කෙවිට 2, අස්වැසුම සහ රාජ්‍ය සේවය පිනිසයි ඇතුළු චිත්‍රපට කිහිපයකම රංඟනයෙන් දායකව ඇත.2012 දී ඔහු රෝමියෝ සහ ඩැන්ටේ නම් රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කළේය. 2017 ඉන්දියාවේ පූනේහි 15 වන ජාත්‍යන්තර සිනමා උළෙලේ (IFFI) ජූරි මණ්ඩලයේ සාමාජිකයකු වීමටද රත්නායක මහතාට අවස්තාව හිමි විය. 2019 දී ඔහු ‘පලිංගු පියපත්’ රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කලහ.

‘කවුරුවත් දන්නෙ නෑ’ මෙතුමාගෙ පැමිණීමට නියමිත සිනමා සිත්තමයි.

"https://si.wikipedia.org/w/index.php?title=බෙනට්_රත්නායක&oldid=488043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි